Loading...
ජුනි 24 නව Windows සංස්කරණයක් එළිදැක්වීමට Microsoft සමාගම සූදානම් වේ (Windows 11 වෙයිද?)

Microsoft සමාගම මඟින් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය Windows 10 Sun Valley (21H2) ලෙස යාවත්කාලීන කිරීමත් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරන බවට වාර්තා වනවා. Microsoft ප්‍රධාන විධායක නිලධාරී "සත්‍යා නාඩෙල්ලා" මහතා මෑතකදී තහවුරු කළේ වින්ඩෝස් හි ඊළඟ Version එක සැලකිය යුතු වැඩි දියුණු කිරීම් සමඟ ගෙන ඒමට කටයුතු කරන බවයි.

අප දැන සිටියේ එම Update එක ඉක්මනින්ම එළිදැක්වීමට කටයුතු කරන බවයි. අපට දැන් එය නිකුත් කරන නිල දිනයක් වාර්තා වී තිබේ. ඒ අනුව Microsoft විසින් සිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරණය ජුනි 24 වනදා Standalone Event එකේදි එළිදැක්වීමට නියමිතයි.

වින්ඩෝස් හි නිල Twitter ගිණුම මඟින් මෑතකදී වින්ඩෝස් ලාංඡනය පෙන්වන කෙටි Teaser වීඩියෝවක් සමඟ Twitter පණිවිඩයක් බෙදා ගත් අතර මීළඟ Microsoft Event එක ජුනි 24 වනදා නිවේදනය කරන බව ඔවුන් පවසා සිටියේය. Microsoft හි නූතන ජීවී හා සෙවුම් සහ උපාංග සමූහයේ ආයතනික උප සභාපති යූසෆ් මෙහ්ඩි මහතා Microsoft හී නිල Tweet එක උපුටා දක්වමින් පවසා සිටියේ Windows 95 සිට Windows හි මෙම නව සංස්කරණය එන තෙක්ම ඔහු මෙතරම් කලබල වී නොමැති බවයි. ඔහු ඒ පිළිබඳ Twitter පණිවිඩයක් තබා තිබුනේ පහතාකාරයටය.

දැන්, වින්ඩෝස් හි අලුත් Version එක අත්‍යවශ්‍යයෙන්ම Sun Valley Update එක බවට නම් සැකයක් නැත. ඔබට මතක ඇති නම්,Microsoft සමාගම විසින් මීළඟ පරම්පරාවේ වින්ඩෝස් වෙත වැඩි අවධානයක් යොමු කිරීම සඳහා මේ වසරේ නිකුත් කිරීමට අපේක්ෂිතව තිබූ Windows 10X නිකුතුව අවලංගු කලා.

ඉතින්, එළඹෙන Windows Update එක තුල ඇතුළත් කර ඇති නව විශේෂාංග ගැන අප කරුණු කිහිපයක් ගෙන ඒමට කැමතියි. ඒවා නම්, Redesign කරන ලද Action Center එකක් , වටකුරු කල කොන් (Rounded Corners) සමඟ Design කල Overhaulted UI එකක්,
Redesign කරන ලද Microsoft Store එක, වර්ණවත් Icons සහිත නව File Explorer යෙදුමක් ඇතුළුව තවත් බොහෝ දේ  මෙයත් සමඟ එක් විය හැක. ඔබට Windows Sun Valley (21 H 2) Update එක පිළිබඳ අප විසින් මීට පෙර Android වැඩකාරයෝ වෙබ් අඩවිය තුල පල කල ලිපිය මෙතනින් බලන්න. එවිට ඔබට ඒ ගැන හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්. නමුත් එම Update එක වින්ඩෝස් 11 හෝ වින්ඩෝස් (10H2) ලෙස හඳුන්වනු ලබයිද?

Microsoft Event එක ජුනි 24 වන දින උදෑසන 11 ට පමණ පැවැත්වීමට නියමිතයි. එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.30 ට පමණ විකාශය වේ. මෙම Event එක Microsoft හි නිල වෙබ් අඩවියේ සජීවීව විකාශනය වන බැවින් වැඩි විස්තර සඳහා Android වැඩකාරයොත් එක්ක රැඳී සිටින්න.

Sources: Microsoft, The Verge, CNBC