Loading...
Keylogger Trojan එකක් කියන්නෙ මොකක්ද ?

Keylogger Trojan virus එකක් කියන්නෙ keystrokes log කරගන්න program එකක්. මේකේ බයානක දේ තමා අපි enter කරන passwords සහ usernames log කරගැනීමයි.

Trojan keylogger එකක් install වෙන්නෙ regular program එකත් එක්කමයි user ට නොදැනී. මේ Trojan keyloggers වලටම keystroke malware,keylogger viruses සහ Trojan horse keyloggers කියලත් කියනවා.

සමහර business මේ ජාතියේ programs use කරනවා keystrokes log කරන employees ලගේ computer usage track කරන්න internet activity monitor කරන්න එහෙම මේවත් technically keyloggers තමා නමුත් malicious නෙමේ.

මොනවද මේ Keylogger Trojan එකක් කරන්නෙ

Keylogger එකක් තමන්ට identify කරන්න පුළුවන් හැම keystroke එකක්ම monitor කරලා log කරගන්නවා. ඊටපස්සෙ locally store  කරගන්නවා hacker ට share කරන්න physically හෝ online.

Keylogger එහෙකට ඕනෙම දෙයක් record කරගන්න පුළුවන් program කරලා තියෙන විදියට monitor කරන්න.

සමහර keystroke malware තියෙනවා specific  activity එකක් වෙනකන් බලන් ඉදලා record කරන්න පටං ගන්න.  උදාහරෙනකට ගත්තොත්  program එක බලං ඉන්නවා අපි web browser එකක් open  කරලා bank website එකක් access  කරනකන් පටං ගන්න.

Trojan keylogger එකක් අපේ computer එකට බොහෝ විට එන්නෙ anti-virus software outdated, turned off හෝ ඇත්තෙම නැත්තම්.Trojan keyloggers සහ අනෙකුත් virus කාලයත් එක්ක upgrade වෙනවා අලුත් versions වලට අලුත් strategies එක්ක ඒ හින්දා ඒවා recognize කරන්නැති  anti-virus software හරහා pass වෙන එක ලොකු දෙයක් නෙමේ ඒවට.

Keylogger එකක් computer එකට ඇතුල් වෙන්නෙ executable file එකක් විදියට .exe ෆයිල් එකක් වගේ. එහෙම තමා අපේ computer එහෙක තියෙන ඕනේම program එකක් launch කරන්න පුලුවන් වෙන්නෙ.

Trojan keylogger එකක් Remove කරන්නෙ කොහොමද බැලුවොත්

දැනට තියෙන ගොඩක් anti-virus programs වලට malware වලින් අපේ computer එක protect  කරන්න පුළුවන් keylogger trojans ඇතුළුව. updated anti-virus program එකක් තියෙනවා නම් Avast හෝ AVG වගේ ලොකුවට බයවෙන්න දෙයක් නෑ.

දැනට keylogger එකක් තියෙනවා කියලා හිතෙනවා නම් malware වලට manually scan කරන්න වෙනවා computer එක. Malwarebytes වගේ ඒවා use කරලා. තව option එකක් තමා bootable anti-virus program එකක් use කරන එක.