Loading...
එළිදැක්වීමට නියමිත Pixel 9 Series එකේ මිල ඩොලර් 100ක පමණ වැඩි වනු ඇතැයි වාර්තා වේ

ඔබ මේ වන විටත් දන්නවා Google සමාගමේ නවතම Pixel Series එක වන Pixel 9 Series එක එළඹෙන 13 වනදා නිල වශයෙන් නිකුත් වීමට නියමිත බව. ඒ අනුව මෙහි දී Google Pixel 9, 9 Pro, 9 Pro XL සහ 9 Pro Fold යන Devices නිකුත් වනු ඇතැයි දැනට වාර්තා වන තොරතුරුවලට අනුව බලාපොරොත්තු වන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව මෙවර Pixel Series එක පසුගිය වසර නිකුත් වු Pixel 8 Series එකට වඩා ඩොලර් 100කින් පමණ වැඩි මිලකට නිකුත් කරනු ඇතැයි දක්වන්න පුලුවන්.

Image - 9to5 google

ඒ අනුව Pixel 9 Smartphone එක ඩොලර් 799කටත්, Pixel 9 Pro Smartphone එක ඩොලර් 999කටත්, Pixel 9 Pro XL Smartphone එක ඩොලර් 1099කටත් සහ Pixel 9 Pro Fold Smartphone එක ඩොලර් 1799 - 1919 අතර මුදලකටත් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Sources: 9to5google.com bgr.com