Loading...
iOS 14 Developer Beta 2 release වෙයි, අළුතින් වෙනස්කම් කීපයක්

කාගෙත් අවදානයට ලක්වුන Apple සමාගමේ Mobile OS එක වන iOS හි නවතම සංස්කරනය මීට සති දෙකකට මත්තෙන් එලිදක්වනු ලැබුවා. මෙය iOS 14 ලෙස නම් කර තිබූ අතර වසර 13 කට අදික iOS ඉතිහාසයේ බාහිර වෙනස් කම්. රැසක්ම සමග මෙය පැමිනියා. ඉතිං එදා ජුනි 22 දින රාත්‍රියේ එලිදක්වනු ලැබුනු iOS 14 හි beta program එකෙහි දෙවන කඩයිම ඊයේ Apple සමාගම එලිදක්වනු ලැබුවා. මෙයට අමතරම WatchOS 7 beta 2 , macOS 11 beta 2 , tvOS beta 2 , iPadOS 14 beta 2 ද පැමිනියා.

ඉතිං මේ නව beta සංස්කරනයේ Apple සමාගම තව තවත් iOS 14 improve කරන්න සමත් වෙනවා. මෙය 485MB කින් පමන සමන්විත උන අතර එය එකිනෙක Device සමග වෙනස් වෙන්න පුලුවන්. ඉතා කුඩා design elements වල widget වල පෙනුම ද මෙයට අයත් වෙනවා ඒ වගේම Calendar App එක සදහා නව icon එකක්ද Clock Application එක සදහා තරමක් පෙනුමෙන් වෙනස් icon එකක්ද හදුන්වා දී තිබෙනවා.

ඒ වගේම නව Files Application widget එකක්ද Photos widget එක සදහා Large ප්‍රාමානයේ සංස්කරනයක්ද මේ හා එලිදක්වා තිබුනා. ඒ වගේම widget gallery එකෙහි සියුම් වෙනස් කම්ද මෙයට ඇතුලත්. තවද Magnifier සදහා වූ stand alone application icon එක ඉවත් කිරීමද සිදු කර තිබුනා.

මෙවැනි ඉතා සියුම් design වෙනස්කම් සමග beta 2 හි වැඩි අවදානය යොමු වන්නේ performance හා stability සදහායි. iOS 13.5.1 වලට වඩා performance අතින් තරමක් පහලින් තිබූ iOS 14 Beta 1 මේ නව සංස්කරනය සමග multicore performance iOS 13.5.1 තරමටම ගැනීමට iPhone 11 Pro Max වැනි නව device වලට හැකි වෙනවා. ඒ වගේම පැරණි device වල තිබූ විවිද දෝශ 40+ ට අදික ප්‍රමානයක් නිරාකරනය කිරීමටද Apple සමාගමට හැකි වී තිබුනා.

අනෙක් විශාල වෙනස වන්නේ Battery life එකයි. සාමාන්‍යයෙන් මුල් අදියරේ beta software එකක යම්තාක් දුරකට දුර්වල battery life එකක් තිබීම සාමාන්‍ය කරුනක් නමුත් මෙය improve කිරීමට iOS 14 beta 2 වලදී හැකි වෙලා තියෙනවා. තවමත් iOS 13.5.1 තරම් නැති උනත් iOS 14 beta 1 වලට වඩා 10% පමන improvement එකක් තිබෙන බවයි වර්තා වෙන්නේ.

කෙසේ වෙතත් තවමත් stable beta එකක් නැති වීම නිසා ඔයා day to day use කරන iPhone එකකට මේ software එක දාන්න නම් recommend කරන්න අමාරුයි. ඒත් Public Beta Program එක තවත් සතියකින් දෙකකින් පටන්ගන්නට නියමිත නිසා Final Release එක එනකන් බලන් ඉන්න අමාරු නම් මේ Public Beta Program එකට Join වෙන එක Recommend කරන්න පුලුවන්.