Loading...
Laptop එකක් මිලදී ගැනීමේදී ඔබ අනිවාර්‍යෙන්ම සැළකිලිමත් විය යුතු කරුණු 10ක්

ඔයා අලුතින් Laptop එකක් ගන්න ඉන්නවා නම් මේ ලිපිය ඔයාට. මෙතනදී අපි Gaming laptops ගැන සාකච්ඡා කරන්නේ නැහැ.

1. Laptop එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන ඇයි?

ඔයා ගොඩක් වෙලාවට Laptop එකක් ගන්න යද්දී බොහෝ වෙලාවට කරන්නේ ඔයා දන්න කෙනෙක් පාවිච්චි කරන Laptop එකේ Model එකම Store වල හොයන එක, ඒත් ඒ විදිහට ඔයාගේ Requirement එකට අවශ්‍ය Laptop එක ඔයාට තෝරගන්න බැහැ. ඒක නිසා මේ ලිපිය හොඳින් කියවලා ඔයාගේ Requirements වලට අවශ්‍ය Laptop එක තෝරගන්න.

2. ප්‍රමාණය සහ බර තෝරාගන්නේ කොහොමද?

ඔයා ගොඩක් Travel කරන කෙනෙක් නම් ඔයාට ගැළපෙන්නේ Note book වර්ගයේ Laptop එකක්. එහෙම නැති වුනත් රාත්තල් 3ත් 4.5ත් අතර laptop එකක් සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට ඉතාම පහසුයි.

3. Screen එකේ ගුණාත්මක භාවය

ඉස්සෙල්ලාම තීරණය කරන්න ඔයාට ඕනේ Touch Screen එකක් ද නැත්නම් සාමාන්‍ය Screen එකක් ද කියලා. 2 in 1 Laps වල නම් කෝමත් එන්නේ Touch Screen එකක්. සාමාන්‍ය එදිනෙදා පාවිච්චිය ගන්න Laptopsවලට නම් Touch Screen එකක් එතරම්ම අතාවශ්‍ය එකක් නෙවෙයි. ඊට අමතරව බලන්න ඒ Lap එකේ තියෙන්නේ Antiware screen එකක් ද කියලා.

එහෙම නැති වුනොත් ඔයා වැඩ කරන තැන පිටි පස්සෙන් Light එකක් තිබුනොත් ඔයාට මේකේ වැඩ කරගෙන යන්න ගොඩක් අමාරු වෙනවා. anti Glare screen එකක නම් ඔය Light Reflect වෙන ප්‍රශ්නේ එන්නේ නැ. අලුතෙන් එන ගොඩක් Lapsවල තියෙන්නේ 4K Screen එකක්. ඔයා Editing කරනවා නම් 4k Screen එකක් කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක්.

Size එක ගැන කියද්දී නම් Ultrabooks වල සාමාන්‍ය ලැප්ටොප් එකට වඩා මිලෙන් වැඩි අඟල් 13, 14, 15 වගේ ගොඩක් Quality screen තියෙනවා. ඔයාගේ Laptop එකේ Screen size එක නම් අනිවාර්‍යෙන් ඔයාම ඔයාගේ අවශ්‍යතාවය අනුව තීරණය කළ යුතු දෙයක්

4. Processor එක තෝරාගන්නේ කොහොම ද?

Processor එක තෝරා ගනිද්දී නම් ඔයාට Intel CPU එකකට යනවාට වඩා AMD එකක් ගන්න පුලුවන් ඒ Performance ම තියෙන ඉතා අඩු මුදලකට. මුදල ගැන සැලකිමත් වෙනවා නම් ඔයාට AMD එකකට යන්න පුළුවන්. මේක නම් ඔයාගේ කැමැත්ත අනුව තෝරගන්න.

ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාගේ CPU එක අලුත්ම එකක් වීම. මොකද ඔයා සාමාන්‍යෙන් Laptop එකක් ගන්නේ අඩුම තරමේ අවුරුදු 3ක් 4ක් වත් පාවිච්චි කරන්න නේ. ඉතින් ඒ කාලේ ඇතුළත අලුතෙන් Technologies එනවා. ඉතින් මේවා හදන්නේ අලුත් CPU වලට ගැලපෙන විදියට. ඉතින් ඔයා අලුත් CPU එකක් ගත්තොත් ඔයාට ගැටලුවක් නැතුව අවුරුදු 3ක් 4ක් අලුත් Updates එක්කම වැඩ කරගෙන යන්න පුලුවන්. මොකද Desktop එකක වගේ නෙවෙයි Lap එකක CPU එක Upgrade කරනවා කියන්නේ ප්‍රායෝගිකව නම් එච්චර සාර්ථක දෙයක් නෙවෙයි.

මොනවද මේ 32-bit සහ 64-bit CPU කියන්නෙ
processors වල main categories දෙක තමා මේ 32-bit සහ 64-bit කියන්නෙ. මේ processor type එක computer එහෙක overall performance එකට බලපානවා.

CPU ගැන සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියක් මෙතනින් කියවන්න.

