Loading...
Windows 11 නිල වශයෙන් එලි දැක්වීමට Microsoft ආයතනය කටයුතු කරයි; අවශ්‍යය අවම පහසුකම් මොනවාද?

ඔබට මතක ඇති අද දින ( ජුනි 24 ) නව Windows සංස්කරණයක් එළිදැක්වීමට Microsoft සමාගම සුදානමින් සිටින බවට අපි ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව මිට සුලු මොහොතකට පෙර Microsoft සමාගම විසින් ඔවුන්ගේ මීලග OS එක ලෙස Windows 11 නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

Windows 11 OS එක සදහා Windows 10 OS එකෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වු නව User Interface එකක් ලබා දිමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා. මේ Windows 11 සංස්කරණය ඔස්සේ Start Menu එකේ හා Taskbar එකේ පිහිටිම වෙනස් කර Desktop එකේ මධ්‍යයට ස්ථානගත කර තිබෙනවා. Windows 10 වල තිබු Live Tiles ඉවත් කර තිබෙන අතර එය Pin කල හැකි Icon Grid වලින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. ඒ වගේම Windows 10 වල නොතිබුණ නව Widgets Feature එකක්ද මේ සමග ලබා දි තිබෙනවා.

මේ නව Windows 11 මගින් OS එකේ පවතින sound හා design experiences එක වැඩි දියුණු කර තිබෙන අතර Windows Snap Assist පහසුකමත් ලබා දි තිබෙනවා. ඒ හරහා විවිධ වූ ආකරයට තම තිරය මත විවිධ ප්‍රමාණයන්ගෙන් විවෘතව පවතින windows හැසිරවීමේ හැකියාව ලබා දී තිබෙන අතර මේ හරහා වැඩිම වාසියක් අත්වන්නේ තමන්ගේ වැඩ කටයුතු කිරීමේදී එක වර windows කිහිපයක් open කරගන්නා අයට මෙන්ම පළලින් වැඩි තිර භාවිතා කරන අයටයි.

Windows OS එක මත ක්‍රියාත්මක වෙන Tablets සදහා ද මේ නව සංස්කරණය ඔස්සේ වැඩි දියුණු කිරිම් ලබා දි තිබෙනවා. ඒ අනුව Apps Minimizing හෝ Maximizing කිරිම සදහා නව Gestures හදුන්වා දි ඇති අතර Snap කිරිමේ හැකියාවත් ලබා දි තිබෙනවා. ඒ වගේම Windows 10වලට වඩා හොද Touch Keyboard එකක් මේ OS එක සදහා ලබා දි තිබෙනවා.

මිට අමතරව File Explorer, Microsoft Store හා තවත් Apps විශාල ප්‍රමාණයක් Windows 11 සදහා Redesign කර තිබෙනවා. Skype App එක Replace කිරිම සදහා Microsoft Teams මගින් ක්‍රියාත්මක වෙන නව Chat App එකක් හදුන්වා දි තිබෙන අතර Windows 11හි Skype App එක Preinstall නොවනු ඇත.

ඒ වගේම මින් පෙර කිසිදු Windows OS එකක නොමැති Android Apps සසහා සහය දැක්විමේ හැකියාව Windows 11 සංස්කරණය ඔස්සේ ලබා දිමට Microsoft සමාගම ක්‍රියාකර තිබෙනවා. මෙහිදි Microsoft store එක හරහා Android Apps Install කරන්න ලබා දෙනු ලබන්නේ Amazon Appstore එක හරහා වෙනවා.

Microsoft සමාගම දක්වන ආකාරයට Windows 11 සංස්කරණය Windows 10 භාවිත කරන Usersලා සදහා නොමිලේ ලබා දෙනු ඇත.

Windows 11 ඔබගේ පරිගණකයට ස්ථාපිත කරගැනීමට අවශ්‍ය අවම System requirements

අපි දැන් බලමු මේ අලුතෙන්ම Microsoft සමාගම විසින් හදුන්වා දුන් Windows 11 අපේ පරිගණකයකට ලබා ගැනිමට නම් තිබිය යුතු අවම System Requirements මොනවද කියල.

  1. A modern 1Ghz 64-bit dual-core processor
  2. 4GB RAM
  3. 64GB drive
  4. 9-inch display
  5. 1366x768 resolution
  6. UEFI, Secure Boot & TPM 2.0 compatible
  7. DirectX 12 compatible graphics / WWDM 2.x

ඒ අනුව Microsoft Windows 11 OS එක ක්‍රියාත්මක වෙනුයේ 64-bit Processors වල පමණක් වෙන අතර 32-bit Processors සදහා මේ OS එක සහය නොදක්වනු ලබනවා. එනම් Microsoft සමාගම විසින් Windows 11 OS එකේ 32-bit Version එකක් නිකුත් නොකරනු ඇත. මේ අතරම Microsoft සමාගම විසින් Windows 11 සදහා අවශ්‍ය Drive Storage එක 64GB දක්වා ඉහල දමා තිබෙනවා.

Windows 10 වලදි නම් 32GB Drive Storage එකක් ප්‍රමාණවත් වුවා. ඒ වගේම Windows 10 සදහා අවශ්‍ය අවම RAM ධාරිතාව වු 2GB අගය Windows 11හි 4GB දක්වා ඉහල දමා තිබෙනවා.

ඒ වගේම Windows 11 සදහා අවම වශයෙන් අගල් 9 ක Display අවශ්‍ය වෙනවා. ඒ අනුව අගල් 9ට අඩු Display සහිත Phones හෝ Mini Tablets මගින් Windows 11 OS එක බලාපොරොත්තු විමේ හැකියාවක් නොමැති වෙනවා.

නව Windows 11 OS එක සදහා UEFI, Secure Boot හා TPM 2.0 Support අවශ්‍ය වෙන අතරම මේ Requirements නොමැති නම් Windows 11 OS එක නිසි පරිදි ක්‍රියාත්මක වේ යැයි බලාපොරොත්තු විය නොහැකි වෙනවා.

ඒ වගේම දැන් ඔයාට කුතුහලයක් එනව ඇති ඔයාගේ Laptop හෝ PC එක Windows 11 වලට සහය දක්වයිද, නැද්ද කියල. මෙන්න මේ Link එකෙන් PC Health Check Tool එක Download කරලා, ඒක Install කරගෙන ඔයාගේ Laptop එක හෝ PC එක Windows 11 වලට සහය දක්වයිද කියල බලන්න. මේ තිමිර සහෝදරයාගේ එක Laptop එකක SS එකක්.

මතක තබා ගන්න, එලිදැක්විම යනු නිකුත් කිරීම නොවේ. Microsoft ආයතනය පවසන අන්දමට Windows 11 update එකක් release කිරීම 2022 මුල් භාගයේදී සිදුවිය හැක.

Source : Windows Central