Loading...
LG සමාගම LG K52 සහ K62 නමින් K series එකේ නවතම ජංගම දුරකථන දෙකක් හඳුන්වා දීමට සූදානම් වේ

මීට දින කිහිපයකට පෙර LG සමාගම විසින් ඔවුන්ගේ K Series එකේ නවතම Smartphone එක වෙන K42 Smartphone එක නිකුත් කරා. ඒ වගේම මේ වන විට මේ K Series එක යටතේම LG සමාගම විසින් තවත් Devices දෙකක් නිකුත් කිරිමට සුදානම් වි සිටිනවා. ඒ LG K52 හා K62 කියන Devices දෙක. මේ Devices දෙකම අගල් 6.6ක Display එකක්, Quad Camera Setup එකක් හා 4000mAh Batteryවලින් යුතු වෙනවා.

අපි ඉස්සල්ලාම බලමු මේ දවස් කිහිපයකට කලින් නිකුත් වෙච්ච LG K42 Smartphone එක ගැන,‌

අගල් 6.6" HD+ Punch Hole Display එකකින් සමන්විත වෙන මෙය 8MP Front Cameraවක් හා Quad Camera Setup එකකින් යුතු වෙනවා. 13MP Standard lens එකක්, 5MP Wide-angle Lens එකක්, 2MP බැගින් වන Marco හා Depth Sensor දෙකකින් යුතු වෙනවා. 3GB RAM එකකින් හා 64GB Internal Storage එකකින් යුතු වෙන මෙහි 4000mAh Battery Capacity එකක් බලාගන්න පුළුවන්.

LG K62‌‌

අගල් 6.6 LCD FHD+ Hole-punch Screen එකකින් යුතු වෙන අතර මේ Display එක 1080p+ Resolution එකකින් හා 20:9 Aspect Ratio එකකින් යුතු වෙනවා.28MP Selfie Camera එකකින් හා 48MP Main Cameraවකින් යුතු Quad-Camera Setup එකකින් සමන්විත වෙනවා. අගල් 115°ක Field of View එකකින් යුතු 5MP Ultrawide Lens එකක් හා 2MP බැගින් වෙන Marco lens එකකින් හා Depth Sensor එකකින් සමන්විත Quad Camera Setup එකක් ලබා දිලා තියෙනවා.

මේ Device එක බලගැන්වෙන Chipset එක පිළිබඳව තවමත් විස්තරයක් නොමැති වුවත් මෙහි 2.3 GHz octa-core CPU එකක් අඩංගු වෙනවා. 4GB RAM එකකින් හා 128GB Internal Storage එකකින් සමන්විත මෙය Android 10 මෙහෙයුම් පද්ධතිය සමගින් පැමිණෙනවා. ඒ වගේම Side-Mounted Fingerprint Sensor එකකින් හා Google Assistant Button එකකින් ද සමන්විත වෙනවා.USB Type-C Port එකක් ලබා දි ඇති අතර මෙහි Battery Capacity එක වෙන්නේ 4000mAh.

LG K52‌‌

K62 Device එකේ Design එකෙන්ම යුතු වෙන අතර සුලු වෙනස් කම් කිහිපයක් මේ Devices දෙක අතර පවතිනවා. මෙහි Selfie Cameraව 13MP වන අතර  4GB RAM එකකින් හා 64GB Internal Storage එකකින් සමන්විත වෙනවා. ඒ වගේම Micro SD Card Slot එකක් ද ලබා දි තිබෙනවා

මේ K52 හා K62 Devices දෙකම Fingerprint-resistant Matte Finish යුතු පසුපසකින් සමන්විත වෙන අතර සුදු, කලු හා රතු වර්ණවලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ Devicesවල USB-C Port එක USB 3.1 Gen 1 Connectivity එකෙන් යුතු වෙනවා.එමෙන්ම K Series එකේ මේ Devices තුනම MIL-STD-810G Test එකෙන් සමක් වි තිබෙනවා.

LG K62 හා K52 Devices වල මිල ගණන් තවමත් නිවේදනය කර නොමැති අතර මේ Devices Asia, Latin America හා Middle East කලාපය සදහා නිකුත් කිරිමට ඔවුන් සුදානමින් සිටිනවා. LG සමාගම පවසා ඇත්තේ ඔක්තෝබර් මාසයේ දි මේ Devices Europeයට නිකුත් කිරිමට සුදානම් බවයි.

Sources : Gizmochina, Android Police