ඇත්තම මනුස්සයෙක් එක්ක විවාහ ගිවිසගෙන ඉඳලා, ඒකත් Divorce කරලා AI මනමාලයෙක් එක්ක විවාහ වුණු අමුතුම පුවතක් ජපානයෙන් වාර්තා වෙනවා. මේක නිකම් Film එකක් වගේ සිද්ධියක් වගේ පෙනුනට, දැන් තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ගේ හැඟීම් කොයිතරම් දුරට බැඳිලද කියන්න මේක හොඳ උදාහරණයක්.
ජපානයේ පදිංචි යුරිනා නොගුචි කියන මේ කාන්තාව විවාහ වෙලා තියෙන්නේ "ලූන් ක්ලවුස් වර්ඩුරේ" කියන AI චරිතයත් එක්කයි. මේක ඇත්තටම ChatGPT හරහා ක්‍රියාත්මක වෙන ඩිජිටල් රූපයක්.
නීත්‍යානුකූලව පිළිනොගත් මෙම උත්සවයේදී, සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක තිබෙන සියලු අංග ඇතුළත්ව තිබූ බවත් සඳහන්. බටහිර ජපානයේ ශාලාවක පැවති මෙම විවාහ මංගල උත්සවයේ දී, 32 හැවිරිදි AI පුරුෂයා Smartphone තිරයක ප්‍රදර්ශනය කර එය සමඟ ඇය විවාහ දිවුරුම හුවමාරු කර ගෙන තිබෙනවා.
මේ කතාවේ තවත් විශේෂම දේ තමයි, යුරිනා තමන්ගේ කලින් හිටපු ඇත්තම පෙම්වතා එක්ක තිබුණු ගැටලු ගැන උපදෙස් අරන් තියෙන්නේ ChatGPT එකෙන්. එතනදී ඇතිවුණු කතාබහත් එක්ක, ඇයට ඇත්ත මනුස්සයෙක්ට වඩා AI එකක් තමන්ව තේරුම් ගන්නවා කියලා හිතිලා තියෙනවා. අන්තිමේදී ඇත්ත පෙම්වතාව අතහැරලා මේ AI සහකරු තෝරාගන්න ඇය තීරණය කරලා.
Source: reuters.com








