සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමා ඕනම පුද්ගලයෙක්ගේ පෞද්ගලික තොරතුරු ගැන හොයල බලන්න පොලීසියකට වරෙන්තුවක් ඕනෑය කියන කාරණය. ඒත් මෑතකදී නිරාවරණය උන අධිකරණ ලියකියවිල්ලක් මගින් හෙලි වෙලා තියෙන දෙයක් තමයි යම්කිසි පුද්ගලයකු ගැන කරන පරීක්ෂණයකදී පරීක්ෂකයන් හට personal data ලබාගැනීමේදී reverse order එකක් මගින් අදාල keyword එක search කරපු කෙනා ගැන විස්තර ගන්නවා වෙනුවට Google සමාගමෙන් ඒ specific keyword එක search කරපු හැම කෙනෙක්ම ගැනම විස්තර අරගන්න හැකියාව තියෙන බව.

පසුගිය අගෝස්තු මාසයේදී, ඇමෙරිකාවේ ෆ්ලොරිඩා පොලීසිය විසින් sex offending සම්බන්ධයෙන් චෝදනාවට ලක් වෙලා ඉන්න ප්‍රසිද්ධ ගායකයෙක් වෙන R. Kelly ගේ සහයකයෙක් වෙන Micheal Williams නමැත්තෙක් අත්අඩංගුවට ගත්තා, ඊට හේතුව උනේ R. Kelly ට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෙකුගේ මෝටර් රථයකට ගිනි තැබීමයි. ඉතින් මෑ ගැන පරික්ෂණ කරලා ඒක ඔප්පු කරන්න ෆ්ලොරිඩා පොලීසිය විසින් සිදු කරේ ඒ ගිනි තිබ්බ වාහනය නවතා තිබුනු තැන ගැන location search කරලා තියෙන පුද්ගලයන් ගැන Google සමාගමෙන් තොරතුරු ඉල්ලා ගැනීමට reverse order එකක් ලබා ගැනීමයි.

ඉතින් ඒ නඩුවට පස්සේ අදාල court documents unseal කරගෙන ඒ ගැන වාර්තා කරේ ඩෙට්රොයිට් වල news reporter කෙනෙක්.

ඒ ලියකියවිලි මගින් අනාවරණය උනේ ඒ address එක search කරලා තිබ්බ අයගේ විස්තරයි. Google සමාගම විසින් ඒ සියල්ලන්ගේම IP addresses සඳහන් කරලා තියෙනවා. ඒ හරහායි ඔවුන් සැකකරුව තහවුරු කරගෙන තියෙන්නේ.

ඉතින් මේ විදිහට keywords search warrants යොදාගැනීම පිලිබදව තවත් විස්තර එම වාර්තාකරු වාර්තා කරලා තියෙනවා. කෙසේ නමුත් මේ විදිහට දත්ත ලබා ගැනීමට නීතිය මගින් හැකියාවක් නෑ කියලා විචාරකයන් පෙන්වල දෙනවා.

“his 'keyword warrant' evades the Fourth Amendment checks on police surveillance, When a court authorizes a data dump of every person who searched for a specific term or address, it's likely unconstitutional.” - Albert Fox Cahn, the executive director of the Surveillance Technology Oversight Project.

ඉතින් මේ වගේ වාතාවරණයකදී පසුගිය දිනක Google සමාගම ප්‍රකාශ කලේ නීත්යානුකූල අවශ්‍යතා සපුරන ගමන් ම පරිශීලකයන්ගේ සුරක්ෂිතභාවයත් ආරක්ෂා කර ගැනීමටත් ඇප කැප වන බවයි.

“We require a warrant and push to narrow the scope of these particular demands when overly broad, including by objecting in court when appropriate, These data demands represent less than 1% of total warrants and a small fraction of the overall legal demands for user data that we currently receive.” - Richard Salgado, Google's director of law enforcement and information security.

කෙසේ වෙතත් මේඑ ආකාරයෙන් කී වතාවක් search warrants පසුගිය අවුරුදු තුන තිස්සේ ලැබුණාද කියන ප්‍රශ්නයට උත්තර දෙන එක Google සමාගම ප්‍රතිකේෂ්ප කලා.

මේ reverse search warrants ඇමෙරිකාව පුරාවටම මේ වෙද්දී අභියෝගයට ලක් වෙමින් තියෙනවා. ප්‍රධානම චෝදනාව තමා මේ තුලින් මානව අයිතිවාසිකම් කඩ වෙනවා කියන දේ. දැනටමත් මෙය නීතී විරෝධී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කරන්න යෝජනා ඇවිත් තියෙනවා.

ඉතින් මේ ගැන හඬක් නගන්නට අර කලින් සඳහන කරපු නඩුවේ චූදිත පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි Todd Spodek නම් නීතිඥවරයා කටයුතු කලා.

"Think of the ramifications in the future if everyone who searched something in the privacy of their own home was subject to interviews by federal agents. Someone could be interested in how people die a certain way or how drug deals are done, and it could be misconstrued or used improperly." - Todd Spodek.

ඉතින් මේ වගේ සිද්ධි දාමයක් ඇමෙරිකාවෙ සිද්ද වෙද්දී, මේ වගේ warrants වලට එකඟ වීම සම්බන්ධයෙන් Google සමාගමටත් චෝදනා එල්ල වෙනවා.

මින් ඉදිරියට මොකක් සිදු වෙයිද? මේ සම්බන්ධයෙන් නැගෙන හඬ පුලුල් වෙයිද? නැත්තන් හිමීට යටපත් වෙයිද? කාට කොහොම උනත් උදේ ඉදන් රෑ වෙනකන් එක පාරක් හරි Google search එකක් කරන පරිශීලක අපිට නම් මේ පටන් ගැන්මේ අවසානය තෙක් යුහුසුලුව බලන් ඉන්න සිදුවේවි.

Sources: CNET, News Break