Loading...
ගත වු 2022 වසරේ Google සමාගමේ ගමන් ම​ඟේ එලිදැක්වුනු වැදගත්ම තාක්ෂණික උපාංග පිලිබඳ යලි විමසුම

2022 වසර අවසන්ව 2023 වසර එළඹෙන මේ මොහොතේ Android වැඩකාරයෝ අප සමග සම්බන්ධ වී සිටි පාඨක ඔබ සැවොම දැනුමෙන් යාවත්කාලීන කිරීම සඳහා අප බැඳී සිටි බව ඔබ සියල්ලන්ම හොඳින් දන්නා කරුණකි. විවිධ විෂය පථයන් ඔස්සේ ඔබ වෙත යාවත්කාලීන තොරතුරු පිරිනැමූ අප විසින් මෙම ලිපිය ඔස්සේ ලබාදෙන්න්නේ ගෙවී ගි​ය පසුගි​ය වසර තුළ එනම් 2022 වසර තුළ Google සමාගමේ සමාලෝචනයක් වේ.

Source: unsplash.com

ගෙවී ගිය පසුගිය මාස 12ක කාලය තුළ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ Google සමාගම විසින් වෙනස්කම් කිහිපයක්ම සිදුකිරීමට අවධානය යොමු කළ කාලයක් විය. මන්දයත් අනෙක් සමාගම් හා ඇති තරඟකාරීත්වය අභිභවා ගමන් කරමින් දුරකථන, Smart Watch සහ අනෙකුත් තාක්ෂණික උපාංග හා සේවා වැඩිදියුණු කළ වසරක් ලෙස 2022 වසර සැලකිය හැකිවේ.


Google Pixel Watch

2020 වසරේ සිට වසර ගණනාවක් ඔස්සේ නොයෙකුත් ආකාරයේ නිර්මාණයන් සමග ඉදිරියට පැමිණි Google Pixel Watch අවසානයේ මෙම වසරේ දී Pixel 7 දුරකථන පෙළ සමග නිකුත් වීම සිදුවිය. මෙම Smart Watch එක සලකන විට සමස්ථයක් වශයෙන් පරිශීලකයන් අතර ජනප්‍රියතාවයට පත් වූවා සේම එහි සියලුම Fitness Features අන්තර්ගත වීමත් එමෙන්ම Apps අන්තර්ගත වීමත් දැකිය හැකි ලක්ෂණයකි.

නමුත් යම් පසුබෑමක ලක්ෂණයක් ලෙස මෙහි බැටරි ආයු කාලය සැලකිය හැකිවේ. එයට හේතුව වන්නේ එහි ආයුකාලය දින 1කට පමණ සීමා වීමයි. නමුත් සමස්ථයක් ලෙස සලකන විට මෙය ඉතාමත් හොඳ මට්ටමේ Smart Watch එකක් වන අතර වෙළඳපොළේ පැවති අනෙකුත් මාදිලි සඳහා ඉතාමත් හොඳ තරඟකාරී වටපිටාවක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාගැනීමට හැකිවිය. එලෙස වෙළඳපොළ තුළ සාර්ථක වීම සඳහා අනෙකුත් මාදිලි වලට සාපේක්ෂව මිලෙහි වූ අඩුවීම ද සැලකිය හැකිවේ.

Source: blog.google.com

Google Pixel Buds Pro

Google Pixel දුරකථන මාදිලියේ එළිදැක්මත් සමගම තම පාරිභෝගිකයන් සඳහා වෙළඳපොල වෙතට Wireless Earphone එකක් නිකුත් කිරීම සඳහා Google සමාගම කටයුතු කරන ලදී.

Source: notebookcheck.net

Google Pixel Buds Pro සලකන විට එය නවතම පහසුකම් වලින් සමන්විත වන නමුත් මෙහි වූ Audio Tuning පහසුකම තරමක පසුබෑමක් ඇති කිරීමට හේතු විය. පසුකාලීනව මේ සඳහා Built-in-equalizer සමග ශබ්ද පාලනය කිරීමේ හැකියාවක් එක් කිරීමට සමාගම තීරණය කරන ලදී. එමෙන්ම පරිශීලකයන් තුළ මෙහි ජනප්‍රියතාවය වැඩිවීම සඳහා හේතුවක් වන්නේ එහි සුවපහසු බවයි.

මෙය පැළඳීමේදී කනට වඩා සුවපහසුවක් මෙන්ම දිගු කාලයක් පැළඳ සිටීමට හැකියාවක් ඇතිවීම මෙහි විශේෂත්වයයි. එමෙන්ම අනෙක් මාදිලිවල earbuds වලට සාපේක්ෂව වැඩි බැටරි ආයු කාලයක් සහිත වීම ද දැකිය හැකිවේ. Google සමාගම් මගින් මින් පෙර මෙම ආකාරයේ පහසුකම් සහිත Earbuds නිකුත් නොකළ නමුත් මෙය පළමු පියවරක් ලෙස ඉතාමත් හොඳ පියවරක් ලෙස සැලකිය හැකිවේ.

