Loading...
අලුත්ම Samsung කාඩ්පත - Samsung Money by Sofi

අපි හැමෝම දන්නවනේ පසුගිය වසරෙදි  Release වුන Apple Card එක ගැන.

Apple කාඩ්පත

ඔන්න දැන් Samsung ආයතනයත් එයාලගේම Debit Card එකක් හදුන්වා දෙන්නයි සුදානම.

ඒ වගේම කියන්න පුලුවන් මේකත් ගොඩක් ජනප්‍රිය වෙයි කියල.මුලින්ම මේ කාඩ්පත භාවිතා කරන්න අවස්ථාව ලබා දෙන්නේ ඇමරිකාව සදහායි.

Card පතේ Tag Line එක

මේ Debit Card එක සදහා හවුල්කාර මුල්‍ය ආයතනය වෙන්නේ "SoFI" කියන Online Personal Finance Company එක. ඒ වගේම කාඩ්පත නිකුත් කරන්නේ Bancorp බැංකුව මගින්. ඒ වගේම මේ Card පතත් සමග Samsung Pay මගින් කාඩ්පතේ මුදල් කලමණාකාර කර ගැනිමට අවස්ථාව සලසනවා. Samsung Pay ආරම්භ වුනේ 2015 දි මෙහිදි ගනුදෙනුවලදි භාවිත වුනේ Magnetic Secure Transmission (MST) තාක්ෂණයයි. එනම් කාඩ්පතක් රහිත දුරකථනය හරහා ගනුදෙනු කිරිම්.

Samsung Debit Card පතත් Samsung Payත් එකතුව අපිට අලුත් අත්දැකිමක් ලබා දෙයි කියල විශ්වාස කරන්න පුලුවන්. මේ Debit Card පත හදුන්වා දෙන්න සුදානම් වෙන්නේ Samsung Pay සදහා වසර 05ක් සපිරිමත් සමගයි. අලුත්ම තොරතුරැ අනුව මේ Debit කාඩ්පත Samsung ආයතනය විසින් නම් කරල තියෙන්නේ  “Samsung Money by Sofi” කියල. ඒ වගේම මේ Card පත Bancorp Bank එක විසින් නිකුත් කරන Mastercard එකක් වෙනවා.

මේ  Samsung Money debit card එක මත කිසිම Account Fee එකක් අය නොකරන බව ඔවුන් සදහන් කරල තියෙනවා. ඒ වගේම හොද interest එකක් ලබා දෙන බවත් ඔවුන් ප්‍රකාශ කරල තියෙනවා.

Samsung Pay App එක හරහා අපිට කාඩ් පතේ මුදල් කලමණාකාරනය කරන්න වගේම , ගනුදෙනු විස්තර දැන ගන්නත් හැකියාව ලබා දිලා තියෙනවා. ඒ වගේම Samsung Pay App එක හරහා සෘජුව කාඩ් පතක් ඉල්ලුම් කිරිමටත් හැකියාව ලබා දිමට සුදානම් බව ඔවුන් ප්‍රකාශ කරල තියෙනවා.

අපිට අපේ Physical Card එක එන්න කලිනුත් Samsung Pay app එක හරහා Digitally ඕනේ ගණුදෙනුවක් කරන්න හැකියාව තියෙනවා.

Physical කාඩ්පත පැමිණෙන තුරැ Pay App එක මගින් ගණුදෙනු කිරිමට හැකියාව පවති.

මේ Physical කාඩ් මත මත වෙනත් Debit/Credit කාඩ්පත්වල වගේ CVC හෝ Expiration Date එකක් සදහන් වෙන්නේ. මේ තොරතුරැ බලා ගන්න පුලුවන් වෙන්නේ Samsung Pay App එක හරහා.

Samsung Pay App එක හරහා ගණුදෙනු විසතර පෙන්විම

Samsung Money by SoFi ගිණුම් සදහා  Samsung Knox මගින් ඉහල ආරක්ෂාවක් සපයලා තියෙනවා.ඒ වගේම Samsung Pay app එකේ ආරක්ෂාවත් Biometric හෝ  PIN Authentication මගින් වැඩි කරන්න කටයුතු යොදනවා කියලත් මොවුන් සදහන් කරල තියෙනවා.

Pay App එක සදහා ලබා දි ඇති Fingerprints හා PIN ආරක්ෂාව

ඒ වගේම මේ කාඩ් පත තුලින් අපේ ගණුදෙනු හරහා Samsung Reward Point උපයා ගැනිමට හැකියි. මේ Point Samsung නිෂ්පාදන මිලදි ගැනිමට භාවිතා කරන්න පුලුවන්. මේ කාඩ්පතේ මුදල් ඇමරිකාව තුල පිහිටා තිබෙන SoFi Partnership සහිත ATM 55,000 මගින් කිසිදු සේවා ගාස්තුවකින් තොරව ලබා ගැනිමටත් හැකියාව සලසලා තියෙනවා

මේ කාඩ්පත ලගදි එළිදැක්වීමට කටයුතු කරන බව Samsung සමාගම විසින් ප්‍රකාශ කරල තියෙනවා වගේම මේ කාඩ්පතක් සදහා ඉල්ලුම් කිරිමේ හැකියාවද ලබා දිලා තියෙනවා.

Source: Samsung