Loading...
Android සඳහා Google Lens Offline translation සහය ලබා දීමට Google සමාගම විසින් කටයුතු කරයි

2017 දි Google සමාගම විසින් ඔවුන්ගේ Google Lens හදුන්වා දුන් අතර මුල් සමයේදි මෙය Pixel Smart Phonesවලට පමණක් සිමා වුණා. ඉන් ලබා ගත් ප්‍රගතිය මත 2018 සියලු Android Devices සදහා ද Google Lens හදුන්වා දෙනු ලැබුවා.

Google I/O 2017හිදී ප්‍රථම වරට Google Lens හඳුන්වා දීම
Google Lens භාවිතා කරමින් translate කරගන්නා ආකාරය

Google Lens එකෙහි ඇති Feature එකක් වෙන Translation Feature එක මෙතෙක් ක්‍රියාත්මක වුයේ අන්තර්ජාල සබඳතාවය ඇති විට පමණයි. එමෙන්ම මේ වන විට ඔවුන් විසින් මේ Feature එක අන්තර්ජාල සමබදතාව නොමැති විට වුවද භාවිත කිරිමට හැකියාව දැන් ලබා දි තිබෙනවා.

ඒ වගේම මේ වන විට Google Lens සදහා Features රැසක් හඳුන්වා දි තිබෙනවා. ඒවා ලෙස Handwritten texts, Copy the scanned text, Solve maths හා Science questions ආදිය දක්වන්න පුළුවන්. ඒ වගේම මේ වන විට මෙය මිලියන 500ක Download ප්‍රමාණය වෙත ලබා වි තිබෙනවා.

Source : Gizmochina