Loading...
postmarketOS එක එක්ක කරලියට එන Linux PinePhone ‘Community Edition’ එක

සති කීපයකට කලින් Ubuntu Touch එක එක්ක PinePhone Community Edition එක රිලීස් කරා. දැන් PINE64 ලා ඒගොල්ලන්ගෙ ඊලඟ community edition එකේ pre-orders භාර ගන්න සූදානම් වෙනවා. මෑතකදි PINE64 ලා announce කරේ ඔවුන්ගෙ ඊලඟ community version එක full fledged PostmarketOS එක්ක feature කරනවා කියලයි.

ඔතින් මේ pre-order එක ජූලී මාසයේ මුල් කාලයේ දී open වෙන්නේ අඩුම මාස එක හමාරකට වගේ කාලයකට. ඉතින් ඔයාට ඔයාගෙ PinePhone එකටත් Ubuntu Touch වෙනුවට PostmarketOS එක ඕනෙ නම්, මේ edition එකෙන් PocketmarketOS එක install කරන්න යන කාලය ඉතුරු කර ගන්න පුලුවන්.

PinePhone PocketmarketOS Community Edition

UBports CE එක වගේම මේකත් stable release එකට කලින් highly revised experimental version එකක්. තවත් දෙයක් තමා මේක PinePhone Braveheart Edition එකේම ඊට වඩා හොද design එකක් motherboard එකක් සහ bug fixes සහිත අනුප්‍රාප්තිකයෙන් විදිහට හඳුන්වන්නත් පුලුවන්.

PostmarketOS

PinePhone Community Editionහි ඇති විශේෂතා

PostmarketOS Community Edition එකේ hardware specifications තාම PINE64 ලා සම්පූර්ණයෙන් ම හෙලිකරලා කරලා නැතත්, අපිට Ubuntu Touch CE එකට සමාන specifications ලැබෙයි කියල අනුමාන කරන්න පුලුවන් කම තියෙනවා.

කෙසේ වෙතත් PINE64 ලා කියන්නේ ඔවුන් PCB (Printed Circuit Board) Version 1.2 එක තවත් tweak designs කීපයක් එක්ක වෙළඳපලට නිකුත් කරන එක ගැන වැඩ කරමින් ඉන්නවා කියලා. ඒ වගේම PinePhone caseback එකේ UBports වෙනුවට PostmarketOS විදිහට නම් කරලා තියෙනවා.

ඉතින් මේකේ hardware specs බොහෝ විට මේ විදිහට වෙන්න පුලුවන්

  • SoC Allwinner A64 Quad Core
  • 2GB LPDDR3 SDRAM
  • 5.95-inch HD Display with 720×1440 resolution
  • Internal storage 16 GB eMMC
  • USB port Type C (power, data and HD digital video out)
  • Wi-Fi 802.11 b/g/n, LTE, Bluetooth 4.0
  • GNSS GPS, GPS-A, GLONASS
  • 5MP rear camera with LED flash and 2MP front camera
  • Sensors — Accelerator, gyro, proximity, compass, barometer, ambient light

postmarketOS එක pre-install කරපු PinePhone

postmarketOS හඳුන්වන්නේ security-oriented සහ lightweight Alpine Linux-based mobile operating system එකක් විදිහට. PinePhone එකත් ඇතුලුව දැනට තවත් mobile devices 200 කට වඩා වැඩියෙන් postmarketOS එක භාවිතා වෙනවා. ඒ වගේම ඔයාගෙ iPhone 7 එකෙත් postmarketOS එක use කරන්න් පුලුවන්.

Ubuntu touch එක වගෙම මේකත් තියෙන්නෙ තාමත් beta stage එකේ. ඒත් basic mobile functions වලට මේක support කරනවා. මේ basic functions වලට phone calls, SMS, mobile data, Wi-Fi සහ touch-friendly user interface එක වගේ දේවල් අයත් වෙනවා.

ඉතින් මේ postmarketOS එක එක්ක එන PinePhone CE එක නිකුත් වෙන්නෙ Phosh user interface එකත් එක්කයි. Phosh කියන්නෙ Liberum 5 කියන Linux smartphone එකට Purism ලා develop කරපු shell එක. ඉතින් modern GNOME desktop user experience එක ලබා දීමට මේ run වෙන්නෙ GNOME components කීපයක් මත. කෙසේ වෙතත් ඔයාට ඔයාගෙ PinePhone එකේ අනිත් user interfaces වෙන Plasma Mobile, Lune UI, සහ Xfce උනත් flash කිරීමෙ හැකියාව ලැබෙනවා.

postmarkeOS phosh menu

Brand new on-device installer එකක් එක්ක offer full disk encryption facility එකත් මේ PostmarketOS CE එක userට ලබා දීම සිදු කරනවා. ඉතින් මේ installation method එකේදි, Encrypted installation එකක් set up කරන්න පලවෙනි boot එකේදි ඔයාගෙන් password එකක් ඉල්ලනවා.

PostmarketOS එක buy කරන්නෙ කොහොමද?

Pre-orders වලට තවම විවෘත වෙලානැති නිසා මේ ගැන හරි තොරතුරක් දෙන්න බෑ. ඒත් ඔයාට පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයො එක්ක රැඳිල ඉන්න. මොකද අපි තොරතුරක් ලද විගසින්ම ඔයාලව දැනුවත් කරන නිසා.

UBports CEවගේම , postmarketOS community edition එකත් බොහෝ දුරට $150 කට වගේ price වෙන්න් පුලුවන් (shipping සහ අනිත් import charges නැතුව).