Loading...
iPhone වල Battery Cycle Count එක හරියට බලාගමු

ගොඩාක් දෙනා නිතරම අහන ගැටලුවක් තමයි iPhone එකේ බැට්‍රි එක නරක් වෙලාද නැත්තම් අලුත් බැට්‍රි එකක් දාන්න ඕන කොයි කාලෙන්ද කියන එක. මේකට සරලව iPhone එකේ Battery Health Feature එක පාවිච්චි කරන්න පුලුවන් උනත් අද මම පෙන්නන්නේ ඊට ටිකක් එහාට ගිහින් කොහොමද Battery Cycle Count එක බලන්නේ කියලා.

මේකට මුලින්ම කරන්න කරන්න ඕන Settings —> Privacy —> Analytics & Improvements —> Analytics Data කියන section එකට යන එක.

ඊට පස්සේ Scroll Down කරන්න අන්තිමට තියෙන Log-Aggregated File එකට.

File එක Open කරලා Text සියල්ල Copy කරගන්න. (Text කොටසක් සිලෙක්ට් කර Scroll Down කරලා එන Contextual Menu එකෙන් Copy Option එක තෝරන්න)

Copy කර ගනිපු Text එක අලුත් Note එකකට Paste කර ගන්න.
ඊලගට Note App එකේ Share Option එකට ගිහින් Find in Note Select කර BatteryCycleCount කියන වචනය Search කරන්න. [Image 3] [Image 4]

මේ ක්‍රමයට ඔයාගේ iPhone එකේ Battery Cycle Count එක බලා ගන්න පුලුවන්. එතන තියෙන අගය 500ට ආසන්න නම් ගොඩක් වෙලාවට Battery එක Replace කරන්න වෙයි.