Loading...
Apple සමාගම විසින් iPhone 16 සහ iPhone 16 Plus එළිදැක්වීමට කටයුතු කර​යි

ඇපල් සමාගම විසින් 2024 වර්ෂය සඳහා වන iPhone 16 මාදිලිය නිකුත් කිරීමේ අවස්ථාවේ iPhone 16 Pro මාදිලීන් පිළිබඳව අප ගෙන ආවා ඔබට මතක ඇති. ඒ ලිපිය ඔබට පහතින් කියවීමට හැකියි.

Apple සමාග​ම iPhone 16 Pro ස​හ iPhone 16 Pro Max එළිදැක්වීමට කටයුතු කර​යි
තාක්ෂණික ලෝකය පිළිබඳව අවදානයෙන් ඉන්න හැමෝම බලාගෙන ඉන් නේ ඇපල් සමාගම විසින් සෑම වසරකම එළිදක්වන නවතම ජංගම දුරකතන මාදිලිය එළිදැක්වීම ගැන. 2024 වර්ෂය සඳහා වන නවතම ජංගම දුරකතන මාදිලීන් ලෙසින් ඇපල් සමාගම ඊයේ දිනයේදී (සැප්තැම්බර් 9, 2024) දිනයේදී iPhone 16 මාදිලිය එළිදක්වනු ලැබුවා. මේ සමඟින් iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max යන මාදිලීන් එළිදැක්වීම සිදු කෙරුනා. මේ වන විට ලෝකය පුරාවටම උන්මාදයක් ලෙසින් පැතිර ගොස් ඇති කෘත්‍රීම බුද්ධිය අඩංගු කරමින් ඇපල් සමාගම ඔවුන්ගේ නවතම ජංගම ද

සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී එලිදැක්වෙන iPhones වල entry level flasgship දුරකතනය ලෙසින් සැලකෙන Pro නොවන (iPhone Vanilla) ජංගම දුරකතන මාදිලිය ලෙසින් මෙවර එලිදැක්වුනු iPhone 16 සහ iPhone 16 Plus යන මාදිලීන් ද්විත්වයහි design එක මෙවර වෙනස් කිරීමට ඇපල් සමාගම විසින් කටයුතු කර තිබෙනවා. මෙහිදී Aerospace grade aluminum සහ second-gen Glass Ceramic Shield එකක් යොදා ගැනීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා.

Pill-shaped කැමරා​ව

මෙතෙක් කල් පැව​ති හැඩය වෙනස් කරමින් iPhone 16 හරහා ඇපල් සමාගම නව පෙනුමක් ලබා දීමට කටයුතු කර තිබෙන්නේ සිරස්ව පිහිටි pill-shaped කැමරා පද්ධතියක් ලබා දීමෙ​නි. 48MP Primary Fusion wide ස​හ 12MP ultra-wide sensor එකකින් මේ කැමරා පද්ධති​ය බල ගැන්වෙන අතර මේ හරහා iPhone 16 සඳහා Macro Photography පහසුකම හිමිවනවා. මේ කැමරා පද්ධතිය හරහා වැඩි details සහිත low-light shots ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇති බව ඇපල් සමාගම සඳහන් කර සිටියා.

Camera Control Button

iPhone 16 සහ 16 Plus සඳහාද කැමරාව සඳහා ව​න නව Camera Control button එක ලබා දීමට කටයුතු කර ඇති අතර ඒ හර​හා කැමරා ඇප් එක විවෘත කිරී​ම, දෙපසට swipe කිරීම හරහා zoom in සහ zoom out කිරීම, Focus adjust කිරී​ම සහ තවත් දෑ සිදු කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලැබී තිබෙනවා. මේ Camera control button එක Visual Intelligence පහසුකම් සඳහාද සහය දක්වනු ලබනවා.

මීට අමතර ඇපල් සමාගම විසින් ඔවුන්ගේ පෙර පැවති Mute switch එක සඳහා සමු දෙන්නේ iPhone 16 ස​හ 16 Plus වෙතද progammable Action Button එක ලබා දීමත් සමඟිනි.

A18 Bionic chipset

මේ දුරකතනයන් ද්විත්වයම බලගැන්වෙන්නේ නවත​ම A18 Bionic chipset එක මඟිනි. මෙ​ය second-gen 3nm technology එක භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර මේ සතුව 6-core CPU එක​ක් 5-core GPU එකක් ස​හ 16-core Neural Engine එකක් සතු වනවා. වසර දෙකක් පුරාවට iPhone Vanilla models සඳහා එකම chipset එක භාවිතා කිරීමෙන් අනතුරුව ඇපල් සමාගම iPhone 16 සඳහා A18 Bionic chipset එක භාවිතා කිරීමට කටයුතු කර තිබෙනවා. මේ හරහා Apple Intelligenceහි පහසුකම් සඳහා වන සහය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

අනෙකුත් තොරතු​රු

මෙ දුරකතන දෙකම Super Retina XDR OLED display වලින් සමන්විත වන අතර iPhone 16 සහ 16 Plus පිළිවෙලින් අඟල් 6.1ක සහ අඟල් 6.7ක තිරයන්ගෙන් යුක්ත වනවා. මෙවරත් ඇපල් සමාගම මේ මාදිලි දෙක සඳහා නම් ලබා දී තිබෙන්නේ 60Hz display පමණි. මෙම දුරකතන 128GB, 256GB, යන 512GB ධාරිතාවයන්ගෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.