Loading...
Google Pixel දුරකථන සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ Whitechapel chipset එක Google Tensor නමින් එලිදක්වයි

Pixel 6 series එක හා ඉන්පසුව පැමිණෙන Pixel දුරකථන සඳහා Google සමාගම විසින්ම නිර්මාණය කරන Google Tensor නමින් Chip එකක් යොදා ගන්නා බවට කරුණු අනාවරණය වුණා. ඉතින් මෙම වසර අගභාගයේ දී තමයි Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Google Pixel 6 Series එක එළිදැක්වීමට බලාපොරොත්තු වෙන්නෙ.

අපි බලමු මොකක්ද මේ Google සමාගම විසින් අලුතින්ම හඳුන්වා දෙන්න යන "Google Tensor Chip" එක කියන්නෙ කියලා.

Google Silicon 101 (GS101) හෙවත් “Google Tensor”

ඔයාලා දන්නවා ඇති බොහෝ කාලයක් Pixel දුරකථන සඳහා යොදාගත්තෙ Qualcommලගෙ Snapdragon Chips කියලා. ඔන්න ඉතින් මේ පාර එන Pixel 6 series එකත් එක්ක ඒක වෙනස් වෙන්න තමයි යන්නෙ. ඒ Google සමාගම Samsung සමාගම හා එක්ව Co-Design කල අලුත්ම Chip එක වන "Google Tensor" ගැන අනාවරණය කිරීමත් සමඟයි.

මේක 8 Core, 5nm, ARM මගින් බලගැන්වෙන Chip එකක්. "Whitechapel" කියන Codename එකෙන් තමයි මුලින්ම මේක හැඳින්වුනේ Google සමාගම Samsung සමඟ එක්ව මෙම Chip එක Develop කරන මුල් කාලෙදි.

මේක අන්තර්ජාලය තුලදි දැකගන්නට ලැබුනෙ "GS 101" විදිහට. GS යන්නෙන් "Google Silicon" ලෙසත් 101 යන්නෙන් Googleහී ප්‍රථම Chip එක ලෙසත් අදහස් වෙනවා. කොහොම නමුත් Samsung එක්ක එකතු වෙලා Co-Design කරපු නිසා අපට හිතන්න පුලුවන් Tensor Chips වලට Samsungලගෙ ARM Exynos Chips වලට ඇති සමහර ලක්ෂණ ලැබෙයි කියලා.

"Tensor" කියන්නෙ Machine Learning වලදි යොදා ගන්නා වැදගත් ගණිත යෙදුමකි. Pixel 6 Series එකේදි ලබා දීමට නියමිත AI විශේෂාංගවල හැටියට Google ඔවුන්ගේ අලුත්ම Chips සඳහා මෙවැනි නාමයක් යොදාගැනීම පුදුමයක් නෙමෙයි. උදාහරණයක් ලෙස, Google විසින් සිය Tensor චිප් එක HDR වැනි පරිගණකමය ඡායාරූපකරණ ආකෘති ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කර ඇත.

The Verge වෙබ් අඩවියට අනුව Tensor චිප් එක තුළ ඇති Tensor Processing Unit (Tensor සැකසුම් ඒකකය) - (TPU) එක මඟින් Video එකක සෑම Frame එකකටම HDRNet Run කරවීමේ හැකියාව ලබාදෙන අතර එය 4K 30fps දක්වා වේ. ප්‍රධාන කැමරාව මඟින් Photos කිහිපයක් එකවර එක HDR photo එකකට එක්රැස් කිරීමෙන් හා Ultra Wide-angle කැමරාව මඟින් ලබා ගන්නා ලද photos වලින් details ලබා ගැනීම තුලින් Photos වල බොඳ වීම (blurriness) එක අඩු කිරීමට ද උපකාර කරයි.

තවද Main Cam එක මඟින් Scenes (දර්ශන) ලබා ගැනීම හා වර්ණ ග්‍රහණය කර ගන්නා අතරතුරදී Ultra wide-angle Cameraව වැඩි වේගයකින් Photos Shoot කිරීමේදී වැඩි Details ප්‍රමාණයක් Capture කර ගැනීමටද මෙම Tensor Chip එක හරහා ඉඩ සලසයි.

Pixel දුරකථන වලින් ලබා ගන්නා Photos වඩා ආකර්ෂණීය කිරීම සඳහා Google සමාගම සැමවිටම සිය AI ප්‍රයෝග භාවිතා කරන බව අප දන්නවා. නමුත් දැන් Pixel Device වල ඇති AI විශේෂාංග සඳහා වැඩි බලයක් ලබා ගැනීම සඳහා ඔවුන් විසින් Tensor Chip එකද යොදාගෙන තිබෙනවා.

Google සමාගම පවසන්නේ Google Tensor චිප් එක මඟින් Voice recognition, Translate (පරිවර්තනය කිරීම), සිරස්තල ගැන්වීම (Captions) යන විශේෂාංග වලදී විශාල සහයක් ලබා දී ඇති බවයි. Washington Post පුවත්පතට අනුව, Pixel 6 දුරකථනය මඟින් “ඔබ වෙනත් භාෂාවක අන්තර්ගතයක් නරඹන විට හෝ සවන් දෙන විටදී සජීවීව පරිවර්‍තනය කරන ලද (Live Translated) සිරස්තල (Captions) උත්පාදනය කිරීමට” හැකියාව පවතින බවට වාර්තා වේ.

ඉහත තොරතුරු අනුව අපට පෙනීයන්නේ Google සමාගම තම Tensor Chip එක Al විශේෂාංග මූලික කරගෙනම නිර්මාණය කල එකක් බවයි.

Sources: Google Blog, The Verge & The Washington Post