Loading...
Pixel දුරකතන සඳහා වන Google Recorder app එක සඳහා cloud backup සහ web app පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරයි

Google Recorder කියන්නේ Pixel 4 Smart Phone එකත් සමග හදුන්වා දුන් ඉතාමත් වැදගත් Sound Recoding App එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. මේ වන විට මේ Recorder App එක සදහා Recordings Cloud Backup කිරිමේ පහසුකම හා එලෙස Backup කරන ලද Recordings සදහා Online Access කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.

Google Recorder Version 2.2 Update එකත් සමග මේ පහසුකම ලබා ගැනිමට හැකියාව ලැබෙනවා. මෙහිදි ඔබ පළමු වතාවට Update එකෙන් පසුව App එක Lunch කරන අවස්ථාවේදි Pop-Up එකක් මගින් ඔබගේ Recoding Backup කිරිමට අවශ්‍ය දැයි විමසිමක් සිදු කරනවා. ඒ වගේම මෙහිදි Backup කිරිමට අවශ්‍ය Google Account එක වගේම Recoding Offline තැබිම හෝ Backup කිරිම තෝරා ගැනිමට සිදු වෙනවා.

ඒ වගේම ඔබ Backup කිරිම Enable කර පවතිනවා නම් ඔබට recorder.google.com වෙබි පිටුවට පිවිසිමේ හැකියාව ලැබෙනවා. මේ වෙබ් පිටුව මගින් ඔබ Upload කරන ලද Recordings ඇසිම හෝ නැවත Download කර ගැනිමට හැකි වෙනවා. ඒ වගේම මේ වෙබ් පිටුව ඔස්සේ ඔබට අවශ්‍ය කරන Recordings Share කර ගැනිමේ පහසුකම ද ලබා දි තිබෙනවා. ඒ Shareable Links මගින්.

තවමත් මේ Update එක Pixel Devices සදහා පමණක් ලබා දි තිබුණද ඉදිරියේදි වෙනත් Android Devices සදහාත් Recoding Backup පහසුකම ලැබෙනු ඇත.

Source: MobileSyrup, 9to5Google, Xda Developers