Loading...
Intel සමාගමේ වාර්තාවකින් Windows 11 මෙම වසරේ ඔක්තෝම්බරයේ නිකුත් වන බවට තොරතුරු වාර්තා වේ

පසුගිය මාසයේදී Microsoft සමාගම විසින් නිකුත් කිරීමට නියමිත නවතම Windows මෙහෙයුම් පද්ධතිය වන Windows 11 සංස්කරණය එලිදැක්වීම සිදු කල අතර එය නිල වශයෙන් පොදු භාවිතාව සඳහා නිකුත් වන දිනයක් පිළිබඳව සඳහන් කරේ නැත. මේ වන විට Windows 11හි Insider preview හි developer build එක ලබා ගත හැකිය. මේ වන විට පලවන නවතම හොරතුරු අනුව Intel සමාගම විසින් නිකුත් කල drivers patch note එකකට හරහා Windows 11 නිකුත් වන දිනය පිළිබඳව ආසන්න වශයෙන් තොරතුරු වාර්තා වනවා.

Windows 11 Release Date Set for October

Windows Latest වෙබ් අඩවියේ වාර්තාවකට අනුව DHC GPU හි driver 30.0.100.9684 සංස්කරණයන් Windows 10 සහ Windows 11 සංස්කරණයන් සඳහා නිකුත් කරන කාල සීමාවන් ඔවුන්ගේ readme.txtහි දක්වා තිබෙනවා. ඒ අනුව Microsoft Windows 11-64 - October 2021 Update (21H2) සඳහා ඉහත කී GPU Driver එක 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී නිකුත් වීමට නියමිතය.

Windows Latest වෙබ් අඩවියේ සඳහන් වූ ආකාරය
Beebom වෙබ් අඩවිය විසින්ද එහි screenshot එකක් ලබාගෙන තිබුණු ආකාරය

ඒ අනුව Windows 11 සංස්කරණය පොදු භාවිතාව සඳහා නිකුත් කිරීම 2021 වර්ෂයේ තෙවන හෝ සිව්වන සති වලදී සිදු විය හැකි බවට මත පල වෙනවා. මීට අමතරව Windows 11 21H2 සංස්කරණය මෙන්ම Windows 10 සඳහාද 21H2 සංස්කරණයක්ද නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා.

Windows 11 වල සිට එක වසරකට එක major update එකක් යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වීමට සූදානම් වන Microsoft සමාගම Windows 11හි මූලික නිකුත් කිරීමෙන් පසුව 2022 වර්ෂයේ දෙඅන භාගයේදී සිදු කරනු ඇත.

ඔබට තවමත් Windows 11 ලැබෙන තුරු ඉවසීමෙන් සිටීමට නොහැකි නම් ඔබට Windows Insider සමඟ එක්ව Windows 11 හි developer preview එක ලබා ගත හැකිය. එය ලබා ගැනීම සඳහා මේ වන තුරුත් Microsoft සමාගමෙන් කිසිඳු අවහිරතාවයක් කර නොමැත. ඒ කෙසේ වුවත් යම්හෙයකින් ඔබ Windows 11 Insider Preview සමඟ එක්වීමට තීරණය කරනවා නම්, තවමත් Windows 11 පවතින්නේ beta සංස්කරණයේ වන බව සහ එහි විශාල bugs ප්‍රමාණයක් ඇති බව සහ ඔබගේ දිනපතා සිදු කරන කටයුතු සඳහා එය භාවිතා කිරීම සුදුසු නැති බව මතකයේ තබා ගන්න.

Source: Windows Latest