Loading...
නොමිලේ ඉන්ටර්නෙට් යන්න ඩේටා දිනා ගන්න වංචා වලට ඔබත් හසු උනාද?

මුලින්ම කියල ඉන්නම් ස්කෑම් එකක් කියන්නෙ මොකක්ද කියන එක, ස්කෑම් එකක් කියන්නෙ සරලවම කිව්වොත් රැවටීමක් ඉතින් අද මම කතා කරන්න යන්නෙ Cyber ස්කෑම් ගැන. මේ Cyber ස්කෑම් විශාල වශයෙන් පැතිර යන්නෙ සමාජ මාධ්‍ය හරහා.

Covid වසංගතයත් සමග මේ වෙනකොට ලංකාවේ සෑම ළමයෙකුගේම අතට Smart Phone එකක් නැතිනම් පරිඝනකයක් ලැබී තිබෙනවා. ඉතින් ඔව්න් තම අධ්‍යාපන වැඩකටයුතු වලට විවිධාකාරයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඔව්න් තුල සමාජ මාධ්‍ය හෝ අන්තර්ජායල පිලිබඳ කිසිඳු අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඔව්න් ලෙහෙසියෙන්ම මේ ස්කෑම් වලට හසු වෙනවා.

ඉතින් මම අද කතා කරන්නේ ලංකාව තුල වේගයෙන් පැතිර යන ස්කෑම් වර්ග කිහිපයක් ගැන. විශේෂයෙන් කියන්නෙ අවශ්‍යයි මේ ස්කෑම් වර්ගීකරනය කන්න ගියොත් ආටිකල් එක ගොඩක් දිග වෙනවා ඒක නිසා මම මේ ස්කෑම් පැතිරෙන මාධ්‍යයත් සමග කොටස් දෙකකට බෙදල කතා කරන්නම්

Messages ඔස්සේ පැතිරෙන ස්කෑම්

Messages තුලින් ලංකාව තුල වේගයෙන් පැතිර යන්නේ Free Giveaway ස්කෑම් සහ ලංකාවේ ජීවත් වෙන, අඩු මානසිකත්වයෙන් යුතු පිරිසක් විසින් නිර්මානය කරන කිසිම තේරුමක් නොමැති බොලඳ ස්කෑම් විශේෂයක් පමණයි. මීට අමතරව මෑත කාලයේ දී රැවටීමෙන් Whatsapp ගිණුම් ලබාගන්නා ස්කෑම් එකක් පැතිර ගියා ඔබට මතක ඇති. මේ පහලින් දාලා තියෙන්නෙ මට whatsapp ඔස්සේ ලැබුනු ස්කෑම් Messages කිහිපයක්.

ඔබට උඩ තියෙන ස්කෑම් Messages දිහා බලපුවාම සමහර විට හිනා යන්නත් ඇති.ඒත් ඇත්ත තත්වය නම් සමහරු මේවා විස්වාස කරමින් දහාතේ Share කිරීමය.

බොහෝමයක් ෆ්‍රී ගිව​වේ ස්කෑම් වල මූලිකම අරමුණ ස්කෑම් Message එක තුල ඇති link එක තුලින් ඔව්න්ගේ වෙබ් අඩවිය තුලට විශාල වශයෙන් පරිශීලකයින් ඇතුලු කරගනිමින් ad පෙන්වා මුදල් ලබා ගැනීම‍ හෝ පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත එකතු කරගැනීමය.ඒ සදහා ඔව්න්, තමන් දිනාගත් ත්‍යාගය ලබා දීමට ඔව්න් ලබා දෙන ලින්ක් එකක් තම මිතුරන් දහදෙනකුට හෝ ඊට වැඩි ප්‍රමානයකට Share කරන ලෙස ඉල්ලීම් සිදුකරනවා. මේ ආකාරයන් ස්කෑම් එක වේගයෙන් පැතිර යන්වා. ඉතින් මෙම වෙබ් අඩවි තුලින් ඔබගේ පරිඝනකයට හෝ දුරකතනයට Virus එකක් පවා ඇතුලුවීමට පුලුවන් කම තිබෙනවා.

