Apple සමාගම විසින් iPhone සඳහා RCS (Rich Communication Services) පණිවිඩකරණය පසුගිය සැප්තැම්බර් මස නිකුත් කළ iOS 18 සංස්කරණයත් සමඟ ලබා දුන්නා. දැන් මේ සඳහා end-to-end encryption (E2EE) ලබා දෙන බවත් වාර්තා වනවා. මෙය ඩිජිටල් සන්නිවේදනයේ ලොකු වෙනසක් වනවා මෙන්ම iPhone සහ Android පරිශීලකයන් අතර පණිවිඩකරණය ආරක්ෂිත කරනවා. ඒ වගේම Apple හි privacy ප්‍රතිපත්තියට ගැලපෙන පියවරක්.
GSMA (GSM Association) සහ Apple එකතු වෙලා RCS Universal Profile 3.0 හඳුන්වා දුන්නා. මේකේ Messaging Layer Security (MLS) protocol එක හරහා E2EE ලබා දෙනවා. Apple සමාගම දක්වන පරිදි, "iMessage ආරම්භයේ සිටම E2EE තිබුණා; දැන් අපි GSMA එක්ක එකතු වෙලා RCS වලටත් මේ ආරක්ෂාව ගේනවා. iOS, iPadOS, macOS, සහ watchOS වලට මේක ඉදිරි software updates හරහා එකතු වෙනු ඇති බව දැක්වෙනවා.
RCS කියන්නේ මොකක්ද?
RCS කියන්නේ SMS (Short Message Service) වෙනුවට ආව නව පණිවිඩකරණ තාක්ෂණයක් ලෙස සරලව දක්වන්න පුලුවන්. මේ පිළිබඳව අප මීට පෙර ගෙන ආ ලිපිය පහතින් බලන්න පුලුවන්.

2024 සැප්තැම්බර් මාසයේ iOS 18 එක්ක Apple RCS වලට සහය දුන්නත්, E2EE ලබා දීමක් සිදු වුණේ නැහැ. Android හි Google Messages වලට Google හි Signal Protocol එකෙන් E2EE තිබුණත්, Apple ඒක භාවිතා කළේ නැහැ. GSMA හි සම්මතය විතරක් භාවිත කරනු ලැබුවා. දැන් Universal Profile 3.0 එක්ක MLS protocol එක හරහා iPhone-to-Android පණිවිඩත් ආරක්ෂිත වෙනවා.
End-to-End Encryption (E2EE) ඇයි වැදගත්?
E2EE කියන්නේ පණිවිඩය යවන්නාගෙන් ලබන්නාට යනකම් රහසිගතව තියෙන තාක්ෂණයක්. Apple, Google, හෝ carriers ටවත් ඒවා බලන්න බැහැ. RCS වලට E2EE ලැබෙනවා කියන්නේ iPhone සහ Android අතර සාමාන්‍ය texting වුණත් දැන් ආරක්ෂිතයි.

RCS vs. iMessage vs. WhatsApp
ලක්ෂණය |
RCS (E2EE) |
iMessage |
|
Encryption |
MLS හරහා E2EE |
E2EE (PQ3) |
E2EE (Signal) |
Platforms |
iPhone + Android |
Apple විතරයි |
iPhone + Android |
Features |
Rich media, groups |
Rich media, apps |
Rich media, calls |
Default App |
Messages app |
Messages app |
Third-party app |
RCS දැන් iMessage එක්ක තරඟ කරන්න තරම් ශක්තිමත්. නමුත් WhatsApp තවමත් cross-platform භාවිතයේ ඉදිරියෙන්.