Loading...
LG Velvet Series එක ගැන තවත් තොරතුරු හෙලිවෙයි

LG Velvet ගැන වැඩි දුර තොරතුරු.

LG Velvet Teaser Video

LG Velvet ගැන මම දාපු කලින් Post එක කියවන්න ඇති කියලා හිතනවා. කියවන්න බැරි උන අයට යට Link එකත් එක්කම දාන්නම් අනිවාරෙන් ඒ Post එක කියවලා මේ Post එක කියවන්න. හරියටම කිව්වොත් ඒකේ ඉතුරු ටික තමා මේ කියන්න යන්නේ. කලින් Post එකේ සදහන් කර කරුන්ත් එක්ක වැඩි දවසක් යන්න කලින් ඔන්න LG ලා එයාලාගේ Brand New Series එක ගැන තවත් Video එකක් සහිතම ඉගි වගයක් පල කරලා තිබුනා.

LG ලා විසින් South Korean Youtube Chanel එකක් හරහා තමා මේ කියන Video එක එලියට දාලා තිබුනේ. කලින් කියපු තොරතුරු තවදුරටත් සනාත කරමින් මේ Series එකේ Desing එක 3D Arc Design එකක් විදිහට LG ලා විසින් හදුන්වාදී තිබෙනවා. ඒ වගේම Rain Drop Camera Setup එකත් Confirm කියලා කියන්න පුලුවන් අපිට මේ හරහා. Vertically Triple Camera Setup එකක් සහා Flasher එකක් සහිතවයි මේ Rain Drop Camera Module එක පැමිනෙන්නේ. මේ Device එකේ Design එක ගැන කතා කරොත් Back Side එකේ Corners වගේම Edge to edge curve ගතියක් බලා ගැනිමට හැකි වෙනවා හරියටම කිව්වොත් Edge Display Phone වල එන Curve Edge එක වගේ තමා මේ Phone එකේ Back Panel එක.

Teaser Video  එකෙහි සදහන් පරිදි අපිට 3.5mm Jack prot එක මේ Device එක සමග පැමිනෙන බවට සදහන් කරන්න පුලුවන්. එ වගේම Dual stereo speakers ද මේ හරහා දැක ගන්න හැකියාව ලැබෙනවා. ( බොහො දුරට විශ්වාස කරන්න පුලුවන් Flagship Level එකේ Audio Quality එකක් මේ හරහා ) Device එකේ Button Placement එක ගැන කිව්වොත් අපිට Traditional placement එකක් බලා ගන්න පුලුවන් Power key එක වෙනමත් Volume Up Down Buttons වලට අමතරව වෙනම Assistant Button එකකුත් අපිට බලා ගන්න පුලුවන් මේ Video එක හරහා.

දැනට ලැබුන තොරතුරු අනුව අනෙකුත් Specs මම පහතින් වෙනම සදහන් කරන්නම්.

Display එක තවමත් OLED එකක් ද කියලා සදහන් කරන්න ආමාරුයි බොහෝ දුරට LG OLED Display එකක් සමග පැමිනේවී ( U Notch Display ). ඒ වගේම මෙම Device එක බල ගැන්වෙන්නේ Qualcomm ලාගේ නවතම Upper Mid Range Chip Set එකක් වන Snapdragon 765 SOC එකත් සමග. මේ SOC එක සමග බොහෝ දුරට අපිට විශිවාස කරන්න පුලුවන් දැනට පවතින LG Device වලට වඩා Price Drop වීමක්. නමුත් මෙය 100% පැහැදිලිව දැනට සදහන් කරන්න නම් අමාරුයි. කොහොම උනත් Snapdragon 765 SOC එක සමග අපිට X52 modem 5G Modem එකද පැමිනේවි කියලා විශ්වාස කරන්න පුලුවන් ඒ සමග 5G Capabilities  අපිට මේ Device එක හරහා බලා ගන්න පුලුවන් වේවි.

Colors ගැන කතා කරොත් දැනට LG ලා විසින් සදහන් කරලා තියෙන්නේ Colors තුනක් ගැන පමනයි Aurora White, Aurora Grey,Aurora Green යන Colors. Aura White යන Color එක හරහා අපිට Glow Effect එකක් වගේ බලා ගැනීමට පුලුවන්. අවසාන වශයෙන් Battery එක 4000mAh දාරිතාවයකින් යුක්ත වන අතර Fast Charging පහසුකමද මේ හරහා ලබා දෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්.

Camera Side එක ගැන තවමත් හරිම තොරතුරක් දැනගන්න ලැබුනේ නැ කොහොම උනත් බොහෝදෙනෙක් මත පලකරලා තිබුනේ 48Mp Main Camera එකක් සහිතව පැමිනෙණ බව.

LG Phones ගැන උනන්දුවෙන් ඉන්න අයට අද ගෙනාපු Post එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඔයාලාගේ යාලුවන්ටත් දැන ගනන් Share කරන්න අමතක කරන්න එපා.