Loading...
මොනවද මේ 32-bit සහ 64-bit CPU කියන්නෙ

processors වල main categories දෙක තමා මේ 32-bit සහ 64-bit කියන්නෙ. මේ processor type එක computer එහෙක overall performance එකට බලපානවා.

32-bit processor

32-bit processor එක තමා 1990 ගනන් වල මුල් කාලය වෙනකන්ම computers වල use කරේ primary processor එක විදියට. Intel Pentium processors සහ මුල් AMD processors 32-bit ඒවා, ඒ කියන්නෙ operating system සහ software වැඩ කරන්නෙ 32 bits wide data units එක්ක. Windows 95, 98, සහ XP කියන සේරම 32-bit operating systems.

32-bit processor එකක් තියෙන computer එහෙකට 64-bit operating system එකක් install කරන්න බෑ . 32-bit operating system එකක් විතරයි install කරන්න පුළුවන් වෙන්නෙ.

64-bit processor

64-bit computers originate උනේ 1961 IBM ලා IBM 7030 Stretch supercomputer එක හැදුවහම. නමුත්, මේවා home computers වලට පාවිච්චි කරන්න ගත්තෙ නෑ 2000 මුල් කාලය වෙනකන්. Microsoft ලා Windows XP 64-bit version එහෙකුත් release කරා මේ 64-bit processor තියෙන computers වල use කරන්න.

මෙතනදි 64-bit processor එහෙකට 64-bit හෝ 32-bit operating system install කරන්න පුළුවන්. කොහොම උනත් 32-bit operating system එකක් එක්ක 64-bit processor එකක් use කරොත් processor එක full capabilities වලින් run වෙනවා බලන්න බැරි වෙනවා අපිට.

64-bit processor එකක් තියෙන computer එහෙක අපිට 16-bit legacy program එකක් run කරන්න බෑ . 32-bit programs ගොඩක් 64-bit processor එකක් සහ operating system එකක් එක්ක වැඩ කරනවා, නමුත් සමහර පරන 32-bit programs තියෙනවා හරියට function වෙන්නැති හෝ function වෙන්නෙම නැති.

මොකක්ද මේ 32-bit සහ 64-bit CPU වල වෙනස

මේ 32-bit processor එක සහ 64-bit processor දෙක අතර තියෙන ලොකු වෙනස්කමක් තමා second එහෙකට perform කරන්න පුළුවන් calculations ගාන. මේක affect වෙනවා tasks complete කරන්න ගන්න speed එකට. 64-bit processors එනවා dual-core, quad-core, six-core, සහ eight-core කියන versions වලින්.

මේ Multiple cores වලින් වෙන්නෙ second එහෙකට perform කරන්න පුළුවන් calculations increase වෙන එක. මෙකෙන් වෙන්නෙ processing power එක වැඩි වීමක්. ඒක උදව් වෙනවා computer එක fast run වෙන්න. calculations ගොඩක් ඔනෙ වෙන Software programs වලට වේගයෙන් හා කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් මේ multi-core 64-bit processors වල.

තව වෙනසක් තමා මේ 32-bit processors සහ 64-bit processors වල support කරන maximum memory (RAM) එක. 32-bit computers වලට support කරන්නෙ maximum  4 GB (232 bytes) memory එකක්. නමුත් 64-bit CPU වලට theoretically 18 EB (264 bytes) maximum address  කරන්න පුළුවන්. කොහොම නමුත් 64-bit CPU වල addressable RAM practical limit එක 8 TB වගේ.

හොද RAM එකක් especially ඔනේ වෙනවා graphic design, engineering, සහ video editing programs වලට මොකද මේවට ගොඩක්  calculations  perform කරන්න වෙනවා ඒවායේ images render කරන්න එහෙම.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ 64-bit processors තමා දැන් හැමතැනම use වෙන්නෙ සහ use වෙන්න ගන්නෙ. තාමත් 32-bit processors එනවා නමුත් ඉක්මනටම ඒකත් නවතී.