Loading...
රෝද පුටු භාවිතා කරන්නන්ට පහසුකම් සපයන ස්ථාන පෙන්වීමට Google Maps වෙතින් නව පහසුකම් සපයයි

ලෝකයේ මිලියන 130 කට අදික පිරිසක් රෝද පුටු බාවිතා කරනවා. ඒ විතරක් නෙමේ පඩිපෙල් නගින්න බහින්න අමාරු අයත් ගොඩ දෙනෙක් ඉන්න හින්දා මේ feature එක ගොඩ දෙනෙක්ට වටීවී. මොකද ඒගොල්ලන්ට Accessible ද නැද්ද කියලා කලින්ම බලාගෙන යන්න පුළුවන් නේ.

අපිට දැන් පුළුවන් “Accessible Places” on කරන්න. කරහම වෙන්නෙ අපි search කරලා යන්න හිතන් ඉන්න තැනක් තියෙනවා නම් පොඩි රෝද පුටුවක icon එහෙකින් එතන රෝද පුටු වලින් එන අයට පහසු කම් තියෙනවද කියලා කියනවා ඒ විතරක් නෙමේ පහසුකම් නැත්තම් ඒකත් පෙන්නවා.

මේක launch කරන්නෙ 2020 May 21 වෙනිදා Global Accessibility Awareness Day එකේදි. Google ලා කියලා තියෙනවා තැන් මිලියන 15 ක විතර info එගොල්ලෝ ගාව තියෙනවා කියලා, 2017 ඉදලා කට්ටිය local information දුන්න හින්දා.

මේක activate කරන්නෙ කොහොමද

තමන්ගේ Phone එකේ Google Maps app එක updated නම් latest version එකට මේ option එක ඕගොල්ලන්ට settings වල හොයාගන්න පුළුවන්.