Loading...
Cloud Gaming සඳහා RGB Chromebook laptops Acer, ASUS සහ Lenovo වෙතින් නුදුරේදී​ම

Android වැඩකාරයෝ සමගින් එක්වී සිටින Gaming රසිකයින් සඳහා ඉතා වැදගත් ලිපියක් ලෙස මෙය මා විසින් ප්‍රථමයෙන් සඳහන් කළ යුතු ය. එයට හේතුව වන්නේ Gaming laptops අතරින් Cloud Gaming සඳහා ASUS, Acer සහ Lenovo සමගින් නිපදවන ලොව පළමු Chromebook Laptops ඉදිරියේදී නිකුත් වන පුවතයි.

Chromebook පිළිබඳව සඳහන් කිරීමේදී මෑත කාලීනව නොව දශකයකට ආසන්න කාලයක් මුළුල්ලේ විවිධ විශේෂාංග හඳුන්වා දෙමින් පරිඝණක වෙළඳපොල තුළ තරඟකාරී ක්‍රියාවලියක් පවත්වාගෙන් ගිය මෙම මාදිලිය පරිශීලකයන් අතර වඩා ජනප්‍රියතාවයට පත්වූයේ එදිනෙදා සිදුකරන කාර්යයන් ඉතාමත් පහසුවෙන් මෙන්ම ඉක්මණින් සිදුකර ගැනීමට හැකියාව සලසන නිසාවෙනි. ChromeOS මගින් බලගැන්වෙන මෙම මාදිලිය සඳහා Cloud Storage පහසුකම සහ විශේෂිත ආරක්ෂණ යාන්ත්‍රණයක් ද යොදවා තිබීම විශේෂත්වයකි. තවත් කරුණක් වන්නේ වඩා හොඳ විශේෂාංග ඇතුළත්ව මෙම Chromebook laptop පරිඝණක අනෙකුත් මාදිලි වලට සාපේක්ෂව අඩු මිලකට අලෙවි වීමයි.

කෙසේ වෙතත් මේ වන විට නිවේදනය කර ඇත්තේ ඉහත පෙන්නුම් කළ ආකාරයට Cloud Gaming සඳහා Acer, ASUS සහ Lenovo මාදිලි වෙතින් Chromebook පරිඝණක ඉදිරියේදී නිකුත්වන බවයි. මේ වන විට නිකුත් කර ඇති නවතම Games play  කිරීම සඳහා මෙන්ම Graphics සහ Software සඳහා විශේෂිත අවධානයක් යොමු කරමින් ඒ සඳහා ඉතාමත් ඉහළ මට්ටමේ විශේෂාංග කිහිපයක්ම එක් කර ඇති බව ඔවුන් සිදුකරන ලද නිවේදනයෙහි සඳහන් වේ.

Cloud Gaming යනු කුමක් ද?

මෙය ඇතැමුන්ට තරමක් නුපුරුදු වීමට යම් ප්‍රවණතාවයක් පවතී. එයට හේතුව වන්නේ මෙය එතරම් අපගේ රට තුළ භාවිතා වීම තරමක් අඩු ප්‍රවණතාවයක පවතින බැවිනි. එයට එක් ප්‍රධාන සාධාරණ හේතුවක් සැලකිය හැකි අතර එය මෙම ලිපිය අවසානය වන විට මෙය රසවිඳින ඔබහටම අවබෝධ වීමට මම ඉඩ සලසමි.

Cloud Gaming පිළිබදව අදහස මදක් ඉවත් කර බැලුවහොත් ඔබ සහ මම 2022 වන විට Netflix වැනි යෙදුම් පිළිබඳව නොඅසා සිටීමට හේතුවක් නොමැත. Netflix හි ක්‍රියාවලිය වන්නේ පරිශීලකයා විසින් අදාල වෙබ් අඩවිය වෙත පිවිස තමාට අවශ්‍ය සිනමාපටය හෝ වීඩියෝව නැරඹීමයි. මෙහිදී ඔබ විසින් බාහිරින් ලබාගන්නා වීඩියෝවක් හෝ Download කරන ලද වීඩියෝවක් නැරඹීම සිදුනොකරයි. එම සමාගමට අදාල Servers හරහා ඔබට අවශ්‍ය වීඩියෝව පමණක් නැරඹීම සිදුකරයි. ඉතින්? Cloud Gaming ලෙස සලකන්නේත් මෙවැනිම ක්‍රියාවලියක් ඔස්සේ සිදුවන සංසිද්ධියකි.

Cloud Gaming තුළ සිදුවන්නේ පරිශීලකයා විසින් අදාල ක්‍රීඩා එයට අදාල Data Centers තුළ පවතින Servers හරහා ක්‍රීඩා කිරීමයි. තරමක් පෙර අප විසින් Computer Games CDs මගින් ක්‍රීඩා කිරීම සිදුකළ අතර එය වර්තමානය වන විට යම් යෙදුමක් හරහා Download කිරීමකින් අනතුරුව ක්‍රීඩා කිරීම සිදුකරයි. නමුත් Cloud Gaming  තුළ දී මෙවැනි කිසිඳු Install කිරීමක් අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ ඉතාමත් හොඳ මට්ටමේ ස්ථාවර වේගවත් අන්තර්ජාල පහසුකමක් (Internet Service) පමණි.

