Loading...
Telegram use කරල torrents file GDrive එකෙන් download කරමු

ඔන්න අද මං කියලා දෙන්න හදන්නෙ telegram වලිං වටිනා වැඩක් ගන්න විදිය. ඉස්සෙල්ලම telegram ගැන පොඩි අයිඩියා එකක් ගන්න ඕනෙ අය අපේ නිමුත් සහෝදරයා ලියපු මේ ආටිකල් එක කියවලා බලන්න.

මොකක්ද මේ Telegram app එක
Telegram [https://telegram.org/] කියන්නේ දැනට තියෙන හොදම සහ security පැත්තෙන්ඉහලම app එකක් කියලා කියන්න පුළුවන් ඒ වගේම මේක දැනට අපි යුස් කරන WhatsApp,Messenger වගේ apps වලට වඩා ගොඩක් ෆීචර්ස් දෙනවා. ඉතින් අපි බලමු මේ Telegram එකෙන්අපිට තියෙන වාසි මොනවද කියලා. Cloud-Basedඅපිට Whatsapp ,Massenger …

Telegram වල download slow ද?

Gdrive(google drive) වගේ download speed එකක් ආවොත් කොහොමද? අහ් අමතක උනා..torrent පාවිච්චි කරන අයට torrent files gdrive වලින් download කරගන්න පුළුවන් වුනොත් කොහොමද?..අහ් එහෙනම් මෙන්න මේ මේ ලිපිය ඔයාලට තමා..

හරි ඔන්න බලමු එහෙනම් දැං මං මොකද්ද කියලා දෙන්න හදන්නෙ කියලා. මං අද කියලා දෙන දේ ගොඩක් වැදගත් වෙන්නෙ විවිද දේවල් download කරන්න මේ telegram පාවිච්චි කරන අයට තමයි. විශේෂයෙන් මේ telegram  හරහා ගොඩක් අය films Tv series ඩවුන්ලෝඩ් කරනවා. ඒ වගේම torrent download කරන අයටත් මේක ගොඩක් වැදගත් වේවි. මෙන්න මේ telegram හා torrent වල තියෙන files, gdrive හරහා ඩවුන්ලෝඩ් කර ගන්න විදිහ තමා අද කියලා දෙන්නෙ..

මේකට මුලින්ම telegram වල ඉන්න  bot කෙනෙක් හොයාගන්න ඕනේ.. ඒකට මේ @botostorebot කියන channel එක පාවිච්චි කරන්න පුළුවන්..සෙල්ලම් ඔයාලා ටෙලිග්‍රෑම් වල සර්ච් බාර් එකේ @botostorebot කියලා ටයිප් කරලා සර්ච් කරන්න...එතකොට පහල තියෙන වගේ චැනල් එකක් වලට පෙන්නාවි..

@botostorebot

ඊට පස්සේ චැනල් එකට ගිහිල්ලා /star ටයිප් කරලා send කරන්න.. ඊට පස්සේ පහල තියෙන screen shot එකේ විදිහට ඔයාලට අවශ්‍ය වන bot ව තෝරාගන්න google drive කියලා type කරලා send කරන්න. එතකොට පහල තිය්නවා වගේ දැං online ඉන්න bot ලා අපිට බලා ගන්න පුළුවන්.. මං අද කියලා දෙන්නේ gdrive වලට අප්ලෝඩ් කරන විදිය පමණක් නිසා මම කතා කරන්නේ කතා කරන්නේ gdrive ගැන පමණයි.

start
online bots

Part 1

හරි අපි බලමු වැඩේ වෙන විදිය.. මං හොයාගත්ත ලේසි බොට් කෙනෙක්ගෙන් වැඩේ කර ගන්න විදිහ අපි බලමු.. @gdriveupme_bot තමා අපි දැං පාවිච්චි කරන bot වෙන්නේ. ඔයාලා දැං @gdriveupme_bot කියන එක telegram search bar එකේ ටයිප් කරලා මෙන්න මේ botව හොයාගන්න. ඊටපසෙ ඒක start කරන්න.

