Loading...
Google ආයතනය නවතා දැමු සේවා 10ක්

Google කියපු ගමන් මතක් වෙන්නේ Google Search Engine එකනේ , මොකද අපි ඕනේ දෙයක් හොයා ගන්න Use කරන්නේ Google නේ.

ඉතින් මේ Google කියන ආයතනය Search engine එකකටම සිමාවු ආයතනයක් නෙවෙයි කියල අපි හැමෝම දන්නවනේ.

අපි හැමෝම පාවිච්චි කරන ගොඩක් Free service අපිට ලබා දෙන්නේ Google ආයතනය විසින්. මේක Android , Apple කියල විශේෂත්වයක් නැ , කෙටියෙන්ම කියනව නම් Pcවලටත් එහෙමම තමා. ඉතින් මේ ආයතනයත් සමහර Service ලබා දිලා ඒවා එයාලා විසින්ම නවත්තලා දාලා තියෙනවා.

ඒ එම සේවාවන්ට ලැබුණු ප්‍රතිචාර හොද නොමැති විමත් , මතුවුන පෞද්ගලික ආරක්ෂක ගැටලු නිසාත් තමයි.ඉතින් එහෙම නවත්තලා දැමුණු Product කිපයක් ගැන තමා අද බලන්න යන්නේ

1.Google Plus (2011 – 2019)

Google සමාගම විසින් 2011 දි Facebook සමාජමාධ්‍ය ජාලයට තරගයක් ලබා දිම සදහා ඉදිරිපත් කරපු Social Media platform එකක් විදිහට මේක ගැන හදුන්වා දෙන්න පුලුවන්.ඒත් මේ Google Plus හිතපු තරම් ජනප්‍රියතාවක් ලබා ගන්න සමත් වුනේ නැ.

කෙසේවෙතත් ඉන් පසුව මතුවු පෞද්ගලිකත්වය හා දත්ත ආරක්ෂාව පිළිබඳව ගැටලු නිසා Google සමාගම මේ Social Media platform එක අතහැර දමනවා.2019 වර්ෂයේදි මෙය ඉවත් කර දැමිමට කටයුතු කරනවා

2. Google Play Music

Google ආයතනය විසින් මෙතෙක් කල් ලබා දුන් Play Music සේවාව YouTube Music සේවාව මගින් නැවත ලබා දිමක් සිදු කරන බවට දැනුම් දිලා තියෙනවා.

ඒ කියන්නේ තාමත් අපිට පාවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙන Play music සේවාව ඉදිරියේදි නැති වි යන බවයි.ඒත් ඒ සේවාව YouTube Music මගින් යලි ලබා දිමක් සිදු කරනවා.
ඒ කියන්නේ Play music හා YouTube Music එකක් වෙලා ඉදිරියේදි අපිට YouTube Music හරහා Play music සේවාවන් ලබා ගන්න පුලුවන්.

මේකට බලපාල තියෙන හේතුව විදිහට Apple Music හා Spotify සමග තරග කිරිමට අසමත් විම කියල කියන්න පුලුවන්.

ඉතින් ඒකට විකල්පයක් විදිහට YouTube Music සමග එකාබද්ද කරල Play Music ඉදිරියේදා YouTube Music නමින්ම හදුන්වා දෙන්න කටයුතු කරල තියෙනවා.

3. Google Nexus

Google Nexus අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැනේ.

2010 දි ලෝකයට හදුන්වා දුන්න මේ Nexus Model එක 2016 දි තාක්ෂණික ලෝකයෙන් ඉවත් වෙනවා.පොඩි විස්තරයක් කියනව නම් Nexus කියන්නේ Google සමාගමේ OpenSoruce OS එක වන Android මත ක්‍රියාකරන Smart Phone එකක්.ඒ 2010 ඉදන් 2016 වෙනකන් එලියට ආපු Nexus Model 8 එක්කයි.

