Loading...
Apple සමාගම Microsoft සමඟ එක්ව Windows 11 වෙත Apple සේවාවන් කිහිපයක් හඳුන්වා දේ

ඔබගේ iCloud එකෙහි ඇති photos දැන් Windows 11 හි photos app එකේ ඔබේ පරිගණකයේ සහ OneDrive එකෙහි ඇති photos සමඟ බලාගත හැකි වනවා. මේ සඳහා ඔබගේ Apple ID එක හරහා sign in විය යුතු වනවා.

ඔබට location සියල්ලේම ඇති photos එකවර බැලීම සඳහා මේ අලුත් update එක මඟින් photos app එකේ "All Photos" ලෙසින් tab එකක් add කරමින් slide bar එක redesign කොට තිබෙනවා.

Apple සමාගම Microsoft සමඟ තවත් බොහෝ දේවල් ද collaborate කර ඇති අතර Apple Music සහ apple TV සහ තවත් Apple Apps,  Microsoft Store එක තුළින් download කර ගත හැකි වනවා.

මේ collaborate එක සමඟ windows පරිශීලකයින්ට apple eco system එකේ යම් පහසුකම් අත්විඳිය හැකි වනවා.

ඉතින් මේ Apple - Microsoft collab එක ගැන ඔබගේ අදහස් මොනවාද? කතා කරමු comment section එකෙන්.

Sources: beebom.com