Loading...
Samsung USB-C Charger එක power wastage එක අඩු කරන්නේ මෙන්න මෙහෙමයි

High-end  smartphones සහ tablets හදන එකට අමතරව Samsung ලා focus කරන තව දෙයක් තමා batteries සහ charging accessories කියන දේවල්. ඉතින් හරිත ලෝකයක් බිහිකරනව කියන අරමුණ පෙරදැරි කරනගෙන, Samsung ලා power wastage එක අඩු කරන්න අවුරුදු ගණනාවක ඉඳන් ම USB-C chargers develop කරා. ඉතින් දැන් ඔවුන් පවසන්නේ ඔවුන්ගේ chargers ලෝකයට මුල් තැන දෙමින් පෘථිවිය හොඳ තැනක බවට පත් කරන්නට දායකත්වය දෙන උපාංගයක් එහෙමත් නැත්තන් accessory එකක් බවට පත් වී ඇති බවයි.

Samsung සමාගමේ official blog post එකක් මගින් ඔවුන් සිය USB-C Charger එකේ enhancements ගැන announce කරලා තියෙනවා.

“Raising awareness of things like smartphone chargers’ power consumption may eventually lead consumers to consider energy efficiency as an important factor when choosing a new device,”.

      -Samsung engineer Wonseok Kang.

ඉතින් අපේ daily routine එකේ අපි පුරුදු වෙලා ඉන්න දෙයක් තමා අපේ chargers හැම වෙලාවෙම power outlet එකට ගහල තියන එක. එතකොට අපේ device එක connect කරපු ගමන් ම charge වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදි අපි හිතන්නෙ නැති දෙයක් තමා devices connect වෙලා නැති අවස්ථාවකදී charger එක “Standby Mode” එකට ගිහින් උනත් power source එකේ switch off කරනකන් ම outlet එකෙන් power draw කරනවා කියන කාරණය.

ඉතින් මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට Samsung ලා USB-C charger එක එවන්නෙ ඒකට ම dedicated software එකක් එක්ක. මේ software එක නිසා charger එක device එකකට connect කරලා නැති situation එකකදී “sleep mode” එකට switch වෙනවා. ඉතින් මේ “sleep mode” එක ගොඩක් effective දෙයක් විදිහට හඳුන්වන්න පුලුවන්. Charger එක power outlet එකකට plug කරලා තිබ්බත් මේ mode එක නිසා. Charger එක shutdown වෙලයි තියෙන්නෙ. කිසිම විදිහකට power consumption එකක් සිදුවෙන්නේ නෑ. ඉතින් කවුරුහරි ආපහු charger එකට device එක plug කරපු ගමන් ම charger එක wake up වෙලා charge කරන්න පටන් ගන්නවා.

“It’s an energy-efficient cycle of sorts.”

      -Samsung engineer Wonseok Kang.

මීට අමතරව, ඔවුන් ප්‍රකාශ කරන විදිහට මේ chargers සම්පූර්ණයෙන් ම හදලා තියෙන්නෙ recyclable materials වලින්. ඒ ලෝකයේplastic consumption එක අඩු කරන්නයි.ඉතින් ඔවුන් adapters නිපදවන්න යොදාගෙන තියෙන්නේ “environmentally conscious post-consumer materials” එහෙමත් නැතිනම් PCM කියන දේවල්.

“Adding PCM can affect a product’s durability or performance. However, after numerous attempts, we managed to make our designs both aesthetically pleasing and satisfyingly durable, while preserving the intrinsic properties of the substance.”

      -Samsung engineer Pranveer Singh Rathod.

ඉතින් මෙන්න මේ විදිහට තමා මේ කොරියානු තාක්ෂණ දැවැන්තයා හරිත ලෝකයක් ගොඩනගන්නට වෙන්නෙ. මේ ගැන ඔයාගෙ අදහස මොකක්ද? කතා කරමු comment section එකේ.