මේ Model 08ම Smart Phone ලෝකයේ දැවැන්ත තාක්ෂණික සමාගම්වලින් තමා නිෂ්පාදනය වුනේ.

1.Nexus One - HTC(2010)
2.Nexus S - Samsung(2010)
3.Galaxy Nexus - Samsung(2011)
4.Nexus 4 - LG(2012)
5.Nexus 5 - LG(2013)
6.Nexus 6 - Motorola Mobility (2014)
7.Nexus 5x - LG(2015)
8.Nexus 6p - Huawei(2015)

මේ Nexus Product එක කියන්නේ Smart Phoneවලටම සිමාවු නිෂ්පාදනයක් නෙවේ.Nexus Tablet Product lineup එකකුත් තියෙනවා.ඒ Nexus 7, 9 , 10 කියන Tablet Device තුන.

ඒ වගේම කියන්න ඔනේ නිල වශයෙන් මේ Product එක අවසන් කරල නැති උනත් මේක Dead උන Product එකක් විදිහට තමා සලකන්නේ.

04. Google TV

Google සමාගම හා LG, Sony හා Intel සමාගම් සමග එක්ව හදුන්වා දුන් Smart Tv එක මේ නමින් හැදින්වෙනවා.

මේකත් අද කාලයේ ජනප්‍රිය Apple Tv , Android Tv වගේම තමයි.ඒත් බලාපොරොත්තුව වු තරම් ජනප්‍රියතාවයක් නොලැබීම හා අනෙක් Brand සමග තරග කිරිමට තිබුනු අපහසුතාවය නිසා 2010 Google TV නමින් හදුන්වාදුන් මෙම නිෂ්පාදනය නවතා දැමිමට Google සමාගම කටයුතු කරනවා.

05. Google Video

මේකත් නිකන් YouTube එක වගේම තමා, ඒ කියන්නේ Video එකක් Upload කරාම ඒක මුලු ලෝකේටම බලන්න පුලුවන්.ඒත් YouTube ආගමනයත් එක්කම Google සමාගම මෙය YouTube හටම විකුණා දමනවා.

ඒ කියන්නේ 2005 දි ආරම්භ වුන මේ Free Could Upload Video සේවාව 2012 දි අවසන් වනවා.

06. Bump

ඔයා Apple fan කෙනෙක් නම් , ඒ කියන්නේ iPhone 4 ඉදන් 6 එක වෙනකන් පාවිච්චි කරපු කෙනෙක් නම් ( 2014ට කලින් ) Bump කියන මේ App එක අනිවාර්යයෙන් Use කරල තියෙන්න ඕනේ.මේ Application එක හදුන්වා දෙන්නේ 2009 දි.

මොකක්ද මේ Bump කියන App එක , හරියට නිකන් Shareit , Xsender වගේ Application එකක් තමයි මේකත්.මේ App එක හරහා iPhone දෙකක් අතර Photos , Video & Files Share කිරිමට පහසුකම් ලබා දිලා තිබ්බා.

ඒ වගේම ඒ දවස්වල මේ App එක Apple free app Chart එකේ උඩින්ම තිබ්බ Application එකක්.ඒ වගේම මේ App එකට Download වාර මිලියන 100 පමණ ලැබිලත් තිබුණා.ඒ වගේම පසුව මේ App එක Android  Userලාහටත් ලබා දිලා තිබ්බා.
නමුත් පසු කාලයකදි ඒ කියන්නේ 2014දි පමණ මේ Application එක ඉවත් කිරිමට Google සමාගම කටයුතු කරනවා.

07. Project ARA

Google සමාගම Motorola සමාගමත් සමග එක්ව ඇරඹු අරැම පුදුම Project එකක් විදිහට අපිට දක්වන්න පුලුවන්.ඒ කියනනේ මේක නිකන් Lego සෙල්ලම් බඩුවක් වගේ.

