Loading...
Google වෙත විශේෂිත Exynos chip එකක් නිර්මාණයට Samsung

මේ වෙනකොටත් හැමෝම වගේ දන්න දෙයක් තමා Samsung ලා විසින් Custom Exynos Chip Set එකක් නිර්මාණය කරන බව Google Next Flagship Device වලට. මේ SOC එක ගොඩක්ම දැනට ආරංචි විදිහට Based වෙලා නිර්මාණය වෙන්නෙ Samsung ලාගේ 2021 දි පැමිණීමට නියමිත Exynos 5nm LPE SOC එකෙහි ආකාරයට.

මේ නිර්මාණය Chip Set එක Exynos SOC වලට අලුත්ම අඩිතාලමක් තියයි කියලා දැනට විශ්වාස කරන්න පුලුවන් මොකද කිව්වොත් මෙතෙක් කල් පාවිච්චි උන Custom Mongoose Cores වෙනුවට ARM Cores භාවිතා කරන්න යන බව දැනට ආරංචි වෙනවා. Exynos 5nm SOC එකට භාවිතා වෙන්නෙ ( 2x Cortex A78 / 2x Cortex A76 / 4x Cortex A55 ) ආකාරයටය.

මේ ආකාරයට Full ARM Cores Exynos Chipset එකකට භාවිතා වෙන්නෙ අවුරුදු ගානකට පසුවයි. Exynos SOC වලින් මෙතෙක් කල් මුහුන දුන් ගැටලු රාශියක් Mongoose Cores ඉවත් වීම හරහා විසදිය හැකි බවට දැනටමත් විචාරකයන් අදහස් පල කර තිබෙනවා. ගොඩක් දුරට මේ හා සමානව Google ලට නිපදවන Custom Chip Set එකද බලා ගන්න පුලුවන් වේවි. (මෙය 5nm SOC එකක්ද කියලා තවමත් සදහන් කරලා නැහැ කොහොම උනත් ඉදිරියේදි තවත් තොරතුරු ලැබුන පසු මේ ගැන දැනුවත් කරන්නම්) ඒ වගේම මේ Custom SOC එකට Google Pixel Visual Cores ඇතුලත් වන බවද සදහන් කර තිබෙනවා.

Google සමාගම Exynos වලට මාරු වෙන්න ගොඩක්ම හේතුව වෙලා තිබෙන්නේ Snapdragon SOC වල තිබෙන අදික පිරිවැය නිසා. Exynos වලට මාරු වීම හරහා Cost එක Cover කර ගැනීමේ හැකියාව තිබෙනවා. Samsung ලාගේ දීගුකාලීන Plan එක්ක විදිහට තිබුන Worlds Biggest System Semi Conductor Company වීමේ බලාපොරොත්තුව ඉදිරියට ගෙනයැමට Googleලා විසින් මේ ගන්නා ලැබු අලුත් පියවර ගොඩක් ඉවහල් වේවි කියලා විශ්වාස කරන්න පුලුවන්.

කෙසේ වුවත් තවමත් Note 20/Note 11 වලට භාවිතා වන SOC එක ගැන හරි අදහසක් දක්වන්න අමාරුයි. ඒ ගැනත් ඉදිරියේදි හැදින්වීමක් කරන්නම්.