Loading...
Virtual Machine එකක් කියන්නෙ මොකක්​ද?

මොකක්ද virtual machine (VM) එකක් කියන්නෙ?

Virtual Machine ( සිංහලෙන් කිව්වොත් “අතථ්‍ය යන්ත්‍රයක්‌” ) කියන්නෙ අපේ Computer එකේ හරි Laptop එකේ හරි අපි පාවිච්චි කරන Operating System එකට ( Windows හෝ Linux ) අමතරව Virtual Machine Software එකක් මගින් Computer එකේ හෝ Laptop එකේ තව OS එකක් භාවිත කරන්න දෙන එක. මේක හරියට අපේ Pc එක ඇතුලේ තව Pc එකක් නිර්මාණය කරනවා වගේ වැඩක් කියලත් කියන්න පුළුවන්.


අපිට මේකට Oracle virtualbox, VMware වගේ Software එකක් පාවිච්චි කරන්න පුළුවන්.

Ubuntu OS එක රන් වෙන virtual machine එකක්

එතකොට කොහොමද මේ VM එකක් වැඩ කරන්නේ?

අපේ Pc එකේ තියෙන OS (Host OS) එකේ Install කරලා තියෙන Virtual Machine Software එක මගින් අපේ Pc එකේ Virtually RAM එකක්, Processor එකක්, Hard Disk එකක් නිර්මාණය කරනවා. ( Virtual Hard Disk එක විදිහට පාවිච්චි වෙන්නේ අපේ Original Hard Disk එකේ නිර්මාණය වෙන File එකක් ) ඒ Resources උඩ අපි ඉන්ස්ටෝල් කරන OS එක (Guest OS) ක්‍රියාත්මක වෙනවා. මේක Host OS එක පැත්තෙන් බැලුවම එක Software එකක් හරි File එකක් හරි විතරයි.

Virtual machine එකක් ක්‍රියාකරන ආකාරය

Windows 10,11 වල in-built Virtual machine එකක්?

Windows sandbox logo

ඔව්, 'Windows Sandbox' කියලා හදුන්වන Feature ඒක Windows 10 වල Professional, Enterprise සහ Education Editions ( Home Edition එකේ ඇතුලත් නොවේ ) වල මුලින්ම බලාගන්න පුළුවන් වුවා. මේ Feature එක Windows 11 වලත් Professional, Enterprise සහ Education Editions ( Home Edition එකේ ඇතුලත් නොවේ ) වලත් බලාගන්න පුළුවන්. මේ Feature එක හරහා ඔයාගේ දැනට තියෙන OS එකේම Virtual Machine එකක් ක්‍රියාත්මක වෙන අතර මේ මගින් වෙන කිසිම Software එකක් නැතිව Virtual Machine එකක් පාවිච්චි කරන්න පුළුවන්. ( එකට අවශ්‍ය System Eequirements ගැනයි එක Enable කරන විදිය ඊලග ලිපියෙන් අපි බලමු)

Virtual machine එකක් use කරාම අපිට තියෙන වාසි

  • තවත් OS එකක් Use කරන්න පුළුවන් (Windows නම් Use කරන්නේ ඉට අමතරව Linux භාවිත කරන්නත් පුළුවන්)
  • Virus එකක් තියෙන File එකක් Test කරන්න පුළුවන්.
  • සැක හිතෙන E Mail හෝ File එකක් වැනි දේවල් Open කරන්න.
  • RUN කරන්න බැරි sSoftware RUN කරන්න.
  • Virtual OS එකට Malware එකකින් හානියක් වුනත් pc එකේ තියෙන OS (Host OS) එකට හානියක් නොවීම.

Virtual machine එකක් use කරාම අපිට තියෙන අවාසි

  • Physical Machine එකක තියෙන OS එකක් තරම් වේගවත් නොවීම.
  • Virtual OS ගොඩක් එකවර පාවිච්චි කරාම Pc එකේ Performance අඩු වීම.
  • කාර්යක්ෂමතාව අඩු වීම.
  • Host OS එක දුර්වල නම් Virtual OS වල ආරක්ෂාවට ගැටළුවක් වීම.

Virtual Machine එකක් කියන්නෙ මොකක්ද , කොහොමද එක වැඩ කරන්නේ කියන එකයි, එකේ තියෙන වාසි සහ අවාසි ගැනයි තමා මේ සරලව, පැහැදිලිව පෙන්වලා දුන්නේ. ඔයාලටත් Virus එකක් තියෙන File එකක් Test කරගන්න, සැක හිතෙන E mail හෝ File එකක් Open කරන්න වගේ දෙයක් තියෙනව නම් අවධානමක් ගන්නේ නැතිව VM එකක් පාවිච්චි කරගෙන කරලා බලන්න.

Windows Sandbox එකට අවශ්‍ය System Requirements ගැනයි, එක Enable කරන විදිය ඊලග ලිපියෙන් අරගෙන එන්නම්. එතෙක් Android වැඩකාරයෝ සමග දිගටම රැදී සිටින්න.