Loading...
එක SIM එකක් හරහා Dual SIM භාවිතා කිරීමේ නව තාක්ෂණයක් සොයා ගැ​නේ

තාක්ෂණික දියුණුවත් සමඟ මේ වන විට බොහෝ පුද්ගලයින් තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා Smart phone භාවිත කරනු ලබනවා. එලෙස භාවිත කරන බොහෝ Smart phonesවල SIM Card දෙකක් අඩංගු වීම මේ වන විට සාමාන්‍ය දෙයක් වි තිබෙනවා.

ඒ වගේම මේ වන විට මෙලෙස භාවිත වු Dual Physical SIM Cards වෙනුවට එක Physical SIM Card එකක් සහ තවත් එක eSIM එකක් භාවිත කරන්න බොහෝ දෙනා පුරුදුව සිටිනවා. ඒ Physical SIM Card මෙන් සම්බන්ධතාවය වෙනස් කිරීමට SIM Card එක මාරු කිරීම වෙනුවට සරලව On හෝ Off කිරීම ඔස්සේ අවශ්‍ය සම්බන්ධතාවය සක්‍රිය කර ගත හැකි විම නිසයි.

මේ eSIM සහ SIM Card එකේ අනාගතය වන iSIM පිළිබඳව අප මීට පෙර ඔබ වෙත ගෙන ආ ලිපිය තුළින් වැඩි විස්තර ලබා ගත හැකියි. ඒ වගේම ඔබගේ දුරකථන අංකය සඳහා eSIM එකක් සදා ගන්නේ කෙසේද යන්නත් මේ ඔස්සේ ඔබට තොරතුරු ලබා ගත හැකියි.

SIM කාඩ්පතේ වර්තමානය (eSIM) සහ අනාගතය (iSIM)
තාක්ෂණික දියුණුවත් සමග අප සියල්ලන්ටම ස්මාර්ට් දුරකථනයක් භාවිතා කිරීමට සිදුවීම 2022 වසර වන විට අතිශය සාමාන්‍ය කාරණාවක් වී ඇත. දුරකථන ඉතිහාසය පිළිබඳව සැලකීමේ දී ජංගම දුරකථන සඳහා එයට අවශ්‍ය සන්නිවේදන ආවරණය ලබා ගැනීම සඳහා SIM Card දුරකථනයට අත්‍යාවශ්‍ය කොටසක් බවට පත් වීම නූතනයේ සුලභ දසුනකි. SIM එකක් යම් පුද්ගලයෙකු සඳහා අනන්‍ය සාධකයක් වන අතරම මෑත කාලයේ එම SIM වලට ආදේශකයක් වශයෙන් තාක්ෂණික දියුණුවත් සමග eSIM භාවිතයට නැඹුරු වීම සඳහා දුරකථන නිෂ්පාදන සමාගම් කටයුතු කරමින් පවතී. එයට කදිම උදාහරණයක් වශයෙන් මෑ
ඔබගේ දුරකථන අංකය සඳහා eSim එකක් සාදා ගන්නේ මෙහෙමයි
අද මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ eSim පහසුකම ලබා ගන්න පුලුවන් දුරකථන සේවා සැපයුම්කරුවන් පිළිබඳව සහ එම සේවාව අපේ Smartphones සඳහා ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.

කෙසේ වෙතත් Physical හෝ eSIM දෙවර්ගයම භාවිත කරන ඔබ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ එම SIM Card හෝ eSIM එක සඳහා දුරකථන සේවා සපයන සමාගමේ ආවරණ කලාපයෙන් හෝ දුරකථන සේවා බිද වැටිම්වලට ලක් වීමයි. මේ නිසා ඔබට ඇමතුම් හෝ පණිවිඩ යැවිමේ / ලැබිමේ හැකියාව අහිමිව යනවා.

මෙම ගැටලුව ලංකාව තුළ ජීවත් වන ඔබට නම් අලුත් දෙයක් නොවන අතර මේ ගැටලුවට පිළියමක් ලෙස හඳුන්වා දී ඇති නව SIM තාක්ෂණය සමග එක SIM Card එකක් ඔස්සේ SIM දෙකක් භාවිත කිරීමේ හැකියාව ලැබෙනවා.

Image Source- Design Everywhere

CSL Group එක නිවේදනය කර ඇති පරිදි මෙම තාක්ෂණය සහිත SIM Card “rSIM” නමින්, එනම් Resilient SIM ලෙසින් හඳුන්වනු ලබනවා. මේ rSIM එකට එය සතුව තිබෙන Network Connectivity එක පරික්ෂා කළ හැකි අතර ස්වයංක්‍රියවම එය සතුව ඇති Mobile Operator Profiles සමඟ මාරු විය හැකි වනවා. මේ සඳහා rSIM තුළ එකිනෙකට වෙනස් දුරකථන සේවා සැපයුම්කරුවන්ගේ Profiles දෙකක් පවතින අතර Default ලෙස සක්‍රියව පවතින ජාලයට යම් බාධාවක් මතුවු විට අමතරව පවතින දුරකථන සේවා සැපයුම්කරුගේ Profiles එකට ස්වයංක්‍රියව සම්බන්ධ වනු ලබනවා.

ඒ වගේම මොවුන් විසින් මේ rSIM සඳහා සේවා ලබා දෙන පළමු දුරකථන සේවා සපයන සමාගම් ලෙස Deutsche Telekom IoT සහ Tele2 IoT එකතු වි තිබෙනවා.

Source: www.rsim.com www.androidauthority.com