Loading...
මොනවද මේ Refurbished iPhone කියන්නේ ?

මේ දිනවල සුදු පැහැති Box එකක් සමඟින් මිලදී ගැනීමට තිබෙන iPhone මාදිලි ඔබ සමාජ මාධ්‍යයන් ඔස්සේ දැක ඇති බව නිසකයි. මෙලෙස අලෙවි වන iPhoneවල Box එකේ පැහැදිලිවම Refurbished යනුවෙන් සටහන් කර ඇති බවත් සමහර විට ඔබ දකින්න ඇති. අපි මේ ලිපියෙන් කතා කරමු මොනවද මේ Refurbished Smartphone කියන්නේ කියලා.

මොනවද මේ Refurbished Smartphone කියන්නේ ?

සමාන්‍යයෙන් Refurbished ලෙසින් අලෙවි වන්නේ නිෂ්පාදනයේදී දෝෂ ඇති වන සහ Second Hand ලෙසින් නැවත එම සමාගම් මිලදි ගන්නා Smartphone ලෙස සරලව දක්වන්න පුලුවන්. එනම් මෙලෙස Refurbished ලෙසින් වෙළදපොලට පැමිණෙන Smartphone යම් අයෙකු විසින් භාවිත කල Smartphone ලෙසත් දක්වන්න පුලුවන්. නමුත් මේවා එලෙස වෙළදපොළට නිකුත් කරන සමාගම් විසින් ඉතා සුපරික්ෂාකාරීව එම උපාංගයන්හී ඇති දෝෂයන් හෝ හානි වු කොටස් පරික්ෂා කර ඒවා නිවරදි හෝ නව කොටස්වලින් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරනවා.

මෙලෙස දෝෂ නිවරදි කරන ලද, හානි වු කොටස් නව කොටස්වලින් ප්‍රතිස්ථාපනය කර නැවත වෙළදපොලට නිකුත් කළ විට ඒවා Refurbished Smartphone නමින් හඳුන්වන්න පුලුවන්.

එතකොට මේ Apple Certified Refurbished කියන්නේ ?

කෙසේ වෙතත් Apple සමාගම ඔවුන්ගේ මේ Apple Certified Refurbished වැඩසටහන හරහා වෙළදපොලට iPhones නිකුත් වන ආකාර දෙකක් පවතින බව Mobilize LK අධිපති දිලීප අනුරාධ පෙරේරා මහතා සමඟ මේ පිළිබඳව කළ සාකච්ඡාවකදී ඔහු විසින් දක්වා සිටියා.

  • මින් එක ආකාරයක් වන්නේ Apple සමාගම විසින් ඔවුන්ගේ iPhones නිෂ්පාදනය අවසානයේදී සිදු කරන තත්ව පරික්ෂාවේදී Camera එකේ, Speakersවල, Microphonesවල, සහ Charging Port එකෙහි දුවිලි පැවතිය හොත් හෝ Volume Buttons සහ Power Button ආදිය නියමිත පරිදි නොතිබිය හොත් එම නිෂ්පාදන වෙළදපොලට එකතු නොකරනවා. පසුව මෙම iPhonesවල පැවති ගැටලු නිවරදි කර නැවත Certified Refurbished iPhone එකක් ලෙසින් වෙළදපොලට නිකුත් කරනු ලබනවා.
  • අනෙක් ආකාරය වන්නේ Apple සමාගම විසින් ලබා දෙන Trade-In පහසුකම ඔස්සේ ඔවුන් ලබා ගන්නා Apple iPhones වල ඇති දෝෂයන් නිවරදි කර සෑම iPhone එකකම Shell (casing එක) එක, Battery සහ Display Replace යන ත්‍රිත්වයම කර නැවත Certified Refurbished iPhone එකක් ලෙසින් වෙළදපොලට නිකුත් කරනු ලබනවා.

ඔහු Apple Certified Refurbished iPhone වැඩසටහන පිළිබඳව Apple සමාගම සමඟ සම්බන්ද වී කරුණු විමසා බැලීමේදී මේ බව ඔහුට සඳහන් කළ බවයි වැඩි දුරටත් ඔහු සඳහන් කර සිටියේ.

එකම වෙනස මිලද ?

බොහෝ විට Refurbished ලෙස වෙළදපොලට නිකුත් වන Smartphone, වෙළදපොල Brand New ලෙසින් මිලදී ගැනීමට ඇති මිලට වඩා යම් මිලකින් අඩු වනවා. Apple සමාගම විසින් නිකුත් කරන Refurbished iPhonesවල නිල මිල ගණන් පහතින් ඔයාට බලන්න පුලුවන්.

Refurbished iPhone Deals - Apple
Save up to 15% on a refurbished iPhone from Apple. Full 1-year warranty with a brand new battery and outer shell. Free delivery and returns.

Second hand ද Refurbished ද ?

Second hand Smartphone එකක් මිලදී ගන්නවා නම් ඔබට බොහෝ විට නිෂ්පාදකයාගේ වගකීමක් රහිතව මිලදී ගැනීමට සිදු වන අතර Refurbished Smartphone සඳහා බොහෝ විට නිෂ්පාදකයා විසින් ඔවුන්ගේ Brand New Smartphone සඳහා ලබා දෙන වගකීම් කාලයට සමාන කාලයක් ලබා දීම සිදු වනවා. එමෙන්ම මේ Second Hand Smartphones වල තත්වය පිළිබඳව බොහෝ විට මිලදී ගන්නා විට අපට පැහැදිලි අදහසක් ගැනීමටත් අපහසුයි.

කෙසේ වෙතත් Apple වැනි සමාගම් හරහා ලබා දෙන Certified Refurbished වැඩසටහන් ඔස්සේ නිකුත් වන Smartphone සැලකීමේදී Brand New Smartphone එකක් මෙන්ම බලාපොරොත්තු විය හැකි සහ Second Hand සහ Refurbished Smartphone අතර මිලෙත් සැලකිය යුතු මට්ටමේ වෙනසක් නොමැති නිසා Refurbished Smartphone නිර්දේශ කරන්න පුලුවන්.

වගකීම් කාලය

Apple සමාගම විසින් නිකුත් කරන Refurbished iPhones සඳහා නම් සාමාන්‍යයෙන් ඔවුන්ගේ Brand New iPhones සඳහා මෙන්ම වගකීම ලබා දෙනවා. අනෙක් සමාගමුත් බොහෝ විට මේ ආකාරයටම ඔවුන්ගේ වගකීම ලබා දෙනු ලබනවා.

Software Update

බොහෝ විට මේවා එම Model එක නිකුත් වී වසරකින්, දෙකකින් හෝ ඊට පසුව වෙළදපොලට නිකුත් වන නිසා බොහෝ විට නවතම Software Versions සමඟින් නිකුත් වනවා.


දැන් ඔයාට හොදටම තෙරෙන්න ඇති මොනවද මේ Refurbished Smartphone කියන්නේ කියලා වගේම Apple සමාගම විසින් වෙළදපොලට නිකුත් කරන Certified Refurbished iPhone ගැනත්. ඉතින් මේ Refurbished Smartphone ගැන මේ කරුණුවලට අමතරව ඔයා දන්න වැදගත් දෙයක් තියෙනවා නම් ඒක Comment එකකින් සඳහන් කරන්න අමතක කරන්න එපා!

Cover Image: MobilizeLK