Apple සමාගම විසින් මේ වෙන තුරැ Game Streaming Services iPhone හා iPad වෙත ගෙන ඒමට iOS App එකක් හෝ ලබා දිමට Game Streaming Providersලා වෙත අවස්ථාව ලබා දි නොමැති වෙනවා. එබැවින් ඔවුන් iPhone හා iPad වෙත Game Streaming Services ගෙන එන්නේ iPhone හෝ iPadවල Web Browser හරහායි.
Google Stadia කියන්නේ මිට වසරකට පමණ හදුන්වා දුන් Game Streaming Service එකක් වෙනවා. Google Stadia Game Streaming Service එකේ නිල Twitter ගිණුම ඔස්සේ ඔවුන් විසින් මේ වන විට නිල වශයෙන් Apple Devices සදහා Google Stadia Game Streaming Service එක ලබා දුන් බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Stadia is now available on iOS devices! Yes, you read that right. Starting today, you can sign into https://t.co/AoYhdVnzGu on your Safari iOS browser and begin playing your favorite games. Try it for yourself today! pic.twitter.com/iQhoAu8NtX
— Stadia (@GoogleStadia) December 16, 2020
Google Stadia Game Streaming Service එක වෙතට ප්‍රවේශ විමට නම් Apple Device එකේ Safari Web Browser එක මගින් Stadia නිල වෙබ් අඩවියට පිවිසිය යුතු වෙනවා. ඉන් පසු ඔබේ Google Account එක මගින් Sign විමෙන් Stadia Game Streaming Service එක වෙතට පිවිසිය හැකි වෙනවා. ඒ වගේම Stadia Game Streaming Service එක වෙතට පිවිසිම පහසු කිරිමට Device එකේ Home Screen එකට Web App Shortcut එකක් එක් කිරිමටද හැකියාව ලබා දි තිබෙනවා.
Google Stadia Game Streaming Service එක දක්වන අකාරයට iOS Devices සමග Official Stadia Controller එක වගේම DualShock 4 හා Xbox One Controllers ක්‍රියා කරන බව දක්වන්න පුළුවන්. මේ Controllers සියල්ල Apple Devices සමග Blutooth මගින් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබට Controller එකක් නොමැති නම් Touch Gamepad Feature එක භාවිත කර Game Play කල හැකි වෙනවා.
Sources : Gizmochina