@gdriveupme_bot

හරි මං දැං මේක steps විදියට කියලා දෙන්නම්
1. /start
2. /help
3. /login

steps 

              මේ login එක දුන්නාම එන authenticate එක අපි කරන්න ඕනෙ..ඒකට ඔයාලා authenticate කියන එක ටච් කරන්න. ඊට පස්සෙ එන ලිංක් එක ඕපන්  කරගන්න.

open link

ඊට පස්සේ ඔයාලා ඔයාලගෙ gmail එකකට log වෙන්න ඕනෙ.

log to gmail

එතනින් එන permission allow කරන්න ඕනෙ. එතකොට මේ පහල විදියට code එකක් එනවා.

copy this code

ඒක copy කරලා ඔයාගෙ bot ට past කරලා සෙනඩ් කරන්න. එතකොට join channel To access Bot ? කියලා channel එහෙකට log වෙන්න කියයි.

past code and send

ඒකට join වෙන්න. එතකොට මෙහෙම චැනල් එකකට ජොයින් වෙයි. ඒකෙ ඔයාගෙ බොට් ගැන update එහෙම එනවා.. ඒක එච්චර වැදගත් නෑ..

දැං ආයෙත් අපි අපේ bot channel එකට එමු. එතකොට Authorized successfully ?? කියලා වැඩිලා තියෙයි.

Authorized successfully

හරි දැං ඔයාලට ඕනෙ film එක tv series එක telegram walin හොයාගන්න. ඊටපස්සෙ ඒක අපේ bot channel එකට forward කරන්න.

forward

එතකොට ඔයාලට පෙනෙයි ඒක gdrive වලට upload වෙනවා process වෙන එක. සුලු වෙලාවක් ඇතුලත මේක upload වෙනවා.

download to gdrive

ඒක upload වෙලා ඉවර උනාම ඔයාලට download කියලා පෙන්නයි.

download 

දැං ඔයාලා ඔයාලගෙ gdrive account එකේ බලන්න අදාල film එක tv series එක ඇති. එතනිං ඉතිං හොඳ speed එකකිං ඒක download  කරගන්න. දැං ඉතිං දිගටම තියෙන්නෙ අවශ්‍ය files අර bot ට forward කරන එක විතරයි..එයා ඉතුරුටික කරලා දෙනවා අපිට.

අහ් තව දෙයක්.. seedr, mega වගේ site walata අපි upload කරපු file උනත් gdrive වලට දාන්න මේක හොඳ ක්‍රමයක්. කරන්න තියෙන්නෙ ඒ file වල link ටික copy කරලා bot ට send කරන එක විතරයි. ඉතුරු ටික අර වගේමයි.

seedr to gdrive

Part 2

අපි මෙතනදි බලමු torrent files කොහොමද gdrive වලට upload කරගන්නෙ කියලා.. ඒකට මං use කරන්නෙ  @torrentdrive_bot කියන bot ව. Part 1 වල විදියටම මෙයාවත් search කරලා හොයාගෙන /login වෙලා ඉවර වෙනකං දක්වා වැඩේ කරගෙන යන්න.

@torrentdrive steps

හරි දැං බලමු torrent file එක කොහොමද gdrive වලට upload කරගන්නෙ කියලා. ඒකට අපිට අදාල torrent file එකේ magnet link එක ඕනෙ වෙනවා..
ඒ magnet link එක copy කරගන්න. ඊට පස්සෙ අපේ bot ට මේ කමාන්ඩ් එක දෙන්න.

copy magnet link

/up කියලා type කරලා space එකක් තියලා අදාල magnet link එක past කරලා send කරන්න.

send magnet link

දැං ඉතිං que එකේ තිබිලා( මේක que එකේ ටිකක් වෙලා තියෙන්න පුලුවන් bot busy වෙලා තිබුනොත් ) upload වෙන්න පටං ගන්නවා ඔයාලට පෙනෙයි..

uploading torrent to gdrive

upload වෙලා ඉවර උනාම කරන්න ඕනෙ දේ ඉතුරු ටික ඔයාලා දන්නවා ඇතිනෙ. Gdrive එකට ගිහිං download කරගන්න speed එකෙන්ම.

Post එකනම් ටිකක් දිගයි. තියෙන්නෙ විනාඩි 2ක විතර වැඩක්. අවසාන වශයෙං මේක ලියපං කියලා idea එක දුන්න අවිශ්ක මලයට ස්තූතිය පල කරනවා..