2025 වසර තුල Samsung Smartphonesවලට ලැබෙන දෙවන ප්‍රධාන Android Update එක වන Android 16 මත පදනම් වූ One UI 8.0 මේ වන විට Galaxy s25 සඳහා නිකුත් වීම ආරම්භ වී තිබෙනවා.
One UI 7.0 හි සංවර්ධන කටයුතු සදහා වැඩි කාලයක් ගතවීම හේතුවෙන් One UI 7.1 Version එකක් නොමැතිවම, One UI 7.0 සිට කෙලින්ම One UI 8.0 Version Update එක ලබා දීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා. මෙය විශේෂාංග රැසක් සමඟින් නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.
Galaxy AI
- See calls on the screen - දුරකතන සංවාදයන් එම මොහොතේම caption ආකාරයෙන් පෙන්වීම.
- Create pet portrait - Portrait studio හරහා මිනිසුන්ගේ ඡායාරූපවලට අමතරව බල්ලන් හා පූසන් වැනි සුරතලුන්ගේ ඡායාරූප වලට portrait effects (fish eye lense,oil painting) එක් කිරීමේ හැකියාව.
- මීට අමතරව Audio Eraser මගින් ස්වයංක්‍රියව සුළඟේ ශබ්දය වැනි ඝෝෂාකාරී ශබ්ද ඉවත් කිරීම, Translate Emergency Alerts, Faster AI Select වැනි AI Features රැසක් ලබා දී තිබෙනවා.

අනෙකුත් Features
New lock Screen Clock - Lock Screen එකේ ඇති wallpaper එකට අනුව හැඩගැස්වෙන නව clock style එකක් සමඟින් Wallpaper Suggestion වැනි විශේෂාංගයන්.

Quick Share හරහා පහසුවෙන් File Share කිරීමට නව අතුරු මුහුනතක් හඳුන්වා දීම. Samsung Internet සදහා නව පෙනුමක් මෙන්ම Calculator එක Portrait view එකේදීම Scientific Calculator භාවිතා කිරීමේ හැකියාව ලබා දීම.
Samsung Dex හි වැඩි දියුණුකිරීම් හරහා Samsung Dex භාවිතා කරන විට එම Display එකට Widgets එක් කිරීමේ හැකියාව. එමෙන්ම UI එකේ සහ Animationවල කැපී පෙනෙන වෙනස්කම් දැක ගැනීමට නොහැකි නමුත් පෙරට වඩ Smooth Animation දැක ගැනීමට ලැබෙනවා.
Split Screen Viewහි වැඩිදියුණු කිරීම් සහ Reminder ,Calendar, Samsung Health App සඳහා නව විශේෂාංග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

අමතරව Secure Folder හි වැඩිදියුණු කිරීම් හා Samsung Account හි ආරක්ශාව knox Matrix මගින් දිනපතා සහතික කිරීම.

Galaxy Devices සඳහා One UI 8.0 සංස්කරණය ලැබෙන දිනයන් පහත පරිදි වනවා,
Galaxy Z series
• Z Flip6 → September 2025
• Z Fold6 → September 2025
• Z Flip5 → October 2025
• Z Fold5 → October 2025
• Z Flip4 → October 2025
• Z Fold4 → October 2025
Galaxy S series
• S25 Ultra, S25 Edge, S25+, S25, S24 Ultra, S24+, S24, S24 FE → September 2025
• S23 Ultra, S23+, S23, S23 FE → October 2025
• S22 Ultra, S22+, S22 → October 2025
• S21 FE 5G → October 2025
Galaxy A series
• A56 5G, A36 5G, A55 5G, A54 5G, A73 5G, A35 5G, A34 5G, A33 5G, A16 5G, A15 5G, A26 5G, A06 5G, A06 → October 2025
• A53 5G → November 2025
• A25 5G → November 2025
Galaxy M series
• M56 5G, M55s 5G, M36 5G, M35 5G, M34 5G, M16 5G, M15 5G, M06 5G, M33 5G → October 2025
• M53 5G → November 2025
• M05 → November 2025
Galaxy F series
• F56 5G, F55 5G, F54 5G, F36 5G, F34 5G, F17 5G, F16 5G, F15 5G, F06 5G → October 2025
• F05 → November 2025
Galaxy Tab series
• Tab S10 Lite 5G / LTE, Tab S10 Ultra 5G / LTE, Tab S10+, Tab S10 FE+ 5G / Wi-Fi, Tab S10 FE 5G / LTE → October 2025
• Tab S9 FE+, S9 FE 5G, S9 FE, S9 Ultra 5G, S9+, S9 → October 2025
• Tab S8 Ultra 5G / LTE, Tab S8+ 5G, Tab S8 5G → October 2025
• Tab A11 Wi-Fi → October 2025
• Tab A11 → November 2025
• Tab S10+ → November 2025
• Tab A9+ 5G, A9+ LTE, A9 → November 2025
Other series
• XCover7 → October 2025
මෙම යාවත්කාලීය ඉදිරි මාස කිහිපය තුල ඔබේ One UI 8.0 සදහා සහය දක්වන Galaxy Smartphones වෙත ලැබීමට නියමිත අතර මෙහි ඇතැම් විශේෂාංග Flagship Smartphones සඳහා පමණක් සීමා වනු ඇත.
Source: www.samsung.com








