Loading...
Landscape සහ Streets සඳහා නව වර්ණ සහ විස්තර ඇතුලත් කරමින් Google Maps update කරයි

Google Maps එය භාවිතා කරන්නන්ට සවිස්තරාත්මක විස්තරයක් ලබා ගත හැකි වන පරිදි නව වර්ණවත් සිතියමක් දැනට පවතින සිතියම වෙනුවට ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මේ තුලින් වෙනස් වෙනස් භුමි දර්ශන පිළිබඳව භාවිතා කරන්නාට හොද අවබොධයක් ගැනිමට හැකි වන බවයි.

Google සමාගම විසින් මේ Update එක ගැන මේ ආකාරයට ඔවුන්ගේ Blog අඩවියේ දක්වා තිබෙනවා.

With this update, Google Maps has one of the most comprehensive views of natural features of any major map app — with availability in all 220 countries and territories that Google Maps supports. That’s coverage for over 100M square kilometers of land, or 18 billion football fields!

මේ Update එක Google සිතියම මගින් ස්වාභාවික භුමි දර්ශනය පිළිබඳව ඉතා හොද අවබොධයක් ලබා ගැනිමට හැකි වන බව නිසකැයි. ඒ වගේම අද වන විට Google Map රටවල් 220ක් සදහා භාවිත කල හැකි වන අතරම වර්ග කිලෝමීටර් මිලියන 100කට වැඩ් භුමි ප්‍රමාණයක් මේ මගින් ආවරණය කර තිබෙනවා.

Google සමාගමට අනුව මේ අලුත් Colors භාවිත කිරිම මගින් Google Map එකේ ඇති ශුෂ්ක ප්‍රදේශ, අයිස් සහිත ප්‍රදේශ, වනාන්තර හා කදුකර ප්‍රදේශ ඇතුලු පෘථිවිය මත පවතින විවිධ භු ලක්ෂණ ඉතා පහසුවෙන් හදුනා ගැනිමට හැකි වෙනවා. මේ නව Colors සියල්ල HSV වර්ණ ආකෘතියට අනුව වර්ණගන්වා ඇති අතර ඒ මගින් වනාන්තර, පදුරැ හා වෙනත් බොහෝ භු ලක්ෂණ පහසුවෙන් හදුනා ගැනිමේ හැකියාව ලැබෙනවා.

මේ අලුත් Colors සමගින් පැමිණෙන නව Google Map Redesign එකේදි අපිට පහත රැපවල දැක්වෙන අකාරයේ ඉතා පැහැදිලි භු දර්ශනයක් හදුනා ගැනිමේ හැකියාව ලැබෙනවා.

Google’s caption: “Iceland’s rich landscape is now much easier to visualize. You can see the varying densities of greenery throughout the country and more easily spot Vatnajökull–the largest ice cap in Iceland, which is now depicted in white.”
“Morocco’s greenery pops, so you quickly get a sense of the vegetation that lines its coast and the northern part of the country.”
“Zoom out on Mt. Rainier National Park to see its mountainous ridges, white snowcap, and vegetation surrounding the area. The borders of the national park are more clearly defined with a darker shade of green.”
“You can clearly make out the beaches and greenery that line Croatia’s coast and nearby islands, like Hvar.”
“Panning over Sedona, Arizona accurately reflects its desert landscape and more clearly displays where Red Rock State Park is located.”

මේ Redesign කිරිම තුලින් වර්තමානයට ගැල⁣පෙන ලෙස Google Map එක Update කිරිමත් සිදු කර තිබෙනවා. ඒ තුලින් ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරබද ප්‍රදේශ දක්වා මේ සිතියම් Update කිරිම සිදු කර තිබෙනවා. ඒ වගේම මේ සියල්ලේ පරිමාණ නිවරදි කිරිමත් , මාර්ගවල හැඩ ආදිය නිවරදිව ඇතුලත් කිරිමත් සිදු කර තිබෙනවා.

එමෙන්ම මේ Update එක හරහා පදික වේදිකා , පදික මාරැවිම්ද පවතින ස්ථාන පැහැදිලිව දැක ගැනිමේ පහසුකමත් එක් කර තිබෙනවා.

මෙලෙස නව Colors සමගින් පැමිණෙන Redesign විම මේ සතියෙන් පසු බාවිතා කිරිමට ලබා දෙන බව Google සමාගම පවසනවා.

Sources - XDA Developers, Google