Loading...
Google සමාගමේ Chrome OS සමඟ තරඟ කිරීමට Microsoft සමාගමෙන් Windows 11 SE නම් සංස්කරණයක්

Windows 11 මෙහෙයුම් පද්ධතිය දැනටමත් බොහෝ දෙනෙක් භාවිතා කරනවා වගේම බොහෝ දෙනෙක් ඒ පිළිබඳව සොයනවා. කෙසේ නමුත් තවමත් Windows 11 නිකුත් කර වැඩි දවසක් ගතවී නොමැති නිසා, තවමත් එහි Bugs තිබෙන බව බොහෝ දෙනාගෙන් දැන ගන්නට ලැබෙනවා.

කෙසේවෙතත් Chromebook සමඟ එන Chrome OS වෙත තරගකාරීත්වයක් ලබාදීමට හැකි Windows 11 SE මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වෙන්නේ විශේෂයෙන් ම සිසුන් සඳහා ම යි. ඊටත් අමතරව Microsoft සමාගම විසින් නිපදවන ලද ප්‍රථම Cloud OS එක මෙය වනු ඇති. ඔබට මතක ඇති පසුගිය වසරේදී මේ ආකාරයටම Chromebooks සඳහා තරඟයක් ලබා දීමට Windows 10X නමින් වූ මෙහෙයුම් පද්ධතියක් Microsoft සමාගම නිපදවමින් සිටි බව. නමුත් ඔවුන් පසු කළෙකදී මෙය නවතා දැමූ බව අප ඔබට වාර්තා කළා.

පෙරදී Microsoft සමාගම විසින් ලබා දුන් Windows 10X හි ඇති අවාසිය වූයේ එහි Microsoft Store එකෙහි අඩංගු Apps පමණක් භාවිතා කිරීමට හැකි වීමත් එහි අත්‍යාවශ්‍ය බොහෝමයක් Apps අඩංගු නොවීමත්ය. නමුත් නව Windows 11 SE සංස්කරණයත් සමඟින් Microsoft Office 365 apps pre-installed ආකාරයට ලබා දෙනු අපට දැකිය හැකිය.

අලුතෙන් හඳුන්වා දෙන low-cost devices වෙත මේ නව Windows 11 SE හඳුන්වා දෙන අතර ම එය Microsoft apps සඳහා පමණක් සීමා නොවී Third Party Apps සඳහාද සහාය දක්වන බව තමයි දැන ගන්නට හැකිවන්නේ.

මේ Windows 11 SE සහිත Devices භාවිතා වනුයේ පාසල් පද්ධතියක් සමඟින් නම් ඒ වෙත Install කරගත හැකි Third Party Apps මොනවා දැයි යන්න එහි Adminලාට තීරණය කරගත හැකි වනවා.

Windows 11 සමඟ බැලූ විට Windows 11 SE හි User interface එකෙහි ප්‍රධාන වෙනසක් දැකගැනීමට හැකියාවක් නැහැ. මෙය Low Cost Devices සඳහා කුමන ආකාරයේ ප්‍රවේශයක් ලබා ගත යුතු ද යන්න පිළිබඳව Microsoft ආයතනය විශාල මෙහෙයුම් රැසක් සිදු කරමින් පවතින බව නම් දක්නට ලැබෙනවා.

Source - Microsoft