Loading...
Meta සමාගම විසින් 'Music Gen' නමින් AI Music Generator Tool එකක් හඳුන්වා දෙයි

යම් කිසි ගීතයක් සඳහා සංගීතය නිර්මාණය කිරීම එවැනිම වූ කලා හැකියාවක් ඇති පුද්ගලයෙකු විසින් කළ යුතු දෙයක් වනවා. මේ කාලේ Trend එකක් වුණු AI තාක්ෂණය භාවිතා කරලා මේ සඳහා පීළිතුරක් ලෙස Meta Music Gen නම් AI Tool එකක් හඳුන්වා දීමට Meta සමාගම කටයුතු කරලා තියෙනවා.

දැනට මේ Music Gen AI Tool එක හරහා Text එකක් ලබාදීම තුලින් තත්පර 12ක වගේ කෙටි සංගීත කොටසක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව Audio File එකක් Upload කර ඒ හරහා එයට සමාන සංගීත කොටසක් ලබාගැනීමේ හැකියාවත් තිබෙනවා.

මෙම AI Tool එක වෙත ලබා දුන් Text Prompt සඳහා Generate කරන ලද සංගීත ඛණ්ඩ කිහිපයක් පහත දැක්වේ.

  • Jazzy Elevator Music
  • Lo-fi Slow BPM Electro Chill with Organic Samples
  • Background Piano Music in the Style of Gershwin

මෙම Website එක හරහා ඔබට මේ AI Tool එක අත්හදා බැලිය හැකියි.

MusicGen - a Hugging Face Space by facebook
Discover amazing ML apps made by the community

Meta සමාගම විසින් මේ AI Tool එකට පැය 20 000 කට ආසන්න සංගීතයන් මඟින් එය පුහුණු කර තිබෙනවා. මෙය Open-Source Project එකක් ලෙස නිකුත් කර තිබෙන නිසා ඕනෑම කෙනෙකුට මෙය වැඩිදියුණු කර ඔවුන්ගේ වෙනත් Projects සදහා යොදා ගැනීමේ හැකියාවත් තිබෙනවා.

Source: techcrunch.com