Loading...
HDD සහ SSD කියන්නේ මොනවාද? SSDද හොඳටම කරන්නේ?

‌අද මම කතාකරන්න  යන්නේ PC එකක් Build කරන කෙනෙකුට තමන්ගේ Storage Device එක තෝරනකොට එන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක් ගැන. (සාමාන්‍ය කෙනෙක් මේක දැනගත්ත කියල වරදක් වෙන්නෑ ඉතින්) ඒක තමා HDD සහ SSD කියන්නෙ මොනාද කියන එක. කාගෙන් හරි ඒ ගැන ඇහුවොත් ගත් කටටම කියන්නෙ SSD තමා හොඳම කියල. ඉතින් ඒක ඇත්තක්ද? අපි ඒ ගැන ටිකක් හොයල බලමු.‌‌

HDD(Hard Disk Drive)

අපි දන්න කාලෙක ඉදන්ම පරිගණක වල බහුලවම භාවිත වෙන්නෙ Hard disk drive හෙවත් HDD තමයි. මෙතනදි වෙන්නෙ Magnatic Field එකක් පාවිච්චි කරල HDD එකේ තියෙන තැටි(Platter) උඩ Data Write කරන එක(සරලව පැහැදිලි කරල තියෙන්නෙ කාටත් තේරෙන්න)

මූලිකව Laptop හා Desktop වලට 2.5-inch හා 3.5-inch ප්‍රමාණ වලින් HDD තියෙනවා

  • Storage Capacity - 20TB  දක්වා  *සාමාන්‍ය වෙලදපොලේ
  • Read/Write Speed( Normal) - 80-160 MB/S
  • Connector Port - Sata සහ IDE Ports (මූලිකව)

SSD(Solid State Drive)

ඔන්න දැන් තමා වැදගත්ම දේ ගැන කියන්නේ.මෙතනදි තමා ගොඩක් කට්ටිය පටලව ගන්නෙ. SSD වලදි HDD වල වගේ නෙවෙයි Data Store කරන්නේ Storage  Chip වල. ඒ වගේම SSD වල වටිනාකම ගත්තම සාමාන්‍ය HDD වලට සාපේක්ෂව මිලෙන් අධික වනවා. මේ වෙනකොට අපිට මූලිකව SSD වර්ග 3 ක් වෙළඳපලේදී මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

  1. SATA SSD
  2. M.2 SATA SSD
  3. M.2 Nvme SSD

අපී මේ වර්ග තුන ගැන කතා කරමු

1. SATA SSD

SSD වලින් මේක තමා අපිට මුලින්ම හම්බවෙන්නෙ. මේක සාමාන්‍යයෙන් ඕනෑම පරිගණකයකට වාගේ පාවිච්චි කරන්න පුලුවන් (ගොඩාක් පරණ පරිගණක වලට නම් මේවා භාවිතා කිරීමේ හැකියාව නෑ.)) මෙහි ප්‍රමාණය ගත්තම මේ වෙනකොට වෙළඳපලේ දකින්නට ලැබෙන Laptop පරිගණක වල තියෙන සාමන්‍ය Laptop HDD එකක ප්‍රමාණය වන අඟල් 2.5ක අගයක් තමයි ගන්නේ.

SSD එකක් සාමාන්‍ය වෙළඳපලේදී 8TB පරිමාව දක්වා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. SSD එකක සාමාන්‍ය Read සහ Write දත්ත හුවමාරු වේගය 530 සහ 500 MB/s වැනි අගයක් ගන්නවා. ඒ වගේම SSD එකක් පරිගණකයකට සම්බන්ධ කිරීම සඳහා භාවිතා වන්නේ SATA port එක වන අතර මේවාගේ ආයු කාලය සාමාන්‍ය HDD එකක ආයුකාලයට වඩා බෙහෙවින් අඩුයි.

