Loading...
Apple සමාග​ම විසි​න් search engine එකක් නිර්මාණ​ය කිරී​ම වැළැක්වීමට Google සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් ගෙවන බව හෙලි​වේ

Apple සමාගමේ උපාංග සමඟින් ලබාදෙන Safari නම් web browser එකේ default search engine එක වශයෙන් Google search engine එක පවත්වාගෙන යාම සඳහා Google සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් ගෙවන බව ලොව ප්‍රකට කාරණාවකි. එසේ නොකරන්නට iPhones භාවිතා කරන ලොව මිලියන ගණනක පරිශීලකයන් ප්‍රමාණයක් Google සමාගමට අහිමිවී යනු ලබ අතර, ඒ හරහා දැන්වීම් මගින් ලැබෙන ආදායමද විශාල ප්‍රමාණයකින් එකවරම පහත වැටීමේ අවදානමක් Google සමාගමට පවතී.

මේ වන විට විභාග වෙමින් පවතින antitrust නඩු විභාගයක විමර්ශනයන් තුලින් හෙලිවී ඇත්තේ Google සමාගම විසින් තම වෙළඳපල කොටස රඳවා ගැනීම සඳහා සිදු කරන නින්දිත ක්‍රියාවකි. එහිදී හෙලිවී ඇත්තේ Google සමාගම සහ Apple සමාගම විසින් antitrust නීතීන් කඩ කරමින් රහස් ගිවිසුමක​ට එළඹ ඇති අතර එම ගිවිසුමෙන් Apple සමාගම search engine එකක් නිර්මාණය නොකර සිටීම සඳහා එකග වී ඇති අතර ඒ සඳහා Google සමාගම විසින් ඩොලර් බිලියන ගණනක් Apple සමාගම වෙත ගෙවා ඇත.

Google CEO Sundar Pichai සහ Apple CEO Tim Cook අවන්හලකදී හමුවී සාකච්චා කරන ආකරය කැමරාවක සටහන් වූ ආකාරය.
ඉහතින් දැක්වූ චායාරූපයෙම වෙනත් ආනතියකින් ලබා ගත් චායාරූපයක්

මෙහිදී සරලවම සිදුවන්නේ Apple සමාගම විසින් search engine එකක් නිර්මාණය කර නොසිටීම වෙනුවෙන් Google සමාගමෙන් මුදල් ලබාගැනීම සහ Google සමාගම විසින් තම වෙළඳපල ඒකාධිකාරය රැකගැනීම සඳහා සහ තවත් search engine එකක් සමඟින් තරඟයකට ඉදිරිපත් වීම වෙනුවට බිලියන ගණන් ගෙවා සිටීමයි.

සැබැවින්ම Google සමාගමට සහ Apple සමාගමට මෙය බෙහෙවින් ලාභදායක ක්‍රියාවලියක් වූවත් ඇමරිකා එක්සත් ජනපදයේ පවතින නීතීන්ට අනුව non-compete agreement (තරඟයක් වැලැක්වීම සඳහා එළඹෙන ගිවිසුම්) වලට එළඹීම තහනම් වන අතර Google සහ Apple සමාගම අතර ඇති මෙම ගිවිසුම සහ Apple උපාංග වල default search engine එක ලෙස Google එක යොදා ගැනීම සඳහා එළඹ ඇති ගිවිසුම අහෝසි කිරීමට අදාලව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාල නීති ආයතනයන් විසින් අධ්‍යයනය කරමින් සිටී.

මේ සඳහා වන තීරණය ලබා දෙන දිනය පිළිබඳව පැහැදිලි තොරතුරක් හෝ ප්‍රකාශයක් මේ වනතුරුත් ලැබී නැති අතර Google සමාගම හෝ Apple සමාගම විසින් මේ පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

Sources: Apple Insider, Macrumors,