ලංකාවේ පිරිස් නිර්මාණය කරන ස්කෑම් කොච්චර ගොං ද කියන එක උඩ Images වලින් පේනවා.එම ස්කෑම් නිර්මාණය කරන පිරිස් හට ස්කෑම් එක හරහා ඉටුකර ගැනීමට කිසිම අරමුනක් නෑ. ඒ නිසා ඒ ගැන මම අමුතුවෙන් කතාරන්න යන්නේ නෑ මොකද ඒවා නිර්මානය කරන්නේ අඩු මානසිකත්වයෙන් යුතු, අමුතු ජීවීන් කොට්ටාසයක් නිසා.

ඉතින් සමහරවිට මේ ස්කෑම්, SMS එකක් හෝ Voice Call එකක් ආකාරයෙන් ඔබේ දුරකතනයට පැමිනෙන්න පුලුවන් (මේවා Cyber ස්කෑම් නොවේ). එහිදී ඔව්න් යම් ජනප්‍රිය ආයතනයක නමක් ඉදිරිපත් කරමින් එහිදී සිදුවූ දිනුම් ඇදීමකින් ඔබ ජයග්‍රහනය කර ඇති බවට දැනුම් දෙනවා.ඉතාමත් සූක්ෂමව ඔබට ඒ පිලිබඳව විස්වාසය ඇති කර අවසානයේ ඔබට ත්‍යාගය එවීම සදහා මුදලක් අවශය බව පවසමින් කාඩ්පත් තොරතු​රු ඉල්ලීම හෝ බැංකු ගිණුමකට මුදලක් බැර කරන ලෙස දන්වා සිටිනවා. මෙම ස්කෑම් වේගයෙන් පැතිරී නොගියත් පෙර සදහන් කල ස්කෑම් වලට වඩා භයානකයි මොකද මේවා සෘජුවම ඔබන් මුදල් ලබාගන්නා බැවින්.

Web Advertisement ඔස්සේ පැතිරෙන ස්කෑම්

ඔබ කුමක් හෝ වෙබ් අඩවියක සැරි සරන අතරතුර දී Web Advertisement එකක් ලෙසින් මේ ස්කෑම් පැමිනෙන්නට පුලුවන්. ඉතින් මේ Advertisement එක ඉතාමත් විස්වාසවනිත ස්වරූපයකින් යුක්ත වෙන්වා වගේම Advertisement එක click කිරීමෙන් ඔබව වෙනත් වෙබ් අඩවියකට හරවා යවනවා. මේවායිනුත් බොහෝමයක් පෙර සඳහන් කල ලෙසටම දිනුම් ඇදීමකින් ඔබ ජයග්‍රහනය කර ඇති බවට දැනුම් දී පසුව ත්‍යාගය එවීම සුලු මුදලක් අවශය බව පවසමින් කාඩ්පත් තොරතු​රු ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. මෙසේ ඔබ කාඩ්පත් තොරතුරු ලබාදුන්නොත් ඔබේ බැංකු ගිනුමේ තිබෙන මුලු මුදලම නැතිවීමට පවා පුලුවන්. ඉතින් මෙම ස්කෑම් දැන්වී​ම් බෙහෝවිට ක්‍රැ​ක්, ටොරන්ට්​ස් වගේ නීත්‍යානුකූල නොවන දේවල් තියෙන Web Site වලදී වැඩිපුර දැකගන්න පුලුවන්

ඔබට මේ ස්කෑම් වලින් ආරක්ෂා වීමට තිබෙන හොඳම පිලියම මේ පිලිබද දැනුවත් වී සිටීමයි. ඉතින් අද මම කතා කරේ ලංකාවේ අපිට වැඩිපුර දැකගන්නට ලැබෙන ස්කෑම් කිහිපයක් ගැන විතරයි තවත් දේවල් විශාල ප්‍රමානයක් තියෙන්වා ඒ ගැන වෙන දවසක කතාකරමු. එහෙනම් මේ ගැන ඔයාගේ සමීපතමයන්වත් දැනුවත් කරන්න.