2. M.2 SATA SSD

අලුත් පරම්පරාවේ SSD වලින් මේක තමා අපිට මුලින්ම හම්බෙන SSD වර්ගය. ගොඩක් කට්ටිය මේක NVMe එකත් එක්ක පටලව ගන්නවා. මේකෙ Pin Array එකෙන් ලේසියෙන්ම NVMe (NVMe ගැන පහල වෙනමම හඳුන්වාදීම කර තිබෙනවා.) ඒකත් එක්ක වෙන් කරල හොයාගන්න පහසුවෙන් පුලුවන්.

SATA M.2 වර්ගයේ SSD වෙළඳපලේදී 2TB පරිමාවක් දක්වා මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. SATA M.2 එකක සාමාන්‍ය Read සහ Write දත්ත හුවමාරු වේගය 530 සහ 500 MB/s වැනි අගයක් ගන්නවා. ඒ වගේම SATA M.2 එකක් පරිගණකයකට සම්බන්ධ කිරීම සඳහා භාවිතා වන්නේ M.2 port එක වන අතර මේවාගේ ආයු කාලය සාමාන්‍ය HDD එකක ආයුකාලයට වඩා බෙහෙවින් අඩුයි.

මේකේ වැදගත්ම දේ තමා SATA M.2 වර්ගයේ SSD එකක් M.2 Port එකට සම්බන්ධ කරත් Pc එකේ තියෙන SATA Port එකක් Disable වෙන්න පුලුවන් කම තිබීම.

3. NVMe M.2 SSD

මේක තමා අලුත් පරම්පරාවේ දෙවෙනියට හම්බවෙන SSD එක.cමේක ගැන තමා කට්ටිය ගොඩක්ම කතාවෙන්නේ. එක අතකින් ගත්තාම මේක ඇත්තටම සුපිරි. එක අතකින් කිව්ව එකට හේතුව පහල කියවන් යද්දි ඔයාලට තේරෙයි. මේකෙදි Data Transfer වෙන්නේ PCIe lanes හරහා ඒක නිසා NVMe M.2 SSD වල speed එක ඉතාමත් ඉහළ අගයක් ගන්නවා.

NVMe M.2 වර්ගයේ SSD වෙළඳපලේදී 2TB පරිමාවක් දක්වා මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. NVMe M.2 එකක සාමාන්‍ය Read සහ Write දත්ත හුවමාරු වේගය 3500 සහ 2500 MB/s වැනි අගයක් ගන්නවා. NVMe M.2 SSD තියෙන ලොකුම දුර්වල තාවය තමයි SATA SSD වලට සාපේක්ෂව අධික විදුලි පරිභෝජනය.

ඒ වගේම භාවිතාවේදී අධික රත්වීමකට ලක්වෙනවා. මේක පාවිච්චි කරනව නම් අනිවාරෙන් Pc එකේ හොද  Cooling එකක්  තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම NVMe M.2 එකට වෙනමම Heat Sink එකක් තියෙනව නම් වඩාත් හොදයි. මේවාගේ ආයු කාලය සාමාන්‍ය HDD එකක ආයුකාලයට වඩා බෙහෙවින් අඩුයි. ඒ වගේම මිලෙන් ඉතාමත් අධිකයි.

අන්තිමට කියන්න තියෙන්න ඔයාලට SSD එකක් OS එකටයි, Softwear ටිකයි Install කරගන්නයි විතරක් Storage එක විදියට පාවිච්චි කරන්න කියන එක තමා. තමන්ගෙ Normal Data Store කරන්න SSD එකක් පාවිච්චි කරන එක එච්චර හොද දෙයක් නෙවෙයි

ඉතින් ඔයාලට දැන් සරලව තේරෙන්වා ඇති HDD සහ SSD කියන්නෙ මොනාද කියන එක සහ ඒවා අතර තියෙන වෙනස්කම් ගැන,එහෙනම් තවත් මේ වගේ ප්‍රශ්නයකට උත්තරත් එකක් ආපහු හම්බවෙමු.