Gmail සේවාව Google සමාගම විසින් 2024 අගොස්තු 1වන දින සිට නැවැත්වීමට කටයුතු සිදු කරන බවට Google සමාගම විසින් Email පණිවුඩයක් ලැබුණු බව මීට දින කිහිපයකට පෙර සිට එහි Screenshots සමග පරිශීලයන් විසින් X සටහනන් තබමින් ප්‍රකාශ කොට තිබෙනවා.
කෙසේවෙතත්, Google සමාගම විසින් "Gmail is here to stay." ලෙසින් නිල X සටහනක් තබමින් අදහස් කර ඇත්තේ මෙය අසත්‍ය පණිවුඩයක් බවයි.
Gmail is here to stay.
— Gmail (@gmail) February 22, 2024

කෙසේවෙතත් Google සමාගමේ මෙවන් සේවාවන් නවතා දමන්නේ නම්, ඔවුන් වීසින් නිල Blog සටහනක් පළ කිරීම සහ killedbygoogle.com වෙබ් අඩවියට එම සේවාව ඇතුලත් කිරීමක්ද සිදු කරනු ලබනවා.
Source: beebom.com