Loading...
මෙතෙක් නිකුත් නොකල Exynos Chipset එකක් Google Tensor නමින් නිකුත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ

පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී Samsung සමාගම විසින් Exynos 9855 සහ Exynos 9925 නමින් chipset දෙකක් නිර්මාණයෙහි යෙදෙන බවට නිල වශයෙන් Samsung සමාගම විසින් ප්‍රකාශ කර තිබුනා. එම වාර්තාවන්ට පසුව Exynos 9925 නම් chipset එක පිළිබඳව අපට නිරතුරුවම පුවත් වාර්තා වුවත් Exynos 9855 පිළිබඳව වැඩි දුර විස්තර වාර්තා වූයේ නැහැ.

නමුත් Android වැඩකාරයෝ මෙන්ම පවත්වාගෙන යන නෙදර්ලන්ත tech website එකක් වන Galaxy Club නම් වෙබ් අඩ්විය වාර්තා කරන ආකාරයට, මේ වන විට තාක්ෂණික ලෝකයේ පෙරලියක් කරනු ඇතැයි සැලකෙන Google Tensor chipset එක ලෙස බොහෝදුරට ඉහත කී Exynos 9855 නම් chipset එක rebrand කර නිකුත් කරනු ඇති බවයි.

GalaxyClubහි වාර්තාවට අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ Exynos 9855 chipset එක Whitechapel යනුවෙන් නම් කර ඇත. ඔබගේ මතකය හොඳයි නම් Google Tensor chipset එකද මීට පෙර හැදින්වූයේ Whitechapel යනුවෙන් බව ඔබගේ මතකයට පැමිණිය යුතුයි. එමෙන්ම කාලයකට පෙර සිටම වාර්තාවූයේ Google Tensor (පෙර Whitechapel ලෙස හැඳින්වූ) එක නිපදවීම සඳහා Samsung සමාගමේ 5nm process එක භාවිතා කරන බවයි. යම් හෙයකින් GalaxyClub විසින් වාර්තා කර ඇති ආකාරයට එය සත්‍යක් වුවහොත් Samsung සමාගම Google Tensor chipset එක නිපදවීමට තම නිෂ්පාදනාගාර සැපයීමට එහා ගොස් මේ සඳහා සම්බන්ධ වී ඇති බව තහවුරු වනු ඇත.

එමෙන්ම Samsung සමාගම විසින් ලබන වර්ෂයේදී නිකුත් කිරීමට නියමිතව පවතින Galaxy S22 දුරකතන මාදිලිය සඳහා භාවිතා කිරීමට නියමීතව පවතින Exynos 2200 නම් chipset එක මේ වන විට හඳුන්වනු ලබන්නේ Exynos 9925 ලෙසින් වන අතර මේ chipset එක AMD සමාගමේ GPU එකකින් සමන්විත වනු ඇත. නමුත් Exynos 9855 chipset එක සඳහා AMD GPU එකක් ඇතුලත් වන්නේ නැති අතර එය Exynos 9840 හෙවත් Galaxy 21 දුරකතන මාදීය සඳහා යොදාගත් Exynos 2100 chipset එකේ කාර්‍යසාධනයන්ට සමානවනු ඇත.

කෙසේ වුවත් වාර්තාවල දැක්වෙන ආකාරයට Google Tensor ලෙසින් නිකුත් වන්නේ  Exyons 9855 chipset එක නම්, එය සාමාන්‍ය Exynos chipset එකක් මෙන් නොව, සුපුරුදු Exynos chipset වලින් බැහැරව Google සමාගමේ AI සහ Machine Learning tweak සමඟින් බල ගැන්වෙන Titan M2 security chip එකකින් සමන්විත බලවත් chipset එකක් වනු ඇත. කෙසේ වුවත් මෙම පුවත පිළිබඳව 100%ක්ම තහවුරු කර ගැනීමට නම් Google සමාගම විසින් නිල වශයෙන් එහි තාක්ෂණික පිරිවිතරයන් එලිදක්වන තුරු අපට බලා සිටීමට සිදුවනු ඇත.

Sources: GalaxyClub, GSM Arena