ඒ කියන්නේ අපිට මේ Smart Phone එකේ කොටස් ගලවලා අපිට අවශ්‍ය විදිහට කැමති වර්ණයෙන් අපිට අවශ්‍ය ස්ථානයේ සවි කර ගන්න පුලුවන්.
ඒ කියන්නේ මේ Project ARA නමින් ආරම්භ වුනේ Customizable Componentsවලින් සමන්විත Smart Phone එකක් නිර්මාණය කිරිම කියල කියන්න පුලුවන්.

මේ Phone එකේ Camera , Speaker , Battery අපට අවශ්‍ය විදිහට අවශ්‍ය පරිදි අවශ්‍ය වර්ණයෙන් හා අවශ්‍ය ස්ථානයේ සවි කර ගන්න පුලුවන්.

නමුත් පසු කාලිනව මතුවු විවිධ ගැටලු නිසා මෙම Project එක නවතා දමන්නට google සමාගම කටයුතු කරනවා.

08. Google Health

අද වෙද්දි Smart Phone එකේ ඉදන් Smart Watch එක වෙනකන් අපේ ශරිර සෞඛ්‍ය හා සම්බන්ධව කටයුතු කරන්න මේ තාක්ෂණික මෙවලම්වල නිෂ්පාදකයින් ක්‍රියාකරල තියෙනවා.
ඒවගේ ප්‍රතිඵල විදිහට ඔයා අතේ දැන් තියෙන Smart phone එකෙත් Health Application එකක් අනිවාර්යයෙන් තියෙනවා.

ඉතින් මේකත් ඒ Health Application එක වගේම Google සමාගම විසින් නිපදවු Application එකක්.මේකට අපේ සෞඛ්‍ය තොරතුරැ ඇතුලත් කරන්න ඔනේ.ඒත් කාලයත් සමග මේ තොරතුරැවල තිබ්බ අනාරක්ෂිත බව නිසා Google ආයතනය විසින් මෙම සේවාව නවතා දමනවා.

මේ සේවාව 2008 දි ඇරඹෙන අතර 2012 දි අත්හිටුවා දමනවා

09. Panaramio

ගොඩක් දෙනෙක් අහම්බෙන්වත් අහල නැති  2016 දි ඉවත් වුනු Google ආයතනයේ තවත් සේවාවක් තමා Panaramio කියන්නෙත්.

මොකක්ද මේ Panaramio කියන්නේ ? මේකෙන් අපිට පුලුවන් උනේ Google Earth හා Google Map හරහා යම් යම් ස්ථානවල Photos Upload කිරිමට පහසුකම් සලසා දිමයි.

නමුත් පසු කලක Google Map හි Google Street view සේවාව වැඩි දියුණු විමත් සමග Google ආයතනය විසින්ම මෙම සේවාව 2016 දි නවතා දැමුවා.

10. Picasa

Picasa කියන්නේ පරිගණකයේ ආපු Software එකක්.සරලවම කියනවා නම් Photo Editor Software එකක් කිවත් නිවරදියි.ඒත් මේක Photo Edit කිරිමටම විතරක් සිමා වෙලා නැ.

ඒ කියන්නේ මේකේ තව විශේෂ features කිපයක්ම තිබුණා.

Face detection technology - දැන් තියෙන හැම Smart Phone එකක වගේම Automatically Photosවල ඉන්න අය අදුරගෙන වෙන වෙන වශයෙන් Albums හැදිමට හැකියාව තියෙනවා.ඉතින් මේ Software එකටත් මෙයාලා මේ feature එක add කරල තියෙනවා.

Add  Place - අපිට පුලුවන් අපේ Photosවල අපි Photo එක ගත්ත location එක නැති නම් මේ Software එක ආදාරයෙන් Location එක tag කරන්න.ඉතින් Location එක tag කිරිම විතරක් නෙවේ.ඒ location අනුව Photos albums කරන්නත් පුලුවන්.

ඒ වගේම කියන්න ඔනේ Google සමාගමේ අනිත් Software වගේම මේකත් ගොඩක් User friendly කියල.