Loading...
නිවැරදිව AI Deepfake එකක් හදුනාගන්නේ මෙහෙමයි

කෘතීම බුද්ධිය සමඟ සාමාන්‍ය ජනතාවට සෘජුව අන්තර්ක්‍රියා කිරීමට නිදහස ලබාදී වැඩි කාලයක් නොවුනත් ඉතා සීග්‍ර දියුණුවක් කෘතීම‌ බුදිධිය අත්පත් කරගෙන ඇති බව නොරහසකි. තනිව ඉගෙන ගනිමින් Game එකක් Play කරන තැන සිට වාහනයක් තනිව රැගෙන යාම, මිනිස් මනස කියවීම දක්වා මිනිස් බුද්ධිය හා මිනිස් තාක්ෂණන් අතික්‍රමණය කර හමාරයි. අනෙක් සෑම දෙයකටම වාගේම, AI වලටත් හොද පැත්තක් සහ අදුරැ පැතිකඩක් පවතී. අද Android වැඩකාර​යෝ අපි කියන්න යන්නේ AI නිසා අපට තර්ජනයක් වී ඇති Deepfakes ගැන හා ඒවා හදුනාගන්න ක්‍රම පිලිබදවයි.

Deepfake කියන්නේ මොකක්ද ?

Deepfake යමු සරළවම කෘතීම බුද්ධිය භාවිතා කර නිමැවූ ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය අන්තර්ගතයකි. සෑම ශව්‍ය දෘශ්‍ය අන්තර්ගතයක්ම Deepfake එකක් වෙන්නෙ නෑ, හානිකර නොවන විනෝදාස්වාදයේ සිට වැරදි තොරතුරු පතරුවාහැරීම හෝ ව්‍යාජ පුවත් නිර්මාණය, වෙනත් පුද්ගලයෙකු මෙන් පෙනීසිටීම වැනි වඩාත් ද්වේෂ සහගත ක්‍රියාවලට මේ AI අන්තර්තයන් භාවිතා කිරිම Deepfake වලට අයිති වේ.

Lip-sync

කථනයේදී තොල්වල චලනයක් අනිවාර්යයයෙන් සිදුවේ, හොදින් නීරීක්ෂණයෙන් අපට Deepfake Videosවල වචන සමග ‌පුද්ගලයාගේ තොල් සමමුහුර්ථනයේ දෝෂ ඇති බව හඳුනා ගත හැකියි. එමගින් අපට යම්කිසි ඉගියක් ලබාගත හැක.

දැනට පවතින තාක්ෂණය අනුව, ඇස් පිල්ලම් ගැසීම් සහ ඇස්වල චලනයන් අනුකරණය කිරීමට AI වලට අපහසු වේ. එමනිසා සූක්ෂමව නිරීක්ෂණයෙන් යම්තාක් දුර‌ට අපට Deepfake එකක් හදුනා ගැනීමට ඇස්වල චලනයන් උදව් වේ.

Source

Inconsistent audio

Deepfake එකක් නිර්මාණය කරන කවරෙකු හෝ වැඩිපුර හෝ තම සම්පූර්ණ අවධානය යොමු කරනුයේ පරිපූර්ණ Video එකක් නිර්මාණයටයි, එබැවින් Video පටයට නොගැලපෙන ශබ්ධ, නොගැළපෙන ‌ඝෝෂා ගැන අවධානය යොමු කිරීමෙන් ඉගියක් ලබාගත හැකිය.

Reflect & Shadows

Deepfake Algorithms සෙවනැලි හා පරාවර්ථන මතුපිටවල් ප්‍රතිනිර්මාණය අතින් තවමත් ‌සෑහෙන ප්‍රාථමික මට්ටමේ පසුවනවා. එනිසා සෙවනැලි හා පරාවර්ථන පෘෂ්ඨ සෙමෙන්, සමීපව අධ්‍යනයෙන් අපට Deepfake ගැන ඉගියක් හෝ සම්පූර්ණ වශයෙන්ම අදහසක් ගත හැකියි.

මෙම ක්‍රමවේද වල ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ මෙම Deep learning algorithms නිරන්තරයෙන් නව දත්ත මත ඉගෙන ගනිමින් යාවත්කාලීන වීමයි. එනිසා අද කතා කරන මේ ක්‍රමවේදවල වලංගුතාවය නුදුරු අනාගතයේදී දීම අභි‌යෝගයට ලක්වීමට වැඩි ප්‍රවණතාවයක් පවතී.

මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන ආවේ පින්තූරයක් හෝ විඩීයෝ පටයක් Deepfake එකක් යැයි කියා ඉක්මනින් හා බැලූ බැල්මට හදුනාගැනීමට උපකාරී විය හැකි ක්‍රමෝපායන් කිහිපයක් පිළිබඳවයි.

සිතන්න ඔබ පොදු ස්ථානයක සිටිනවා, ඔබ පින්තූරයක් හෝ විඩීයෝ පටයක් දකිනවා, එවිට ඔබට එය ඡායාරූපගත කර යම් Tool එකකට දමා මෙය Deepfake එකක් දැයි බැලීමට සිතන අතර එයට යම්කිසි කාලයක් ගතවනවා. නිවැරදිතාව අවම වුවත් ඉහත සදහන් ක්‍රමවේද නිසා ඔබට යම්කිසි මට්ටමකට Deepfake එකක් හදුනා ගැනීමට මෙය උපකාරී වනවා නොඅනුමානයි.

මීලග ලිපියෙන් ඔබට AI Deepfake එකක් AI උපයෝගී කරගනිමින්ම නිවැරදිව හදුනා ගන්නා ආකාර​ය ගැන ගෙන ඒමට අප බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.