Google සමාගම සලකන විට මේ වන විට ලොව පවතින ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකිය හැකිවේ. නව තාක්ෂණයන් බොහෝමයක් පසුගිය වසර තුළ දී මෙන්ම මේ වන තෙක් ඔවුන් ගමන් කළ ගමන් මග තුළ ලොවට ලබාදී අතර ඒ අතරින් ඔවුන්ගේ සේවාවන් පරිශීලකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ එම යෙදවුම් මගින් පරිශීලකයන් හට ප්රතිලාභ විශාල ප්‍රමාණයක් ලබාදෙන බැවිනි.

මෙලෙස ඔවුන් විසින් ලබාදෙන සේවාවන් අතරින් Google Voice පහසුකම අපගේ රට තුළ වඩා ජනප්‍රිය නොමැති වූවත් අනෙකුත් රටවල් වල පරිශීලකයන් විසින් නිරන්තරයෙන් භාවිතා කරනු ලබන යෙදවුමක් බවට පත්වී හමාරය.
Google Voice කියන්නේ මොකක්ද සහ Spam Calls හඳුනාගන්නා ආකාරය.

Google Voice ලෙස හඳුන්වන්නේ පරිශීලකයන් සඳහා වෙනත් පාර්ශවයන් සමග සම්බන්ධතා සහ සන්නිවේදනයන් සිදු කිරීමට අවස්ථාව උදාකරන මාධ්‍යයක් වේ. මෙමගින් පරිශීලකයන් අතර Calls සහ Messages හුවමාරු කරගැනීම සඳහා අවස්ථාව සලසන අතර මේ සියල්ල අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරනු ලබයි.
මෙය වඩා ජනප්‍රිය වීම සඳහා හේතු වි ඇත්තේ මෙයින් ලබාදෙන පහසුකම් පරිශීලකයන් හට වඩාත් උපකාරී වන බැවිනි. Pricing Plans හි පවතින පහසුකම මින් ප්‍රධාන ස්ථානයක් දරයි. ව්‍යාපාර වශයෙන් හෝ තනි තනි වශයෙන් මෙම පහසුකම ලබාගත හැකි අතර මෙය Android, iOS මාධ්‍යයේ මෙන්ම Desktop හරහාද භාවිතා කිරීමට හැඉවීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් අප විසින් ඔබ වෙත මෙම ලිපිය ඔස්සේ ගෙන එන පුවත වන්නේ මෙම Google Voice පහසුකම ඔස්සේ තමාගේ දුරකථනය වෙත පැමිණෙන Spam Calls හඳුනාගැනීමට හැකියාව ඇති බව සඳහන් කිරීමයි.
Google Voice ඔස්සේ ලබාදෙන මෙම පහසුකම මගින් දුරකථනය වෙත පැමිණෙන ඇමතුම් හඳුනාගෙන ඒවා Spam Calls ලෙස සැලකිය හැකි වන්නේ නම් පරිශීලකයා වෙත දුරකථන තිරය මත "Suspected Spam Caller" ලේබලයක් මගින් නිරූපණය කිරීමයි.

මෙලෙස Spam Calls ලෙස සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම සාර්ථක නොවන නමුත් මෙම නිගමනය ගනු ලබන්නේ පෙර සඳහන් වන දත්ත මත පදනම්ව බව සඳහන් වේ. මේ සඳහා කෘතිම බුද්ධිය ආශ්රයෙන් දත්ත ලබාගැනීම, ක්‍රියාකරවීම හා ප්‍රතිඵල ලබාදීම සිදුවන අතර ඉදිරියේදී Google සමාගම විසින් තවදුරටත් මෙම සේවාව වැඩිදියුණු කිරීමට නියමිත බවට වාර්තා වේ.
Sources: www.theverge.com www.cnet.com www.androidcentral.com bgr.com www.androidpolice.com