Loading...
Google Pixel 5 Official Renders සහ Specifications Leak වෙයි

හරියටම තව සතියක් වගේ කාලයකින් (සැප්තැම්බර් 30) Google සමාගම Google Pixel 4a 5G device එකත් එක්කම Google Pixel 5 එකත් release කරන්න schedule කරලා තියෙනවා. ඉතින් මේ devices වල U.S. starting prices ගැන Google සමාගම විසින්ම tease කරා. ඉතින් මේ වෙද්දී මේකේ leaks ගොඩක් තිබුනත් WinFuture.de ලා විසින් වැදගත් specifications සියල්ල ම එක්ක clear first look එකක් ලබා දීලා තියෙනවා.

ඔයා දැනටමත් දන්නවා ඇති මේ device එකේ පෙනුම ගොඩක් වෙලාවට Google ලගෙ mid-range device එකක් වෙන Pixel 4a device එකට බෙහෙවින් සමාන වෙනවා. ඒකෙන් කියවෙන්නේ මේ device එකේ වම් පැත්තෙ උඩින් punch-hole cut-out එකක් එක්ක bezel-less screen එකක් feature කරනවා. මේ device එකේ පිටිපස්සෙන් square camera module එකක් සහ ඊට අමතරව capacitive fingerprint sensor එකක් feature කරනවා.

Specs ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම camera ගැන කතා කරමු. මොකද Google සමාගම customer feedback වලට ඇහුම් කන් දීලා තියෙන නිසා. කලින් අවුරුද්ද වගේම මෙ පාරත් Pixel 5ට තියෙන්නේ 12.2 MP primary camera එකක්. ඒත් telephoto එකක් වෙනුවට ultra-wide camera එකක් මේ පාර ලැබිලා තියෙනවා. ඔව් මේ පාර ඔයාට 107-degree FOV එකක් සහ f/2.2 aperture එකක් තියෙන 16MP ultra-wide camera එකක් දැකගන්න පුලුවන්.

තව දුරටත් ඔවුන් වාර්තා කරන විදිහට 60 FPS frame rate එකක් යටතේ 4K වගේම 240 FPS frame rate එකක් යටතේ 1080p video recording පහසුකම් මේ device එක හරහා ලැබෙනවා. Punch hole එක ගැන කතා කරද්දී කලින් තිබුන 90 degree FOV එක වෙනුවට 83 degree FOV එකක් එක්ක එන 8MP selfie camera එකක් feature වෙනවා.

අප අවධානය device එකේ ඉදිරිපසට දුන්නොත් Pixel 5 device එකට 90Hz refresh rate එකක් එක්ක 6-inch Full-HD+ (2340 x 1080) OLED panel එකක් feature කරනවා. ඒ වගේම මේ display එක 19.5:9 ක aspect ratio එකක්, 432 PPI pixel density එකක් වගේම HDR support එකත් feature කරනවා. ඊට අමතරව narrow bottom bezel එකක් තමයි මේ device එකට තියෙන්නේ. Display එක ගැන තව කතා කරොත් Gorilla Glass 6 එකකින් තමයි මේක protect වෙන්නේ.

අපි දැනටමත් දන්නවා Pixel 5 device එක power වෙන්නේ Snapdragon 765G chipset එකකින් කියලා. ඉතින් මේක WinFuture.de ලත් ඔවුන්ගේ වාර්තාවෙන් confirm කරලා තියෙනවා. sub-6GHz 5G network support එකක් එක්ක 8GB RAM එකක් සහ 128GB built-in storage එකක් මේ device එකට feature වෙනවා.

තව දුරටත් Pixel 5 එක ගැන කතා කරද්දී, මේක equip වෙන්නේ 4,080mAh battery එකක් සහ USB Type-C port එකක් එක්ක එන 18W fast-charging facility එක එක්කයි. ඒ වගේම dual-band Gigabit Wi-Fi, NFC, Bluetooth 5.0 වගේ round up connectivity options feature වෙනවා.

මේකේ pricing ගැන කතා කරද්දී, කලින් leak එකකින් suggest උන දෙයක් තමා Pixel 4a එක යුරෝ 487 කින් පටන් ගන්න අතරේ Pixel 5 එක යුරෝ 629කින් පටන් ගන්නවා කියන දේ. ඒ වගේම Google සමාගම ඔවුන්ගේ අනෙකුත් product කීපයක් වන Google Chromecast with Google TV dongle, අලුත් speaker system වගේම තව products කීපයක් unveil කිරීමට බලාපොරොත්තු වෙනවා.

Sources: GSMArena, The Verge, Android Authority