5. RAM එක තෝරාගැනීමේ දී

අලුතෙන් එන Laps වල නම් 4GB, 8GB වගේ Capacityවල Ram තමයි එන්නේ. 8GB ram එකක් නම් වඩා හොඳයි. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි, මොකද ඔයාගේ Lap එකේ Ram එක ඔයාට ඕන ම වෙලාවක දී Upgrade කරගන්න පුලුවන්. මේකට තියෙන Ram එක අයින් කරලා ඊට වඩා වැඩි Ram එකක් Set කරගන්නත් පුලුවන්. එහෙම නැත්නම් තියෙන Ram එකත් සමඟ ඒ හා සමාන තව Ram එකක් set කරගන්නත් ඔයාට පුලුවන්.

6. Hard Disk සහ SSD

ඔයා Windows 10 හෝ 11 මෙහෙයුම් පද්ධතිය තියෙනවා නම් SSD කියන්නේ ඔයාට අත්‍යාවශ්‍යම දෙයක්.. මොකද Windows 10/11 OS වල අපි නිතරම පාවිච්චි කරන Files Detect කරලා ඒවා Temporally Load කරලා තියෙනවා, ඒක නිසා හැම තිස්සේම ඔයාගේ Hard එක 100% use වෙන්න ගන්නවා. මේක SSD වලට එච්චරම දැනුනේ නැති උනාට Hard වලට නම් මේක තදින්ම බලපානවා.

Image Source - www.google.com
HDD සහ SSD කියන්නේ මොනවාද? SSDද හොඳටම කරන්නේ?
අද මම කතාකරන්න යන්නේ PC එකක් Build කරන කෙනෙකුට තමන්ගේ Storage Device එක තෝරනකොට එන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක් ගැන. (සාමාන්‍ය කෙනෙක් මේක දැනගත්ත කියල වරදක් වෙන්නෑ ඉතින්) ඒක තමා HDD සහ SSD කියන්නෙ මොනාද කියන එක. කාගෙන් හරි ඒ ගැන ඇහුවොත් ගත් කටටම කියන්නෙ SSD තමා හොඳම කියල. ඉතින් ඒක ඇත්තක්ද? අපි ඒ ගැන ට…

Hard Disk සහ SSD ගැන සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියක් මෙතනින් කියවන්න.

7. USB Type C

ඔයා ගන්න Lap එකේ Usb C Port එකක් තියෙනවා ද බලන්න. මේක දැනට වැඩිය Use වෙන්නේ නැති උනාට ඉදිරියේ දී එන හැම Lap එකකම තියෙන්නේ Usb C Port එකක්. ඉතින් මේක තියෙනවා නම් හොඳයි කියලා තමයි කියන්නේ.

8. Biomatrix Protection

අලුතෙන් එන Laps වල නම් Keyboard එකේම Fingerprint Sensor එකක් එනවා. ඔයා ඔයාගේ පෞද්ගලික දත්තවල ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා නම් Biomatrix Protection ගැන ඔයා අනිවාර්‍යෙන්ම බලන්න ඕන. මොකද Password එකක්, Pin එකක් වගේ නම් Bypass කරලා දැනගන්න පුලුවන්. ඒත් Biometrix කියන්නේ ඔයාටම අනන්‍ය දෙයක්.

9. Your Budget

මේ කරුණු හැම එකක්ම සළකා බලලා ඔයා තීරණය කරන්න ඔයාගේ Budget එක. ඒකට Web siteවල එහෙම හොයලා බලන්න ඔයාගේ Budget එකට ගැළපෙන Laptops තියෙනවා ද කියලා.

10. මිලදී ගන්නා ආයතනය ගැන

ඔයා ගන්න යන shop එකේ Reputation එක කොහොම ද කියලත් හොයලා බලන්න. කවදාවත් පාරේ යන ගමන් දකින තැනකට ගිහින් ගන්න එපා. මොකද අපි ලොකු මුදලක් වියදම් කරලා දෙයක් ගනිද්දී ඒ අදාළ Shop එකෙන් ලැබෙන සේවාව ගැන සැළකිළිමත් වෙන්න ඕන. ඒක නිසා ඔයා ගන්න යන තැන Reputed Shop එකක් නම් එයාලට අනිවාර්‍යෙන් Facebook Page එකක් තියෙන්න ඕන. ඒකේ අනිවාර්‍යෙන්ම Customer Reviews බලන්න.

ඉහත කරුණු වලට අමතරව,

  1. Amazon වලත් Ratings බලන්න.
  2. එකම Model එකේ විවිධ Variants එන නිසා ඔයා බලලා යන Model එකෙයි Shop එකේ තියන Model එකයි දෙකම එකමද බලන්න. (msi වගේ නම් එක අකුරෙන් වෙනස් වෙන වෙලාවල් තියනවා)
  3. එක YouTube Channel එකකින් නැතුව Channel කීපයකින් Reviews බලන්න.

එහෙනම් මෙන්න මේ කරුණු 10 ගැන හොඳින් හොයලා ඔයාට අවශ්‍ය හොඳම Laptop එක තෝරාගන්න.

තවත් දෙයක් Laptop එකක් තෝරාගැනීමේදී ඔයාල විශේෂයෙන්ම සලකලා බලන දේවල් මොනවද කියල Comment Section එකේ දාන්නත් අමතක කරන්න එපා.