Loading...
Google Messages සඳහා Message Scheduling ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Google සමාගමේ Messaging Service App එකක් වෙන Google Messages සදහා 'Schedule Send' පහසුකම හදුන්වා දි තිබෙනවා. මේ මගින් Userට අවශ්‍ය Date එක හා Time එක Schedule කල හැකි වෙනවා.

ඒ වගේම මෙය භාවිතය ඉතාමත් පහසු වෙන අතරම අවශ්‍ය ඕනැම අවස්ථාවක එය නැවත Reschedule කිරිම හෝ එම මොහොතේම යැවිමටත් හැකියාව ලැබෙනවා. මෙහිදි අවශ්‍ය Message එක Type කල පසු Send Button එක Press & Hold කිරිමෙන් Messages Schedule Menu එක ලබා ගත හැකි වෙනවා. ඒ තුලින් අවශ්‍ය පරිදි Message එක Schedule කල පසු Send Button එක Tap කිරිම මගින් ඒ Message එක Schedule කර ගත හැකි වෙනවා. ඒ වගේම ඒ Message එක සමග දැක්වෙන "Scheduled message” Tag එක මගින් එය Schedule වු බවට බලා ගන්න පුළුවන්.

මේ Feature එක දැනටමත් බොහෝමයක් Google Messages Userලා සදහා ලැබි ඇති අතර Google Messages App එක එහි නවතම Version එකට Update කර ගැනිමට තුලින් මේ Feature එක භාවිත කල හැකි වෙනවා. මේ Feature එක සහිත Version Update එකක් ඉදිරි දින කිහිපය තුල සියලු Usersලා සදහා ලැබෙනු ඇත.

Source : Gizmochina, Android Police