කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ලොවම අවධානයට ලක්ව ඇති OpenAI සහ Microsoft යන දැවැන්ත සමාගම් දෙක අතර පවතින strategic partnership (උපායමාර්ගික හවුල්කාරිත්වය) දැන් යම් තරමක අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වේ. Financial Time වාර්තා කරන පරිදි, Microsoft සමාගම OpenAI සමඟ සිදු කරන සාකච්ඡා වලින් ඉවත් වීමට පවා සූදානමින් සිටින බව සඳහන් වේ. මෙය AI industry එකේම අනාගතයට බලපාන සැලකිය යුතු වර්ධනයක් ලෙස සැලකේ.
Microsoft සමාගම 2019 වසරේදී OpenAI හි $1 billion ක මුල් ආයෝජනයක් සමඟින් ඔවුන්ගේ partnership එක ආරම්භ කළේය. එතැන් පටන්, Microsoft Azure cloud infrastructure එක, OpenAI හි බලගතු AI models (AI මාදිලි) පුහුණු කිරීමට සහ deployment කටයුතුවලට අත්‍යවශ්‍ය computing power ලබා දුන්නේය. මෙම සහයෝගීතාවය නිසා දෙපාර්ශවයටම AI ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වීමට හැකි විය.
කෙසේ වෙතත්, මේ වන විට දෙපාර්ශවය අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. මෙම ගැටළු සඳහා ප්‍රධාන හේතු කිහිපයක් බලපාන බව වාර්තා වේ:
- Cloud Compute Resources විවිධාංගීකරණය (Diversification of Cloud Compute Resources): OpenAI මේ වන විට Microsoft Azure cloud infrastructure වලට අමතරව Google Cloud infrastructure එකත් භාවිතා කිරීමට agreement එකකට එළඹී ඇති බව වාර්තා වේ. මෙය OpenAI හි Microsoft මත ඇති රඳා පැවැත්ම අඩු කර ගැනීම සඳහා ගන්නා ලද උපාය මාර්ගික පියවරක් ලෙස සැලකේ.
- AI නිෂ්පාදනවල තරඟකාරිත්වය (Competition in AI Products): දෙපාර්ශවයම දැන් consumer chatbots සිට ව්‍යාපාර සඳහා AI මෙවලම් දක්වා වූ විවිධ products වල එකිනෙකා සමඟ සෘජුවම තරඟ කරයි. Microsoft හි AI chief වන Mustafa Suleyman වැනි අය Microsoft සඳහාම secret AI models හදන්න පටන් ගත් බවටත් වාර්තා තිබෙනවා. මෙය OpenAI CEO Sam Altman ට එරෙහිව ඍජු තරඟයක් ලෙස සැලකේ.
Microsoft හි අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වන්නේ, තමන්ගේ investment එක (බිලියන ගණනක ඩොලර්) ආරක්ෂා කර ගැනීමටත්, partnership එකේ අනාගතය පිළිබඳව වඩා පැහැදිලි කොන්දේසි ඇති කර ගැනීමටත් Microsoft දැඩි ස්ථාවරයක සිටින බවයි. OpenAI විසින් පවතින ගිවිසුම් කඩ කරන බවට ඔවුන්ට හැඟීමක් ඇති බව පෙනේ.
මෙම සාකච්ඡා වලින් Microsoft ඉවත් වුවහොත්, එහි OpenAI වෙත සහ සමස්ත AI ecosystem එකටම සැලකිය යුතු බලපෑම් ඇති විය හැකිය:
- OpenAI හි අනාගත AI සංවර්ධනයට සහ deployment කටයුතුවලට මෙය බලපෑමක් විය හැකිය.
- AI තරඟ කාරී වෙළඳපලේ විශාල වෙනස්කම් ඇති කළ හැකි අතර, අනෙකුත් තරඟකරුවටද තම උපාය මාර්ග යළි සලකා බැලීමට සිදුවනු ඇත.
කෙසේ වෙතත්, Microsoft සහ OpenAI යන දෙපාර්ශවයම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් අතර "දිගුකාලීන, ඵලදායී partnership එකක්" ඇති බවත්, "සාකච්ඡා තවදුරටත් සිදුවන" බවත්, "ඉදිරි වසර කිහිපය තුළදීත් එක්ව වැඩ කිරීමට optimistic" බවත්ය. නමුත්, අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, මේ තත්ත්වය AI industry එකේ power dynamics (බල ගතිකත්වය) සහ අනාගත ගමන් මග කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි.
Source: www.ft.com www.reuters.com