Loading...
Windows feature එකක් වන Sandbox enable කරගන්නේ කොහොමද?

ඔන්න මම කලින් කිව්වා වගේම sandbox ගැන article එක අරගෙන ආවා. Virtual machine ගැන කලින් ගෙනාපු article එක කියෙව්වේ නැත්නම් එක මෙතැනින් කියවන්න.

Windows sandbox කියන්නේ windows මෙහෙයුම් පද්ධතියේම කොටසක් වශයෙන් අපට තියෙන Virtual machine එකක්. අපි එදිනෙදා පරිගණකය භාවිතා කරද්දී විවිධ සැක සහිත files, e-mails ඕපන් කරන්න වෙනවා. මේ සැක සහිත files, e-mails ඕපන් කරන්න වගේ වැඩ වලට තමා  මේ  windows sandbox කියන පහසුකම තියෙන්නේ.

Sandbox කියන්නෙ අපේ තාවකාලිකව නිර්මාණය වුන windows OS එකක් වගේ. මේ sandbox එක අනිත් virtual machine software වලට වඩා lightweight (ඒ කියන්නෙ system resources වැඩියෙන් භාවිත වෙන්නේ නෑ). එහෙනම් ඔයා windows පාවිච්චි කරන කෙනෙක් නම් windows සමගම නොමිලේ දෙන මේ sandbox එක පාවිච්චි කරලම බලන්න.

මොනවද මේකට ඕනේ?‌‌

Source - microsoft.com

(AMD64 architecture කියන්නෙ ×86-64 හෙවත් 64bit OS එකට)

Virtualization check කර ගන්න :-

මේ රූපයේ තියෙන විදිහට Task manager එකේ Performance ටැබ් එකට ගිහින් CPU එක යටතේ virtualization enable වෙලාද කියල බලන්න. නැත්නම් BIOS වලට ගිහින් enable කරගන්න (මේක motherboard එකෙන් එකට වෙනස්)

දැන් කොහොමද Sandbox Enable කරගන්නේ?

දැන් ඔයාට උඩ කිව්ව system requirements තියෙනවනම් පල්ලෙහා තියෙන විදිහට sandbox එක enable කරගන්න

පියවර 1

Search box එකේ “Turn windows features on or off” කියලා search කරන්න.‌

පියවර 2

ඊට පස්සේ“Windows Sandbox” කියන එක ඉස්සරහින් හරියක් දාන්න. දැන් OK  button එක ඔබන්න.

දැන් Sandbox එකට අදාළ files ඩවුන්ලෝඩ් වෙනවා. මේ වෙන කොට ඔයා device එක Internet එකට connect කරන්න ඕන.

එකත් හරි නම් PC එක restart කරගන්න ඕනේ.

පියවර 3

Restart කරාට පස්සේ search box එකේ Sandbox කියලා type කරන්න. දැන් Sandbox  app එක පෙන්නයි ඒක ඕපන් කරලා පාවිච්චි කරන්න.

Sandbox එකේ තියෙන විශේෂතා මොනවද?

Microsoft ආයතනය කියනවිදිහට සඳහා sandbox එකට පහලතියෙන ලක්ෂණතියෙනවා

  • Part of Windows - everything required for this feature ships with Windows 10 Pro and Enterprise. No need to download a VHD!
  • Pristine - every time Windows Sandbox runs, it's as clean as a brand-new installation of Windows
  • Disposable - nothing persists on the device; everything is discarded after you close the application
  • Secure - uses hardware-based virtualization for kernel isolation, which relies on the Microsoft's hypervisor to run a separate kernel which isolates Windows Sandbox from the 1host.
  • Efficient - uses integrated kernel scheduler, smart memory management, and virtual GPU

සිංහලෙන්

  • Windows හි කොටසක් - sandbox සදහා අවශ්‍ය සියළුම දෑ windows සමග ම පැමිණේ. වෙනම බාගත කිරීමක් අනවශ්‍යයි
  • නැවුම්(brand new වගේ) - sandbox ක්‍රියාත්මක වන සැම අවස්ථාවකම එය පිරිසිදුයි.
  • ඉවත දැමිය හැකියි - Sandbox යෙදුම වසා දැමූ පසු එහි සියල්ල මැකී යයි.
  • ආරක්‍ෂිතයි - දෘඪාංග අතථ්‍යකරණය (hardware-based virtualization) මගින් kernel isolation සිදු කරයි. Microsoft hypervisor හරහා sandbox සදහා වෙනම කර්නලයක් භාවිත වෙන නිසා ආරක්‍ෂිතයි.
  • කාර්යක්ෂමයි - ඒකාබද්ධ කර්නල් උපලේඛනය, සුහුරු මතක කළමනාකරණය, virtual GPU භාවිත කරයි.

Microsoft sandbox ගැන ඔච්චරයි. Article එකේ වැරදි අඩුපාඩු තියෙනවනම් comment කරන්න. enable කිරීම ගැන ගැටළුවක් ආවොත් එන්න අපේ COMMUNITYඑක පැත්තට.