Loading...
OnePlus Nord N10 සහ N100 දුරකතන වල specifications කීපයක් අන්තර්ජාලය හරහා හෙලි වෙයි

OnePlus සමාගම ඔවුන්ගේ Nord smartphones line up එකට එළඹෙන ඔක්තෝබර් 26 වෙනිදා තවත් අලුත් devices දෙකක් එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමා N10 කියන midrange device එක සහ N100 කියන entry-level device එක. ඉතින් Steve Hemmerstoffer (@OnLeaks) ට ස්තුතිවන්ත වෙන්න ඔන්න ඒ devices වල key specs ටික අනාවරණය වෙලා තියෙනවා.

ඉතින් මේ 5G තාක්ෂණයෙන් බලගැන්වෙන OnePlus Nord N 10 device එක නිකුත් වෙන්නේ 90Hz refresh rate එකකින් සමන්විත වෙන 6.49-inch FHD+ display එකක් එක්කයි. මේකේ chipset එක වෙන්නේ Snapdragon 690. ඊට අමතරව 6GB RAM එකක් සහ 128GB storage එකකින් මෙය සමන්විත වෙනවා. Camera system එක ගැන කතා කරොත් 64MP main camera එකක් එක්ක 8MP ultrawide එකක් සහ rear එකේ 2MP sensors දෙකක් දැකගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකට 4,300mAh battery එකක් feature වෙනවා.

Lower-end device එකක් වෙන OnePlus Nord N 100 එක බලගැන්වෙන්නේ 4G තාක්ෂණයෙන් පමණයි. 6.52-inch HD+ LCD screen එකක් එක්ක Snapdragon 460 chipset එකකින් මේක සමන්විත වෙනවා. ඒ වගේම 4GB RAM එකක් සහ 64GB storage එකක් මේකට feature වෙනවා. Camera ගැන කතා කළොත් මේකට feature වෙන්නේ 2MP macro සහ depth sensors දෙකක් එක්ක 13MP primary shooter එකක්. ඒ වගේම 5,000mAh battery එකක් මේකට feature වෙනවා.

ඉතින් මේ devices දෙක position වෙන්නේ OnePlus Nord එකට යටින් නිසා මේවයේ prices බොහෝදුරට €399/£379/$379 වඩා අඩු අගයක් ගන්නවා ඇති කියලයි වාර්තා වෙන්නේ.

Source : GSMArena, TechRadar