Google Pixel 7 Series සහ Tensor G2

Android වැඩකාරයෝ අප විසින් Google Pixel 7 සහ 7 Pro දුරකථන පෙළ පිළිබඳව ඔබ වෙත ලිපි ගෙන ආවෙමු. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා මෙම සබැඳිය ඔස්සේ පිවිසීමට ඔබට හැකියාව ඇත. Google සමාගම පසුගිය වසරේ එනම් 2021 වසරේ දී නිකුත් කළ Google Pixel 6 දුරකථන පෙළ සලකන විට එය තරමක පසුබෑමක් ඇති කිරීම සඳහා හේතු වූ සාධක රැසක් ඇතිවිය.

එම හේතුව නිසාවෙන් මෙම වසරේ දී Google Pixel 7 දුරකථන පෙළ නව උපාංගයන් රැසක් සමගින් නිකුත් කිරීම සඳහා Google සමාගම කටයුතු කරන ලදී. ඒ සමගම දුරකථනය වෙත Tensor G2 Processor එකක් ලබාදීමද සිදුවූ අතර එය පෙර පැවති දුරකථන වලට සාපේක්ෂව වඩාත් ඵලදායී ප්‍රතිඵලයක් ඇති කිරීම සඳහා හේතුවිය.

G2 ප්‍රොසෙසරයේ ඇතිවූ බැටරි ආයු කාලය අඩුවීම සහ ක්‍රියාකාරීත්වයේ අඩුවීම පිළිබඳව සලකා බලා මෙම Pixel 7 දුරකථන පෙලට යාවත්කාලීන කරන ලද Tenor G2 ප්‍රොසෙසරයක් එකතු කිරීමට Google සමාගම කටයුතු කරන ලදී.

Source: androidwedakarayo.com

Android 13

මෙම වසරෙ තුළ නිකුත් කළ Android 13 මේ වන විට පවතින නවතම Android සංස්කරණය ලෙස සැලකිය හැකිවේ. Android 12 සංස්කරණයට සාපේක්ෂව මෙම සංස්කරණයේ ඉතා ඉහළ දියුණුවලක් මෙන්ම ඉදිරි පිම්මක් තබ ඇති බවට මාධ්‍ය වාර්තා කරනු ලැබුවේය. Android 12 වලට සාපේක්ෂව මෙහි ආරක්ෂාව සහ අනෙකුත් Build in features ඇතුළත් වීම පරිශීලකයන් තුළ මහත් ප්‍රසාදයක් ඇති කිරීම සඳහා හේතු විය.

මෙම වසර තුළදී නිකුත් වූ ඉහත සඳහන් කළ උපාංග මෙන්ම 2023 වසරේ නිකුත් වීමට නියමිතව පවතින නිශ්පාදනයන් කිහිපයක් පිළිබඳවත් Google සමාගම විසින් මෙම වසර තුළදී සඳහන් කරනු ලැබුණි.

Google Pixel Tablet

Source: xdadevelopers.com

වසර ගණනාවක් තිස්සේ Android මෙහෙයුම් පද්ධතිය සහිත වන Tablets වෙළඳපොළ වෙත නිකුත් වූවත් එහි ඵලදායී ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා Google සමාගම වෙත හැකියාවක් නොලැබුණි. එයට හේතුවක් ලෙස සඳහන් කරනු ලබන්නේ Tablets සඳහා සුදුසු වන අන්දමේ නියමිත Android සංස්කරණයක් නොමැති වීමයි. කෙසේ නමුත් මෙම වසරේ Android 12L සංස්කරණය නිකුත් කිරීමත් සමගම Google සමාගම Android Tablets නිකුත් කිරීමට තීරණය කර ඇති බව සඳහන් කරනු ලැබීය.

Source: developer.android.com

Android 12L විශේෂිත වන්නේ හේතු කිහිපයක් නිසාවෙනි. මෙහි පවතින Split-Screen පහසුකම, Lock Screen Layout හි සැකැස්ම වඩාත් Tablets සඳහා විශේෂිත වන පරිදි නිර්මාණය කර ඇත.

එසේම යෙදවුම අතර මාරුවීම සඳහා නවතම Taskbar එකක් ලබාදීම ද එම Google හා සම්බන්ධ යෙදවුම් Tablet හි ස්ථාපිත කිරීම සඳහා විශේෂිත ආකාරයකින් පැවතීම යන කාරණා සියල්ලම සලකන විට මෙම Android 12L සමග 2023 වසරේදී නිකුත් වීමට නියමිත Google Pixel Tablet පරිශීලකයන් සඳහා නව අත්දැකීමක් ලබාදෙනු ඇති බවට බොහෝ විචාරකයන් මත පළකරයි.

ලොව ප්‍රමුඛතම සමාගමක් වන Google සමාගම විසින් මෙම වසර තුළ දී නිකුත් කළ නිශ්පාදනයන් අතරින් කිහිපයක් පිළිබඳව විග්‍රහයක් අප විසින් ඔබ වෙත ගෙන ආවෙමු. 2023 වසරේ දී ද මෙම වසරට සාපේක්ෂව ඉතා ඉහල තාක්ෂණික දියුණුවක් ලබාගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මෙවැනිම තාක්ෂණික පුවත් රැසක් සමග ඔබගේ දැනුම යාවත්කාලීන කර ගැනීම සඳහා අප සමග ඉදිරියේදීත් රැඳී සිටින්න.

Sources: Developer.android Store.google Androidpolice notebookcheck