Loading...
Dual SIM භාවිතා කිරීමේදී iPhone 12හි 5G භාවිතා කිරීමට නොහැකි දෝෂයක් මතු වේ

මෑතකදී 5G තාක්ෂණය සහිතව තවත් නව පහසුකම් සහිතව Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකතන පෙල වන iPhone 12 series එක හඳුන්වා දෙන ලදී. එහිදී Apple සමාගම iPhone 12 series එලිදැක්වීමේ event එකේදී 5G තාක්ෂණය පිළිබඳව ඕනවටත් වඩා සඳහන් කරමින් කතා කල අතර එයට ඇමරිකානු දුරකතන ජාල සේවා සපයන්නෙකු වන Verizon ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Hans Vetsbergද සම්බන්ධ කරගනිමින් Verizonහි Ultrawide band 5G ආවරණය පිළිබඳවද සාකච්ඡා කිරීම සිදු කෙරිනි.

එමෙන්ම මේ වන විට iPhone 12 සහ iPhone 12 Pro වෙත ලැබෙමින් පවතින pre-orders සලකා බැලීමේදී එය iPhone 11 සහ iPhone 11 Pro වෙත ලැබුනු pre-orders ප්‍රමාණය ඉක්මවා යන බවට ඇස්තමේන්තු ගත වාර්තාද නිකුත් වී ඇත.

ඒ කෙසේ වෙතත්, Apple සමාගමට iPhone 12හි 5G සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඇති ඉතාමත් වැදගත් දෝෂයක් සඳහන් කිරීමට අමතක වී ඇත.

ඔබ විසින් iPhone 12හි දුරකතන සම්බන්ධතා දෙකක් භාවිතා කරන විටකදී එම සම්බන්ධතා දෙකෙන් එකකටවත් 5G ජාලය භාවිතා කිරීමට ඇති හැකියාව අහිමි වි යන අතර ඒ පිළිබඳව සඳහන් කරමින් එය ස්ථීර කරන ලද ප්‍රකාශයක් Reddit සමාජ ජාලයේ සඳහන්ව තිබුණි. එම අදාල ප්‍රකාශය පරික්ෂා කිරීමට ඔබට පහත reddit පල කිරීම හරහා පුළුවන. ඊට අමතරව එම ප්‍රකාශයේ screenshot එකකත ඔබගේ පහසුව සඳහා අප විසින් පහතින් දක්වා ඇත.

iPhone 12 Modem and Verizon Esim from verizon

ඒ අනුව Apple සමාගම විසින් Apple සමාගමේ අලෙවි නියෝජිතයන්ට, Apple සමාගමේ බලයලත් අලෙවි නියෝජිතයන්ට සහ ජංගම දුරකතන ජාල වෙත ලබාදෙන පුහුණු වාර්තාවේ මේ පිළිබඳව සඳහන්ව ඇත්තේ පහතාකාරයටය

Does 5G work with Dual SIM? - When using two lines in Dual SIM mode, 5G data isn’t supported on either line and will fall back to 4G LTE. If customers are using eSIM only and are on a 5G supported carrier and service plan, they’ll have 5G access.

MacRumors වෙබ් අඩවියට අනුව Apple සමාගම විසින් මෙම දෝශය නිවැරදි කරමින් ඒ සඳහා software update එකක් ඉදිරියේදී ලබාදීමට සූදානම් වන බව සඳහන් වුනත් මේ පිළිබඳව මේ වන තුරුත් Apple සමාගම විසින් කිසිඳු අදහසක් ප්‍රකාශ කර නැත. නමුත් දැනට පවතින තත්වය අනුව iPhone 12හි dual sim භාවිතා කරන්නේ නම් ඔබට 5G භාවිතා කිරීමේ හැකියාව නොලැබී යනු ඇත.

ඉදිරියේදී මෙම ගැටළුව සඳහා විසඳුම් software update හරහා ලබාදෙනු ඇතැයි නිලනොලත් මාර්ග වලින් ප්‍රකාශ කලද Apple සමාගම ඒ පිළිබඳව ප්‍රකාශයක් නොකිරීම මත සහ අවිනිශ්චිතතා මත තමන්ගේ මිලදී ගැනීම සිදු නොකල යුතු බව විශ්ලේෂ්කයන්ගේ අදහසයි.

Sources: GSMArena, Mashable