Loading...
Front-Facing Display එක සඳහා Color Display එකක් යොදමින් GoPro Hero 9 නිපදවීමට සැරසේ

GoPro කියන්නේ Action Camera ලොකේ ප්‍රමුඛයා විදිහට ඉන්න Camera එකක් කිවොත් නිවරදියි. මේ වෙනකොට Gopro Hero 8 Action Camera එකෙන් පසුව නිකුත් විමට තිබෙන්නේ GoPro Hero 9 Action Camera එක. මේ Action Camera එක අනිවාර්යයෙන්ම GoPro Hero 8 Action Camera එකට වඩා වැඩි Features සමග ඔවුන් හදුන්වා දෙයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ වෙනකොට පලවන Leaks & Renders අනුව පෙනි යන්නේ තව දුරටත් GoPro Hero 9 සදහා නම් Additional Front Display එකක් අවශ්‍ය නොවන බවයි. ඒ කියන්නේ මේ Hero 9 Front-Facing Color Display එකක් සමග අපිට දැක ගන්න හැකිවෙන බවයි.

මේ Hero 9 Action Camera එකේ Photos WinFuture වෙබ් අඩවිය විසින් පසුගිය දිනක පලකර තිබුණා. කෙසේ වෙතත් මේ Hero 9 Action Camera එක Front-Facing Display එකක් සහිත පළමු GoPro එක වෙන්නේ නම් නැ. GoPro Max Action Camera එකේ Front-Facing Display එකක් අපිට කලින් බලාගන්න පුළුවන් උනා. නමුත් මෙය GoPro Max Action Camera එක සමග බලද්දි නම් ඉට වඩා සැලකිය යුතු තරමින් ලාභදායක වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම Hero 9 Vloggersලා ඉලක්ක කර නිපදවන බවට කියන්න පුළුවන්.

Front-Facing Display එක වගේම මදක් ප්‍රමාණයෙන් විශාල විම හැරැණු කොට GoPro Hero 8 Action Camera එකටම සමාන Look එකක් මේ Hero 9 Action Camera එකෙත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. Rumorවලට අනුව 5K Shootingවලට මේ Action Camera එක සහය දක්වනු ඇතැයි හිතන්න පුළුවන්. කෙසේ වෙතත් Design එක හැරැණු විට මේ Action Camera එකේ Specifications ගැන නම් තාම නිශ්චිත තොරතුරක් නැ.

Hero Series Action Camera බොහෝ විට සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසයන්වලදි එළිදැක්වෙන බැවින් මේ වසරේත් එම කාලයේදිම මේ Hero 9 නිල වශයෙන් හදුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Android Police & WinFuture