මෙම කෙටි පැහැදිලි කිරීම හරහා පාඨක ඔබ වෙත නිවැරදි අදහසක් ලැබෙනු ඇතැයි මම විසින් අපේක්ෂා කරමින් මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඔබ වෙත රැගෙන ඒමේ බලාපොරොත්තුවක් සහිතව Cloud Gaming පිළිබඳම හැඳින්වීම මෙතැනින් අවසන් කිරීමට සිදුවේ.

Cloud මගින් බලගැන්වෙන Gaming Chromebooks පෙළ.

පෙර සඳහන් කළ ආකාරයටම ලොව ප්‍රමුඛතම සන්නාම තුනක් යටතේ නිකුත් වන මෙම Chromebook පරිඝණක පෙළ වන්නේ Acer Chromebook 516 GE, ASUS Chromebook Vibe CX55 Flip සහ Ideapad Gaming Chromebook from Lenovo වේ. මෙම පරිඝණක Gaming සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති අතරම වඩා හොඳ මට්ටමේ රූප සංකලනයන් ලබා දීම සඳහා 120Hz+ High Resolution Screen, RGB Gaming Keyboard with anti-ghosting capabilities, Wi-Fi 6 හෝ 6E පහසුකම මෙන්ම ඉතාමත් හොඳ මට්ටමේ Audio පහසුකම් ද අන්තර්ගත වේ.

පහත සඳහන් ඡායාරූප එකතුව මගින් මෙලෙස නිකුත් වන පරිඝණක වල ඇති Features දැනගැනීමට හැකියාව ඇත.

මෙම සියලුම Cloud Gaming Chromebooks සඳහා GameBench තුළින් වෙන් වෙන් වශයෙන් සිදුකළ පරීක්ෂණ වලින් ලබාගත් ප්‍රථිඵල ආශ්‍රයෙන් නිවේදනය කරමින් සඳහන් කරන්නේ මෙම පරිඝණක සියල්ල ඉතාමත් හොඳ මට්ටමේ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවයි.

NVIDIA සමග එක්වන Chromebook

Cloud Gaming සඳහා ඉතාමත් ඉහළ මට්ටමේ Graphics අන්තර්ගත වීම අනිවාර්යය නොවූවත් ක්‍රීඩා කරන පරිශීලකයන් වෙත ගුණාත්මක සේවාවක් ලබාදීම මෙන්ම ඉතා හොඳ Gameplay අත්දැකීමක් ලබා ගැනීම සඳහා මෙම Chromebook පරිගණක වෙත NVIDIA GeForce RTX 3080 අතර්ගත කිරීමට සමාගම තීරණය කර ඇති බව සඳහන් කරයි. මෙම පහසුකම හේතුවෙන් පරිශීලකයන් වෙත Fortnite, Cyberpunk 2077, Crysis 3 වැනි ක්‍රීඩා මෙන්ම 1600p resolution සහ 120 Frame Rate යටතේ ක්‍රීඩා කිරීමද මෙහි අන්තර්ගත වන විශේෂාංග හේතුවෙන් ක්‍රීඩ කිරීමට හැකියාව පවතී. Real world අත්දැකීමක් සමග පරිගණක ක්‍රීඩා කිරීම සඳහා මෙම RTX 3080 හේතුවෙන් අවස්ථාව ලැබේ.

තවද සමාගම විසින් Xbox Cloud Gaming (Beta) යෙදවුමක් ලෙස Chromebook සඳහා ලබාගැනීමේ හැකියාව පිළිබඳව Microsoft සමාගම සමග සාකච්ඡා සිදුකර තිබේ. එමගින් එම යෙදවුම හරහා Xbox හි පවතින දහසකට අධික පරිගණක ක්‍රීඩා භාවිත කිරීමට අවකාශය හිමිවනු ඇත.

1500 කට අධික ක්‍රීඩා ප්‍රමාණයක් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකිවීම

ලොව මේ වන විට සිටින ප්‍රධානතම Cloud Gaming Platforms තුනක් වන Xbox Cloud Gaming(beta), NVIDIA GeForce NOW සහ Amazon Luna විසින් පරිශීලකයන් වෙතට සම්පූර්ණ පරිගණක ක්‍රීඩා සහ Console Games සෘජුවම ලබාගැනීමට ඉඩප්‍රස්තාව සලසා ඇත. එමෙන්ම මෙම යෙදවුම් Chromebook තුළ භාවිතා කිරීමේදී කිසිඳු අවහිරයකින් මෙන්ම අපහසුතාවයකින් තොරව එම ක්‍රීඩා සඳහා ප්‍රවේශ වීමට හැකියාව පවතී.

මේ ආකාරයෙන් ඉතාමත් වැදගත් විශේෂාංගයන් රැසක් සමගින් ඉදිරියට පැමිණෙන මෙම පරිගණක පෙළ ඇමෙරිකානු ඩොලර් 500 ත් 800ත් අතර විය හැකි බව තහවුරු නොකළ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මතයයි. කෙසේ වෙතත් මෙහි නිකුත් වීම ඔස්සේ ඉදිරියේදී Gaming Platform තුළ විශාල පෙරළියක් වනු ඇති බවට බොහෝ විචාරකයින් මත පළ කරනු ලබයි. නමුත් මා විසින් පෙර සඳහන් කළ Cloud Gaming සඳහා අත්‍යාවශ්‍යම කරුණ අප හට සපුරා ගත නොහැකි වුවහොත් තවත් බොහෝ කාලයක් ගතවන තෙක් අප රටේ බහුතරයකට මෙය සිහිනයක් පමණක් වනු ඇත.

Sources: blog.google theverge.com venturebeat.com digitaltrends.com